කොමර්ෂල් බැංකුවේ ඇන්ඩ්‍රොයිඞ් POS ඒකක, යුනියන්පේ කාඞ්පත්වල ස්පර්ශයෙන් තොර ගෙවීම් පිළිගනී

UnionPay NFC acceptance

 




 

 

කොමර්ෂල් බැංකුවවේ පොයින්ට් ඔෆ් සේල් (POS) උපාංග, යුනියන්පේ කාඞ්පත්වල භාවිත කරන ‘ආසන්න ගෙවීම් සන්නිවේදන’ (NFC) තාක්ෂණය වන ‘QuickPass’ හරහා ස්පර්ශයෙන් තොර ගෙවීම් පිළිගැනීම සඳහා සක‍්‍රීය කර ඇති බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර තිබේ.

මෙම සංවර්ධනයත් සමඟ, NFC-සක‍්‍රිය කළ යුනියන්පේ කාඞ්පත් සහ ‘මොබයිල් ක්වික්පාස්’ සමඟ සම්බන්ධ වූ යුනියන් කාඞ්පත් හිමියන්ට ‘කොම්බෑංක් ඇන්ඩ්‍රොයිඞ් ස්මාර්ට් POS’ ඇති  ඕනෑම වෙළෙන්දෙකු වෙත පහසු සහ ආරක්ෂිත ස්පර්ශයෙන් තොර ගෙවීම් සිදු කළ හැකි අතර රුපියල් 7,500ට අඩු මිල දී ගැනීම් සඳහා PIN එකක් හෝ අත්සනක් අවශ්‍ය නොවන බව බැංකුව පවසයි.

කොමර්ෂල් බැංකුව, මෙරට ප‍්‍රමුඛතම ඇන්ඩ්‍රොයිඞ් POS උපාංග සපයන්නෙක් වන අතර ශ‍්‍රී ලංකාවේ එකම ‘යුනියන්පේ’ කාඞ්පත් නිකුත් කරන්නා ද වේ. බැංකුවේ POS උපාංග, යුනියන්පේ සහ අනෙකුත් කාඞ්පත් ජාල මෙන්ම QR‍ මත පදනම් වූ පසුම්බි ගෙවීම් ක‍්‍රමය ඇතුළුව ලෝකයේ සියලූ ප‍්‍රමුඛතම කාඞ්පත් සන්නාම හරහා ගනුදෙනු සිදු කිරීමට ඉඩ සලසයි.

මෙරට ඇති වඩාත්ම දියුණු ඇන්ඩ්‍රොයිඞ් POS උපාංගය ලෙස ස්ථානගත වී ඇති කොමර්ෂල් බැංකුව විසින් වෙළඳුන්ට නිකුත් කරන ලද ‘ඇන්ඩ්‍රොයිඞ් ස්මාර්ට් POS’, ශ‍්‍රී ලංකාවේ පවතින වැඩිම විකල්ප ගෙවීම් ක‍්‍රම සංඛ්‍යාවකට පහසුකම් සපයයි. එය LANKAQR, යුනියන්පේ QR සහ අනෙකුත් කාඞ්පත්වල QR මත පදනම් වූ ගෙවීම් සඳහා ද යෝග්‍ය වේ.

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් මගින් පුළුල් පරාසයක විහිදුණු ප‍්‍රවර්ධනයන් වසර පුරා සිදුකරයි. බැංකුවේ මැක්ස් ලෝයල්ටි රිවෝර්ඞ්ස් වැඩසටහන යටතේ ක්‍රෙඩිට් කාඞ්පත් සහ ඩෙබිට් කාඞ්පත් හිමියන් යන දෙපාර්ශවයටම ලෝයල්ටි ප‍්‍රතිලාභ ලබාදුන් මෙරට පළමු බැංකුව කොමර්ෂල් බැංකුවයි. මීට පෙර සාම්ප‍්‍රදායික වශයෙන් ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා පමණක් ලබාදුන් ප‍්‍රවර්ධන වට්ටම් ඩෙබිට් කාඞ්පත් සඳහාද ලබාදුන් පුරෝගාමී බැංකුවක් ලෙසද කොමර්ෂල් බැංකුව කැපී පෙනේ.

පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම 11 වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 931 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen + 17 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව