ඩීමෝ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ 42 වන ජාතික සම්මන්ත්‍රණය සහ 20 වන CAPA ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සඳහා රන් අනුග්‍රාහකයෙකු ලෙස සම්බන්ධ වේ

DIMO partners the CA conference 2021 (2)

 




 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගමක් වන ඩීමෝ විසින්, ඔක්තෝම්බර් 6 වනදා සිට 8 වැනිදා දක්වා පැවති ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ  42වන ජාතික සම්මන්ත්‍රණය සහ 20 වන CAPA  සම්මන්ත්‍රණය සඳහා රන් අනුග්‍රාහකයෙකු ලෙස සම්බන්ධ වී ඇත.42 වැනි ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ජාතික සම්මන්ත්‍රණය පැවැත්වීමත්, 20 වැනි ආසියානු පැසිෆික් ගණකාධිකාරී සම්මේලනයේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය (CAPA) පැවැත්වීමත්  හේතුවෙන් වරලත් ගණකාධිකාරී     ආයතනයට මෙම වසර ඉතා වැදගත් වේ.

මෙම අනුග්‍රහකත්වය පිළිබඳ අදහස් දක්වමින්, ඩීමෝ සමාගම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ මහතා මෙලෙස පවසයි.  “පසුගිය දශක අටක කාලය පුරාවට, ඩීමෝ විසින් දේශීය සහ විදේශීය ප්‍රජාවගේ සහ ව්‍යාපාරයන්හි සංවර්ධනය උදෙසා ව්‍යාපෘති සහ වැඩසටහන් රැසක් දියත් කරා.  රටේ ප්‍රමුඛ සමාගම් සමූහයක් ලෙස අප සෑම විටම උත්සහ කරන්නේ, තිරසාර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙමින්, රටේ ආර්ථික සහ සමාජීය සංවර්ධනය උදෙසා දායකත්වයක් ලබාදිය හැකි අවස්ථා සොයා යාමට.  එම අවස්ථා සොයා යාමේ ගමන් මගෙහි තවත් එක් සුවිශේෂී හවුල්කාරීත්වයක් ලෙස ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ 42 වන ජාතික සම්මන්ත්‍රණය සහ 20 වන CAPA ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සඳහා රන් අනුග්‍රාහකයෙකු ලෙස සම්බන්ධ වීමට හැකිවීම හඳුන්වන්න පුළුවන්.  මේ හරහා අනාගත ලොව ජයගැනීමට සූදානම් වන තරුණ   ගණකාධිකාරීවරුන්ගේ සිහින සහ අභිලාෂයන් බලගැන්වීම මෙන්ම ශ්‍රී ලංකාවේ ගිණුම්කරණ ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා සහයෝගය ලබාදීමට හැකිවේ යැයි අප හිතනවා.”

ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවයට පාත්‍ර වූ සමාගමක් වන ඩීමෝ, ඔවුන්ගේ සෑම ව්‍යාපාර ක්ෂේත්‍රයක් හරහාම සමාජයට විශාල සේවාවන් රැසක් සිදු කරයි.  සෑම පාරිභෝගිකයෙකු වෙතම ඉහළ සේවාවක් මෙන්ම සෑම හවුල්කරුවෙකුටම සාධාරණ සහ උසස් සේවාවක් ලබාදීම සඳහා ඩීමෝ සෑම විටම කැපවෙමින් ක්‍රියා කරයි.

වසර 40ක ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරන ජාතික සමුළුවක් වන මෙය, ශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපාර සමුළුවක් වන අතර,  මෙහිදී දේශීය ආර්ථික සංවර්ධනය අරමුණු කරගත් මූල්‍ය හා සම්බන්ධ මාතෘකා, පුළුල් ආර්ථික හා ව්‍යාපාරික ගැටලු පිළිබඳ සාකච්චා පැවැත්විය. මෙවර සමුළුව තුලදී දේශීය හා විදේශීය ක්ෂේත්‍ර ප්‍රවීණයින්, විද්වතුන් සහ ව්‍යාපාරික විශේෂඥයින් විසින් ඔවුන්ගේ දැනුම හුවමාරු කරගත් අතර, සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශන වලට අනුකුලව සමුළුව අවසන් විය.

 

 

 

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව