නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් සහ Samsung වෙතින් ‘Pump Fuel and Win’

Nations Trust Bank American Express Partners with Samsung_Image

 




 

 

2021 ඔක්තෝබර්: නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් තම විශ්වාසී පාරිභෝගිකයින් වෙනුවෙන්ම, ශ්‍රී ලංකාවේ අංක එකේ ස්මාර්ට් දුරකථන සන්නාමය වන Samsung සමඟ එක්වී ‘Pump Fuel and Win’ ප්‍රවර්ධන වැඩසටහන දියත් කර ඇත. මෙම වැඩසටහනේ වාසනාවන්ත ජයග්‍රාහකයන්ට නවතම Samsung Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G ස්මාර්ට් දුරකථන දිනාගැනීමට අවස්ථාව හිමි වේ. ඉන්ධන මිලදී ගැනීම සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් භාවිතා කරන කාඩ්පත් හිමියන් මෙම ප්‍රවර්ධන වැඩසටහන සඳහා සුදුසුකම් ලබනු ඇත.

දිනුම් අවස්ථා හිමිකර ගැනීමට කාඩ්පත් හිමියන් කළ යුතු වන්නේ, දිවයිනේ ඕනෑම ඉන්ධන පිරවුම්හලකදී රු. 2,500/- හෝ ඊට වැඩි වටිනාකමකින් යුත් ඉන්ධන මිලදී ගැනීම සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් භාවිතා කිරීම පමණි. එලෙස ඉන්ධන මිලදී ගන්නා සෑම අවස්ථාවකදීම නව දිනුම් වාරයක් බැගින් හිමිවන අතර, 2021 ඔක්තෝබර් 01 දින සිට 2021 දෙසැම්බර් 31 දක්වා මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වේ.

‘Pump Fuel and Win’ ප්‍රවර්ධන වැඩසටහන අවසානයේ පවත්වන දිනුම් ඇදීමේදී, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් කණ්ඩායම සහ Samsung Sri Lanka සමාගමේ විධායක නිලධාරීන් විසින් ජයග්‍රාහකයන් තෝරාගනු ලබනු ඇත. දිනුම් ඇදීමේ විනිවිදභාවය තහවුරු කිරීම සඳහා එය අමාත්‍යාංශ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ පැවැත්වේ.

“සාමාන්‍ය සම්ප්‍රදායන් ඉක්මවා යමින් කාඩ්පත් හිමියන්ට හොඳම ත්‍යාග හා දීමනා පිරිනැමීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් සෑම විටම උත්සාහ කරනවා. මෙවර වැඩසටහන සඳහා ලොව දැවැන්තම ස්මාර්ට් දුරකථන සන්නාමයක් වන Samsung සමග එක්වී, ඔවුන් මෑතකදී හඳුන්වා දුන් Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G මාදිලි වලට අයත් දුරකථන අපගේ ජයග්‍රාහකයන් වෙත පිරිනැමීමට හැකිවීම අපට මහත් සතුටක්. රු. 2,500/- හෝ ඊට වැඩි වටිනාකමකින් යුත් ඉන්ධන මිලදී ගැනීමට තම කාඩ්පත් භාවිතා කරන සෑම අවස්ථාවකදීම කාඩ්පත් හිමියන්ට දිනුම් අවස්ථාවක් බැගින් හිමිවනවා.” නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ කාඩ්පත් අංශයේ ප්‍රධානී නිලූක ගුණතිලක මහතා පැවසී ය.

Brand Finance Lanka විසින් අඛණ්ඩව වසර 3 ක් තිස්සේ මෙරට වඩාත්ම ආදරය දිනූ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සන්නාමය ලෙස Samsung නම්කර තිබේ. තරුණ තරුණියන් ඇතුළුව සියලුම වයස් කාණ්ඩ වලට අයත් ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් මේ වනවිට Samsung රසික රසිකාවියන් බවට පත් වී සිටිති.

“මෙම හවුල්කාරීත්වය ඔස්සේ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් හිමියන්ට, Samsung සතු නවීනතම තාක්ෂණයේ විශිෂ්ටත්වය කැටිකරගත් ස්මාර්ට් දුරකථන වල හිමිකරුවන් බවට පත්වීමට මහඟු අවස්ථාවක් හිමිවනවා. දේශීය හා ජාත්‍යන්තර පාරිභෝගිකයන් වෙතින් අප වෙත මෙතරම් දැවැන්ත ප්‍රතිචාරයක් ලැබීම අපට මහත් සතුටක්. ක්ෂේත්‍රයේ පුරෝගාමී නිර්මාණ ලෙස හැඳින්විය හැකි Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G දුරකථන මාදිලි ඔස්සේ පෙර නොවූවිරූ අත්දැකීම් පෙළක් හිමිකර ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබේවි.” Samsung Sri Lanka කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුංසු යූ මහතා පැවසී ය.

2021 සැප්තැම්බර් මස 16 වන දින ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද Samsung Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G ඉතාමත් ඉක්මනින් ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය විය. එකවර ක්‍රියාකාරකම් කිහිපයක යෙදීමේදී වුවද බාධාවකින් තොරව විශිෂ්ට ක්‍රියාකාරීත්වයක් ලබාදීමේ හැකියාව මෙම දුරකථන සතු ය. හැකිළිය හැකි දුරකථන මාදිලියක තිරයට යටින් කැමරාව යොදා ඇති ප්‍රථම අවස්ථාව මෙය වන අතර, එම නිසා බාධා විරහිත අඟල් 7.6 ක තිරයක් මීට ලැබී තිබේ. එමෙන්ම S Pen භාවිතා කළ හැකි ප්‍රථම හැකිළිය හැකි උපාංගය මෙය වීම තවත් විශේෂත්වයකි. IPX8 water resistance හැකියාව සමග, Galaxy උපාංග සඳහා මෙතෙක් භාවිතා වූ ශක්තිමත්ම ඇලුමිනියම් වර්ගය වන Armor Aluminum යොදා නිපදවා ඇති මෙම මාදිලි වල තිරය සඳහා, සීරීම් සහ වැටීම් වලදී උපරිම ආරක්ෂාවක් දෙන Corning Gorilla Glass Victus යොදා තිබේ. Stretchable PET5 සහිත ආරක්‍ෂිත ආවරණයක් සහ optimized display panel layers සහිත නිසා, මීට පෙර හඳුන්වා දුන් මාදිලි වලට සාපේක්ෂව මෙම මාදිලි වල ප්‍රධාන තිරයේ කල්පැවැත්ම 80% කින් වැඩි වී ඇත. හැකිළීම් වාර 200,000 ක් දරාගැනීමේ හැකියාව Galaxy Z Fold3 සහ Galaxy Z Flip3 මාදිලි සතු බව Bureau Veritas මගින් තහවුරු කර ඇත. තවද නවීනතම, බලසම්පන්න 5nm ප්‍රොසෙසරයක් සහ 5G band හැකියාව සමගින් වෙළඳපොළට පැමිණෙන නිසා මෙම ස්මාර්ට් දුරකථන පාරිභෝගිකයන්ට සුවිශේෂී අත්දැකීම් පෙළක් තිළිණ කරනු නොඅනුමාන ය.

Business Today සඟරාව මගින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මෙරට විශිෂ්ටතම ව්‍යාපාරික ආයතන 15 අතරට නම් කර තිබේ. පුළුල් පරාසයක පැතිරුණු පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැලපෙන තිරසාර මුල්‍ය සේවාවන් හා විසඳුම් රැසක් හඳුන්වාදී ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් ද විශාල ප්‍රසාදයක් දිනා සිටී. දිගුකළ බැංකු කාලය ආදී පාරිභෝගික කේන්ද්‍රී බැංකු සේවා රැසක් පළමු වරට හඳුන්වා දීමට ද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මුල්විය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ඩිජිටල්කරණ බැංකු අත්දැකීම වන FriMi හඳුන්වාදෙන ලද්දේ ද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසිනි. එමෙන්ම තම කාඩ්පත් හිමියන්ට විශිෂ්ට වටිනාකමක්, සේවාවක් හා සබඳතාවක් නිර්මාණය කරදෙමින් ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් නිකුත් කිරීමේ පූර්ණ බලය ද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සතු වේ. මේ වනවිට දිවයින පුරා නේෂන්ස් ට්‍රස්ට් බැංකු ශාඛා 96ක්  විවෘත කර ඇති අතර, ATM යන්ත්‍ර 127ක් ද ස්ථාපිත කර ඇත. ඊට අමතරව මේ වනවිට බැංකුව මුදල් තැන්පත් කිරීමේ හා ආපසු ගැනීමේ යන්ත්‍ර 48ක් ද ස්ථාපිත කර ඇති අතර, Lanka Pay ජාලය ඔස්සේ තවත් ATM යන්ත්‍ර 3,700කට අධික සංඛ්‍යාවක් සමඟ සම්බන්ධ වී සිටී.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව