75 වැනි නිදහස සනිටුහන් කරමින් සියලුම ශ්‍රී ලාංකිකයින්ට හච් ‘කතා නිදහස’ මඟින් සහන පිරිනමයි

Katha Nidahasa Logo_Sinhala (LBN)

 



 

 

ශ්‍රී ලංකාව තුළ වසර 25ක් සිය අඛණ්ඩ පැවැත්ම තහවුරු කළ පුරෝගාමී ජංගම දුරකථන ක්‍රියාකරු වන හච්, පවතින දුෂ්කර ආර්ථික වාතාවරණය සාර්ථකව කළමනාකරණය කර ගැනීම සඳහා ඉතා සුවිශේෂී ඇමතුම් පැකේජයක් හඳුන්වා දෙමින් ඔවුන් තවමත් රටේ ජනතාව සමඟ අත්වැල් බැඳගෙන සිටින බව යළිත් තහවුරු කරයි.

මෙම නව පැකේජය හච් 072/078 ජාලය තුළ මසකට රු.67ක් වැනි සුළු මුදලකට අසීමිත නොමිලේ ඇමතුම් ලබාදෙන අතර තවද මාස 2 ක් සඳහා රු.123 ක් සහ මාස 3 ක් සඳහා රු.147 ක් ලෙස සුවිශේෂී දීමනා ලබා දෙයි. සිය පාරිභෝගිකයින්ගේ ආර්ථික බර ලිහිල් කිරීමට දරන උත්සාහයේදී අත්‍යවශ්‍ය සන්නිවේදන වියදම් සඳහා දැරීමට සිදුවන පිරිවැය අවම කිරීම මෙහි අරමුණ වී ඇත. මෙම සැලසුම් පෙරගෙවුම් සහ පසුගෙවුම් යන පාරිභෝගික දෙපාර්ශ්වයටම ලබාගැනීමේ හැකියාව පවතී.

මේ පිළිබඳව අදහස් දක්වමින් හච් හි ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා සඳහන් කළේ මෙවැන්නකි. ” මේ දිනවල ජනතාව මුහුණ දෙන දැවැන්ත ආර්ථික පීඩනය අපිට හොඳින් තේරුම් ගන්න පුළුවන්. වසර 25 ක් පුරාවට ශ්‍රී ලංකාව තුළ රැඳෙමින් සෑම විටම ජනතාවට දැරිය හැකි මිලකට ජංගම දුරකථන සේවා ලබාදීමට අපි කටයුතු කළා. සන්නිවේදන සේවා වියදම් සඳහා වන පිරිවැය අවම කිරීම මඟින්  ඔවුන්ගේ නිවසට අවශ්‍ය අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට අවශ්‍ය ඉඩකඩ ලබාදීම තුළින් ඔවුන්ට සහනයක් සැලසීම අපි මෙමඟින් බලාපොරොත්තු වෙනවා.”

Fortune Global 500 සමූහ ව්‍යාපාරයේ CK Hutchison Holdings හි අනුබද්ධ ආයතනයක් වන හච් ශ්‍රී ලංකා සමාගම, මෑතකදී ශීඝ්‍ර වර්ධනයකට පිවිසෙමින් විශිෂ්ට ආවරණයක් සහ ගුණාත්මක ඇමතුම් සහ දත්ත අත්දැකීමක් ලබාදෙමින් දිවයිනේ විශාලතම 4G ජංගම දුරකථන ජාලයක් ලෙස ක්‍රියාත්මක වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 + fifteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව