පසුගියදා පෘතුගාලයේ ලිස්බන් හිදී පැවති Huawei Web සමුළුවේ ආරම්භක ප්‍රධාන දේශනය පවත්වමින් එහි වර්තමාන සභාපති ගුඕ පිංග් මහතා විසින් ගෝලීය සංවර්ධක ප්‍රජාව දිරිගන්වමින් ප්‍රකාශ කර සිටියේ 5G තාක්ෂණයේ ප්‍රථිපල නෙළා ගැනීමට ඔවුන් හා එක්වන ලෙසයි.
“5G + X මගින් නව යුගයක් නිර්මාණය වනු ඇත” යන තේමාවෙන් පවත්වන ලද සාකච්චාවේදී ඔහු විසින් පවසා සිටියේ කෘතීම බුද්ධිය (AI), big data, virtual reality (VR) සහ augmented reality (AR) යන නව තාක්ෂණයන්ට 5G + X හා සම්බන්ධ වී වඩාත් වර්ධනය විය හැකි බවයි. 5G විසින් පිරිණමන විශිෂ්ට තාක්ෂණික අත්දැකීම් පාරිභෝගිකයින් විශාල පිරිසක් විසින් දැනටමත් ග්‍රහණය කරගෙන තිබීම සතුටට කාරණයක් වන අතර මෙම වසර අවසානය වන විට වාණිජ 5G ජාල 60 කට වැඩි ප්‍රමාණයක් සිය මෙහෙයුම් ආරම්භ කරනු ඇතැයි අපේක්ෂා කෙරේන බවද හෙතෙම පවසා සිටියේය. මෙයට හොඳම නිදසුන නම් දකුණු කොරියාව තුළ 5G ජාල ව්‍යාප්තිය ආරම්භ වීමත් සමඟ පරිශීලකයින් මිලියනයක් පළමු දින 69 තුළ ලියාපදිංචි වීමයි. 4G ජාල දියත් කිරීමේ කාල වකවානුව දෙස හැරී බැලීමේදී දැක ගත හැකි වුයේ මිලියනකය ග්රාහක පිරිසක් ආකර්ශණය කර ගැනීමට දින 150ක් පමණ ගත වූ බවයි. මින් පැහැදිළි වනුයේ නව 5G තාක්ෂණය අත්හදා බැලීමට පරිශීලකයින් සතු දැඩි කැමැත්ත සහ උනන්දුවයි. තවද අධික වේගය, අවම ප්‍රමාදය ඇතුළු 5G තාක්ෂණය හා බැඳුනු විවිධ වැඩි දියුණු කිරීම් හේතුවෙන් පාරිභෝගිකයාට උසස් අත්දැකීමක් නිරන්තරයෙන්ම ලැබෙනු ඇති බවත් හෙතෙම වැඩි දුරටත් කීහ.
මෙහිදී AI, AR සහ VR වැනි වෙනත් තාක්ෂණයන් සමඟ 5G සංයෝජනය කිරීමෙන් කර්මාන්ත දියුණු කළ හැකි ආකාරය පෙන්වීමට ඒ මහතා විසින් නිදසුන් ඉදිරිපත් කරන ලදී. මෙම නිදසුන් අතර 5G මඟින් 8K remote real-time musical collaboration දියුණු කල හැකි ආකාරය, 5G + AR + AI තෙල් පිරිපහදු සේවකයින්ගේ ආරක්ෂාව වැඩි දියුණු කරන්නේ කෙසේද සහ මෙහෙයුම් හා නඩත්තු කාර්යක්ෂමතාව වැඩි කරන්නේ කෙසේද, සහ වෛද්‍ය විද්‍යාවට කිරීමට AI උදව් කරන්නේ කෙසේද යන්න ඇතුළත් වේ.
ගුඕ මහතා විසින් අවධාරණය කළේ අන්තර්ජාලය සඳහා අඩිතාලමක් නිර්මාණය කිරීම සඳහා Huawei විසින් කැපවෙමින් සිටින බැවින් යෙදුම් සහ මෘදුකාංග සංවර්ධකයින්ට ඔවුන්ගේ හැකියාවන් මුළුමනින්ම මුදා හැරිය හැකි බවයි.තවද ඉදිරියේදී ජංගම දුරකථන උපාංග සහ ක්ලවුඩ් තාක්ෂණයේ වර්ධනය උදෙසා Huawei විසින් ඉදිරියේදී විශාල කාර්යන් රැසක් සිදු කිරීමට නියමිත බවද හෙතෙම කීහ.
තවද වර්තමානය වන විට 5G + X විසින් ව්‍යාපාරයන් සඳහා ලබා දෙන අවස්ථාවන් පිළිබඳ දැනුවත් කිරීමට සංවිධානය කර ඇති වැඩසටහන් ද්විත්වයක් පිළිබඳව ඒ මහතා අවධාරණය කරන ලදී. Huawei සංවර්ධක වැඩසටහන 2.0 සහ “Shining-Star” වැඩසටහන මේ අතර වේ. මෙහිදී සංවර්ධකයින් මිලියන පහක් දක්වා වර්ධනය කිරීමේ අභිලාශය ඇතුව Huawei විසින් සංවර්ධක වැඩසටහන 2.0 සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් සහ Huawei Mobile Services පද්ධතිය සඳහා ගුණාත්මක බවින් ඉහල යෙදුම් (Apps) ආකර්ශනය කර ගැනීම උදෙසා Shining-Star වැඩසටහනට ඇමරිකානු ඩොලර් බිලියනයක් ආයෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් පසු වේ.