5G තාක්ෂණයෙන් Huawei සමාගම ඉදිරියෙන් සිටින බව GlobalData වාර්තාව අවධාරණය කරයි

huawei-ai

 



 

 

GlobalData සමාගම මෑතක දී නිකුත් කළ ‘5G Mobile Core: Competitive Landscape Assessment’ නම් වාර්තාව මගින් ‘Huawei 5G Core’ කළඹ ලොව හොඳ ම 5G මූලික විසඳුම හා භාවිතය ලෙස ශ්‍රේණිගත කර ඇත. Huawei 5G Core 2019 වසරේ සිට අඛණ්ඩව ගෝලීය ප්‍රමුඛයා ලෙස ශ්‍රේණිගත කෙරුණු සිව්වැනි අවස්ථාව මෙය වන අතර, එය ලොව දෙවන ස්ථානයට ශ්‍රේණිගත කෙරුණු 5G සේවාවට සාපේක්ෂව 2.3% ක වර්ධනයක් වාර්තා කර ඇත.
ගෝලීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය ආශ්‍රිතව සේවා සපයන, ලෝක ප්‍රකට දත්ත විශ්ලේෂණ හා උපදේශන සමාගමක් වන GlobalData සමාගම, අලෙවිකරණ සමාගම් විශ්ලේෂණය හා ශ්‍රේණිගත කිරීමට අමතරව වෙළෙඳපොළ තුළ පර්යේෂණ කටයුතු පිළිබඳව ද විශේෂඥතාවක් දක්වන සමාගමකි. මෙම නව වාර්තාවට අනුව, ජාල ස්ථායීතාව මෙන් ම 5G Core වෙත පරිවර්තනය වීමේ දී විශ්වසනීයත්වය තහවුරු කිරීම සඳහා සැලසුම් ක්‍රියාත්මක වන අතර, එම සැලසුම් 5G මූලික ජාල විසඳුම් සජීවී ජාල මත ක්‍රියා කරන ආකාරය හා වාණිජමය භාවිතයන් සඳහා එම සේවාවන්ගේ ශක්‍යතාව ඇගයීම සඳහා වඩාත් ප්‍රයෝජනවත් වේ.
2G, 3G, 4G, 5G සහ 5G Stand Alone (SA) ජාල දිගු කාලයක් පවතින නිසා, ඒ ආශ්‍රිත තාක්ෂණික උපාංග නිපැයුම් කරුවන් 5G SA වෙත ඉතා පහසුවෙන් මාරු විය හැකි, සංකීර්ණ O&M වැනි බහු RAT සහජීවන අභියෝගවලට මුහුණ දීමට හැකියාව සහිත නිෂ්පාදන හඳුන්වා දීම සුවිශේෂී වේ. එමෙන් ම මෙම වාර්තාවේ දර්ශක අතර තාක්ෂණික උපාංග වෙළෙඳුන්ගේ නවෝත්පාදනයන්ගේ, ස්වයංක්‍රීය ජාල ක්‍රියාවලියේ සහ හඬ සේවාවන්හි වාණිජ භාවිතයේ ප්‍රගතිය සම්බන්ධ ප්‍රධාන තක්සේරු දර්ශකයන් ද වේ.


නිර්මාණකරණය : Huawei 5G Core නිර්මාණය කර ඇත්තේ Telco Cloud සහ microservice-centric තාක්ෂණය පදනම් කොටගෙන වීම විශේෂිතය. Rock-solid Reliability Advanced විසඳුම හරහා, Huawei 5G Core ක්‍රියාකරුවන්ට දෘඩාංග දෝෂ පාලනය, මෘදුකාංගවල ඉඩ කළමනාකරණය, හදිසි අවස්ථාවල දී සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වීමේ හැකියාව සහ වෙළෙඳපොළ ඉල්ලුම මත සේවාවන් වැඩිදියුණු කිරීම යන හැකියාවන් මගින් විශ්වාසවන්ත ජාලගත සේවාවක් ගොඩනැංවීමට කටයුතු කරයි.
විසඳුම්වල පරිණතභාවය : Huawei 5G Core මඟින් ගෝලීය වාණිජමය පරමාර්ථයන් වෙනුවෙන් ස්ථාවර හා විශ්වසනීය සජීවී ජාල ක්‍රියාවලියක් සමඟින් භාවිත කරන්නන්ගේ පහසුව තහවුරු කරයි. විශේෂයෙන් Huawei 5G Core හා 5GtoB නවෝත්පාදන ව්‍යාපෘති හරහා VPN වැනි සේවාවන් හරහා ලොව පුරා විශ්වවිද්‍යාලවල පෞද්ගලික ජාල, පොදු සේවා, සෞඛ්‍ය සේවා සහ කාර්‍යාලීය දුරස්ථ සේවා ආදී ව්‍යවසායන් 500 කට අධික සංඛ්‍යාවක් අශ්‍රිතව සාර්ථක ලෙස නියාමනය කරමින් වාණිජකරණය කිරීමට සමත් වී ඇත.
ජාල විකාශනය : Huawei සමාගම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය හා ඊට ම අනන්‍ය වූ 2G, 3G, 4G, 5G NSA, සහ 5G SA ජාලකරණය හා O&M ආදී සේවා සැපයිය හැකි microservice-centric, ආශ්‍රිත පූර්ණ සේවාවක් ගොඩනැගීම සඳහා Single Packet Core (SPC) සහ Single Voice Core (SVC) විසඳුම් භාවිත කරයි.
ජාල ස්වයංක්‍රීයකරණය : Huawei 5G Core ජාල ස්වයංක්‍රීයකරණයේ දී ද හොඳින් ක්‍රියා කරන අතර, Huawei සමාගම විසින් Telco Cloud මත රඳා පවතින ස්වයංක්‍රීය ජාල ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම සඳහා විසඳුම් සපයයි. මෙම විසඳුම් මඟින් ඉහළ ජාල ස්ථාවරත්වයක්, කාර්යක්ෂම ජාල පරිවර්තනයක් සහ ප්‍රශස්ත ජාල අත්දැකීමක් ලබා දෙන අතර, එය ස්වයංක්‍රීය ජාල ක්‍රියාවලිය 4 වන අදියර/මට්ටම දක්වා ඉහළ නැංවීම සඳහා ද උපකාරී වේ.
සෑම අංශයකම අඛණ්ඩ නවෝත්පාදනයන්, ගවේෂණයන් හා වාණිජ භාවිතයන් සමඟින්, 5G තාක්ෂණ ක්ෂේත්‍රය වේගවත් මෙන් ම ශක්තිමත් වර්ධනයක් කරා ගමන් කරන අතර, Huawei සිය 5G Core විසඳුම තවදුරටත් සංවර්ධනය කිරීම සහ වාණිජකරණය කිරීම අඛණ්ඩව සිදුකිරීම සඳහා කැප වෙයි. එමෙන් ම Huawei සමාගම ගෝලීය සේවා සපයන්නන්ට ඔවුන්ගේ 5GtoC සහ 5GtoB සේවාවන් වැඩිදියුණු කරගැනීමට සහ ව්‍යාපාරික සාර්ථකත්වය ළඟා කර ගැනීමට ද සහයෝගය ලබා දෙයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen − twelve =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව