46 වැනි වාර්ෂික වෙළෙඳසේවා සත් සාමාජික හොකී තරගාවලිය

Title sponsor

වෙළෙඳසේවා හොකී සංගමය විසින් මෙහෙයවනු ලබන 46 වැනි සත් සාමාජික හොකී තරගාවලිය මේ මස 15 වැනිදා පෙරවරු 7.30 සිට පී.සරා ඕවල් පිටියේදී පැවැත්වේ.

වසර 1973 දී ආරම්භ කළ මෙම ඓතිහාසික තරගාවලිය ශ්‍රී ලංකා හොකී තරග කැලැන්ඩරයේ ප්‍රමුඛතම තරගාවලියක් වන අතර, කොවිඩ් වසංගත සමයේ හැරුණු විට වසර 45ක් පුරා අඛණ්ඩව පැවැත්විණි. වෙළෙඳසේවා හොකී තරග කැලැන්ඩරයේ ද  ප්‍රධානතම තරගාවලියක් වන මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ දීර්ඝතම ඉතිහාසයකට හිමිකම් කියන එකම සත් සාමාජික හොකී තරගාවලියයි.
 



 

මෙවර තරගාවලිය කාණ්ඩ 5ක් යටතේ පැවැත්වෙන අතර, මෙරට ප්‍රබලතම කණ්ඩායම් රැසක් ඊට ඇතුළත් වෙයි.

  • A කාණ්ඩය (ඩෙනිස් ද රොසයිරෝ කුසලාන) – ජනශක්ති රක්ෂණ සමාගමේ අනුග්‍රහයෙන් පැවැත්වෙයි.
    කණ්ඩායම් : HNB, සම්පත් බැංකුව, බ්‍රවුන්ස් සමූහ ව්‍යාපාරය, MAS හෝල්ඩිංග්ස් සහ කොමර්ෂල් බැංකුව.
  • B කාණ්ඩය (සිංගර් කුසලාන )
    කණ්ඩායම් : හේලිස්, HSBC, සෙලාන් බැංකුව, ජෝන් කීල්ස්, CIAP, සහ SLT මොබිටෙල්.
  • C කාණ්ඩය (MHA කුසලාන)
    කණ්ඩායම්: සිංගර්, NTB, සහ ඔරියන්ට්.
  • D කාණ්ඩය (එඩුමන්ඩ් ජේ. කුරේ කුසලාන )
    කණ්ඩායම්: DPMC, ලංකා දුම්කොළ සමාගම, හේමාස් සමූහ ව්‍යාපාරය, ගුවන් සේවා, Inqube Solutions සහ ෆියුචර් ලයිෆ්.
  • වෙළෙඳසේවා හොකී සංගම් සභාපති කුසලාන
    කණ්ඩායම්: කොමර්ෂල් බැංකුව බී, සම්පත් බැංකුව බී, බ්‍රවුන්ස්  සමූහ ව්‍යාපාරය බී, MAS හෝල්ඩිංග්ස් බී, ජෝන් කීල්ස් බී සහ HNB බී.

 

ඉහළම තරගකාරිත්වය සහ දස්කම් පෙන්නුම් කිරීමට මෙවර තරගාවලියට  ක්‍රීඩකයන් 250කට අධික සංඛ්‍යාවක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කරන අතර, සිය කණ්ඩායම් නියෝජනය කිරිමට ශ්‍රී ලංකාවේ ජාතික හොකී කණ්ඩායම්වල ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ ක්‍රීඩකයෝද ඊට එක්වී වෙති.

A කාණ්ඩයේ අවසන් මහා තරගය ඇතුළුව අවසන් මහා තරග එදින පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතය. ඉන් අනතුරුව පැවැත්වෙන උත්කර්ෂවත් සම්මාන ප්‍රදාන උත්සවයෙන් පසුව වෙළෙඳසේවා හොකී සංගමයේ වාර්ෂික තරග කැලන්ඩරය නිමාවට පත්වනු ඇත. මෙම තරගාවලියේ සන්නාම අනුග්‍රාහක සහ ප්‍රධාන අනුග්‍රාහක ලෙස Iodex Spray සමාගම කටයුතු කරන අතර, තරගාවලිය සාර්ථකව පැවැත්වීමට  දායකත්වය ලබාදෙමින්  Haleon ලංකා පුද්ගලික සමාගම සහ Bawwa Bites ආයතනය සම අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරති.

Haleon ලංකා පුද්ගලික සමාගමේ වාණිජ අධ්‍යක්ෂ මංජුල වීරකෝන් මහතා ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වන අතර, බ්‍රවුන්ස් සහ සමාගමේ Pharmaceuticals, Consumer, and Integrated Engineering Solutions Cluster  ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මංගල විජේසිංහ මහතා විශේෂ ආරාධිත ලෙස එම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.

වසර 1957දී ස්ථාපිත කළ වෙළෙඳසේවා හොකී සංගමය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම හොකී සංගමය ලෙස  68 වසරක සාඩම්බර ඉතිහාසයකට හිමිකම් කියයි. එම සංගමය වසර ගණනාවක් පුරා ජාතික තලයේ ක්‍රීඩකයන් 79 දෙනකු සහ ජාතික ශූරයන් 16 දෙනකු බිහි කිරීමට සමත් වූ අතර, 60 වසරක ජාතික හොකී ශූරතා ඉතිහාසයේ අවස්ථා 19කදී අනුශූරයන් සහ අවස්ථා 14කදී තුන්වැනි ස්ථාන ලැබූ ජයග්‍රාහකයන් බිහි කර තිබේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව