25 වැනි සණස නෙළුම් මල් පූජාව සාර්ථකව අවසන් වේ

SANASA (LBN)

සණස ව්‍යාපාරය 25 වැනි වරටත් සංවිධානය කළ නෙළුම් මල් හා කිරි ආහාර පූජාව අනුරාධපුර පුජා භූමියේදී සාර්ථකව පවත්වන ලදී. සණස මහා සංගමයේ මූලිකත්වයෙන් ලංකාවාසී සියලු දෙනාට සෙත් පතා වාර්ෂිකව සංවිධානය කරන මෙම පුණ්‍යකර්මයට මෙවර කෑගල්ල මහා සංගමය ප්‍රමුඛ අනෙකුත් සණස සමිති දායකත්වය සැපයීය. ඉකුත් 4 වැනිදා අළුයම අනුරාධපුර සමාධි පිළිමය පාමුල ආධ්‍යාත්මික වැඩසටහනින් ඇරැඹුණු මෙය එදින දහවල් අභයගිරි දානමය පිංකමත්, සවස ජය ශ්‍රී මහා බෝධී පරිශ්‍රයේ නෙළුම් මල් පූජාවත්, 5 වැනිදා අළුයම රුවන්වැලිසෑ පරිශ්‍රයේ කිරි ආහාර පූජාවත් පවත්වා අවසන් කරන ලදී. සාම්ප්‍රදායික වත්පිළිවෙත්වලට මුල් තැන දෙමින් පැවැත්වූ මෙම පුණ්‍යකර්මයට ඉතිහාසයේ ප්‍රථම වතාවට සමාධි පිළිමය පාමුල ආධ්‍යාත්මික වැඩසටහනක් සංවිධානය කර තිබීම විශේෂත්වයක් වූ අතර එය උඩුදුම්බර කාශ්‍යප හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි.

සණස නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ මූලිකත්වයෙන් පැවැත් වූ මෙම පුණ්‍යකර්මයට දිවයින පුරා සණස සමිතිවල බැතිමත්හු දහස් ගනණක් සහභාගි වූහ. ආමිස හා ප්‍රතිපත්ති පූජා ඉතා පවිත්‍රව පවත්වමින් සිදු කළ මෙම පුජෝත්සවයට රන්සිළුගෙය සමඟ විවිධ නර්තන අංගවලින් සපිරි පෙරහරක්ද එක් කර තිබිණි. “මෙම පූජෝත්සවය 2000 වසරේ ජනවාරි මස කෑගල්ල දිස්ත්‍රික්කයේ සණස සමිති 50ක 60ක පමණ එකතුවෙන් ආරම්භ කළා. මෙවර 25 වන නෙළුම් මල් පූජාවේ තේමාව වූයේ සක්කච්ච චර්යා. එහි තේරුම වන්නේ යහපත් හැසිරීම්වලින් පරිපූර්ණ නායකයන් මිනිසුන් ගොඩ නංවන බවයි.” කිරිවන්දෙණිය මහතා පැවැසීය. රටේ ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන් ඇප කැප වන සණස ව්‍යාපාරය රටට මෙන්ම ශ්‍රී ලාංකික ජනතාවට සෙත් පතා මෙවැනි ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක් වාර්ෂිකව ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා සණස ව්‍යාපාරයට අයත් ආයතන ජාලයේ දායකත්වයද නොඅඩුව ලැබේ. මෙම පුණ්‍යෝත්සවයට දායක වූ සියලු දෙනාට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් විශේෂ ස්තූතිය පුද කර සිටියි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව