25 වැනි සණස නෙළුම් මල් පූජාව මෙවරත් අනුරාධපුර පූජා භූමියේදී පැවැත්වේ

Sanasa

පුරා වසර 25ක් අඛණ්ඩව සණස ව්‍යාපාරය වාර්ෂිකව අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කර ගනිමින් සංවිධානය කරන නෙළුම් මල් හා කිරි ආහාර පූජාව මෙවරත් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේදී හා රුවන්වැලිසෑ පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. සණස මහා සංගමයේ මූලිකත්වයෙන් ලංකාවාසී සියලු දෙනාට සෙත් පතා වාර්ෂිකව සංවිධානය කරන මෙම පුණ්‍යකර්මය සෑම වසරකම ජනවාරි මස මුල් සති අන්තයේදී සණස සමිතිවල ප්‍රධානත්වයෙන් සංවිධානය කරයි. කුරුණෑගල මහා සංගමයේ මූලිකත්වයෙන් පවත්වන මෙවර සණස නෙළුම් මල් පූජාව ජනවාරි 4, 5 යන දිනවල අනුරාධපුර සමාධි පිළිමය පාමුල, ජය ශ්‍රී මහා බෝධිය අභියස හා රුවන්වැලි සෑය අභියස පැවැත්වීමට නියමිතය. සාම්ප්‍රදායික වත්පිළිවෙත්වලට මුල් තැන දෙමින් පවත්වන මෙම පුණ්‍යකර්මයේදී සමාධි පිළිමය පාමුල අධ්‍යාත්මික වැඩසටහනක් සංවිධානය කර තිබීමද සුවිශේෂත්වයකි.

 



 
සණස නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ මූලිකත්වයෙන් පවත්වන මෙම පුණ්‍යෝත්සවය 4 වeනs දින අළුයම සමාධි පිළිමය පාමුල අධ්‍යාත්මික වැඩසටහනෙන් ආරම්භ වී එදින සවස් යාමයේ ජය ශ්‍රී මහා බෝධිය අභියස නෙළුම් මල් පූජාව පවත්වා 5 වැනි දින අළුයම රුවන්වැලි සෑයට කිරි ආහාර පූජාව සිදු කර එදින දහවල් අභයගිරියේදී පැවැත්වෙන දානමය පිංකමෙන් අවසන් කිරීමට නියමිතය. දීප ව්‍යාප්ත සණස සමිති මූලික කර ගනිමින් දිවයිනේ නන් දෙසින් බැතිමතුන් දහස් ගණනක් සහභාගී වන මෙම පුණ්‍යකර්මයg රන්සිළු සමඟ විවිධ නර්තන අංගවලින් සපිරි පෙරහරක්ද ඇතුළත් වේ.

වසර ගණනාවක් පුරා සැදැහැ සිතින් පවත්වන මෙම පුණ්‍යෝත්සවයේ විශේෂත්වය වන්නේ නෙළුම් මල් පූජාවේ සිට කිරි ආහාර පූජාව දක්වා පවත්වන සියලුම වත් පිළිවෙත් සාම්ප්‍රදායික ක්‍රමවලට අනුකූලව ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් නැකැත් පත්‍රානූකූලව සිදු කිරීමයි. කිරි ආහාර පූජාව සඳහා යොදා ගන්නා සහල් වැපිරීම සඳහා සුදුසු වගා බිමක් තෝරා ගැනීමේ සිට ගොයම් කැපීම, සහල් වෙන් කරවා ගැනීම දක්වා සියලු පිළිවෙත් පළිබෝධනාශක හා වස විසෙන් තොරව, සතෙකුටවත් හානි නොවන ආකාරයකින්, මිනිස් ශ්‍රමය පමණක් උපයෝගි කර ගනිමින් සිදු කරයි. ඉන්පසු 5 වැනි දින හිමිදිරි උදෑසන රුවන්වැලිසෑය අභියස පැවැත්වෙන කිරි ආහාර පූජාව සඳහා කිරි ආහාර සූදානම් කිරීම සියලු වතාවත්වලට අනුගත වෙමින් උඩට උඩුවියන්, පයට පාවඩ සහිතව ඉතා පවිත්‍රව දැහැමි සිතින් සිදු කරයි. එම වතාවත් සඳහා යොදා ගන්නා මුතු කුඩ සමිතියේ සියලු දෙනාගේ දෑතින් විචිත්‍රවත් කර අලංකාර ලෙස තැනූ ඒවා වන අතර අටපිරිකර ආදියත් ඉතා ගුණාත්මක භාවයෙන් යුතු අමුද්‍රව්‍ය යොදා ගෙන ඉස්තරම් ආකාරයෙන් සමිතියට අවශ්‍ය පරිදි සමිති භූමියට ගෙන්වා ගෙන එහිදි සකස් කරන ලද ඒවා වේ.

ශ්‍රී ලාංකේය ග්‍රාමීය ජන ජීවිතය නගා සිටුවීමට එදා මෙදා තුර එකම සන්නාමයක් යටතේ ඇප කැප වෙන සණස ව්‍යාපාරය ආයතන රැසක් හා රැකියා රැසක් රටේ උන්නතිය වෙනුවෙන් දායද කරමින් රටේ ජනතාවගේ අවශ්‍යතා එකින් එක සපුරමින් සිටී. එවන් වූ දැවැන්ත ව්‍යාපාර ජාලයක තවත් එක් දැවැන්ත කර්තව්‍යයක් ලෙස වාර්ෂිකව පවත්වන සණස නෙළුම් මල් පූජා වැඩසටහන හැඳින්විය හැකිය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව