22 වන වසරටත් කොමර්ෂල් බැංකුව ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ හි හොඳම බැංකුව ලෙස සම්මාන ලබයි

Global Finance Best Bank in Sri Lanka 2024 - Post event (LBN)

ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුවට ප්‍රදානය කරන සම්මානය කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුෂීන් මහතා සහ කළමණාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා විසින් මෑතකදී වොෂින්ටන් ඩීසී හි පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු සමූහයේ වාර්ෂික රැස්වීමට සමගාමීව පිළිගන්නා ලදී. ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් වාර්ෂිකව පළ කරන ‘ලෝකයේ හොඳම බැංකු’ 2024 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව ශ්‍රේණිගත වූ 22 වන වසර මෙයයි.

හොඳම බැංකු සම්මානය පිරිනැමීම තුළින් පුළුල් පරාසයක සේවාවන්, දිගු කාලීන විශ්වාසනීයත්වය හා තාක්ෂණික නවෝත්පාදනයන් සහ වේගයෙන් වෙනස් වන පොලී අනුපාතය අනුව ඔවුන්ගේ වත්කම් හා වගකීම් බුද්ධිමත්ව කළමනාකරණය කරනු ලබන  මූල්‍ය ආයතන මෙම සඟරාව හඳුනා ගනියි.

ෂර්හාන් මුසීන් මහතා සහ මනතුංග මහතා ග්ලෝබල් ෆයිනෑන්ස් හි නිර්මාතෘ සහ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජෝසප් ඩී.ජියාර්රාපුටෝ මහතා අතින් සම්මානය ලබා ගැනීමේ අවස්ථාව සේයාරුවෙන් දැක්වේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight − four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව