2026 ආධුනික වයස් කාණ්ඩ පිහිනුම් ශූරතාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයෙකු ලෙස HNB එක් වෙයි

HNB Novices pictures (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් මෙන්ම 2025 වසරේ වැඩිම සම්මානලාභී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය (SLASU) විසින් සංවිධානය කරනු ලබන 2026 HNB ආධුනික වයස් කාණ්ඩ පිහිනුම් ශූරතාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස එක්ව ඇත. මෙම ශූරතාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පිහිනුම් තටාකයේදී පැවැත්වේ.




ආධුනික වයස් කාණ්ඩ පිහිනුම් ශූරතාවලිය ශ්‍රී ලංකාවේ විශාලතම සහ පිහිණුම් ක්‍රීඩාවට යොමු වන නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වන වැදගත් පිහිනුම් තරගාවලියක් ලෙස පිළිගැනෙන අතර ඉහළ මට්ටමේ පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීමට එය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. බොහෝ තරුණ පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මෙම තරගාවලිය ඔවුන්ගේ පිහිණුම් දිවියේ පළමු කඩඉම ලෙස සලකන අතර, අනාගතයේදී වයස් කාණ්ඩ, අතරමැදි සහ ජාතික මට්ටමේ තරගවලදී දස්කම් දැක්වීමට මෙය කදිම වේදිකාවකි.

මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් HNB උප සභාපති – අලෙවි සහ ආයතනික සන්නිවේදන, උපුල් අධිකාරි මහතා පැවසුවේ “ක්‍රීඩාව තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශාරීරිකව සහ මානසිකව වර්ධනය වීමටත් තරගකාරිත්වයෙන් ඔබ්බට ශක්තිමත් චරිතයක් ගොඩනැගීමටත් උපකාරී වනවා. HNB හි අප විශ්වාස කරන්නේ මෙම වර්ධනය ආරම්භ වන්නේ දරුවන් මුලින්ම ක්‍රීඩා කිරීමට හෝ තරඟ කිරීමට පටන් ගන්නා මුල් අවධියේ සිට බවයි. මෙම පිහිනුම් ශූරතාවලියට අනුග්‍රාහකත්වය ලබා දීමෙන් අපි තරුණ පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථා ලබා ගැනීමට, සහභාගී වීමට සහ ඉහළ ඉලක්ක කරා යාමට දිරිමත් කරනවා. ශ්‍රී ලංකාවේ පිහිනුම් ක්‍රීඩාවේ අනාගතය ශක්තිමත් කිරීමට උපකාරී වන මෙම ශූරතාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව අපි ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයට ස්තූතිවන්ත වෙනවා.” යනුවෙනි.

බැංකුවේ මෙම කැපවීම තවත් ශක්තිමත් කරමින් 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේ පදක්කම් බලාපොරොත්තුවක් වන HNB සන්නාම තානාපති සහ ශ්‍රී ලංකා ජාතික පිහිනුම් කණ්ඩායමේ නායක කයිල් අබේසිංහ තරුණ පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීම අඛණ්ඩව සිදු කරගෙන යයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව