2026 නව වසරට රසල්ස් කිරිබත් සංග්‍රහය එළිදක්වයි

Russel’s (LBN)

උදා වන 2026 නව වසරේ දේශීය සංස්කෘතික ආහාරවල රසය, සුවඳ හා සම්ප්‍රදාය මෙවරත් පාරිභෝගික ජනතාව වෙත ගෙන ඒමට රසල්ස් සමාගම සූදානම් වේ. ලුණු මිරිස් සමඟ කිරි බත්, කැවුම්, කොකිස්, මුං කැවුම්, ආස්මි කලුදොදොල් වැලිතලප වැනි දේශීය පාරම්පරික ආහාර ගුණාත්මක රසය රැක ගනිමින් සෞඛ්‍යාරක්‍ෂිතව හා සාධාරණ මිලකට සකස් කර දීමට “රසල්ස්” මෙවරද සුදානමින් සිටියි. ආහාර පාන නිෂ්පාදනයේ දශක තුනහමාරක පළපුරුද්ද හා අත්දැකීම් සහිත රසල්ස් සමාගම ආහාර සැපැයුම් සේවාවේ විශ්වාසනීය නාමයක් ලෙස සිය ස්ථානය තහවුරු කර ගෙන සිටී. දේශීය ආහාර සම්ප්‍රදාය ගැඹුරෙන් අවබෝධ කර ගෙන පාරම්පරික ආහාර වට්ටෝරු සෞඛ්‍ය ප්‍රමිති අනුව සැකසීම්ට රසල්ස් සමාගම කටයුතු කරයි.

විශාල පරිමාණයේ ආයතනික උත්සවවල සිට පෞද්ගලික උත්සව දක්වා විවිධ ක්‍ෂේත්‍රවල අවශ්‍යතා සැපිරීමේ පුළුල් අත්දැකීම මෙම සමාගම සතුය. දේශීය අමුද්‍රව්‍ය පමණක් යොදා ගනිමින් කෘතිම රසකාරකවලින් තොරව පිරිසිදුභාවය හා ප්‍රණීත රසය සහිත ආහාර පාන සැපැයීමට රසල්ස් සමාගම නිරන්තරයෙන් ක්‍රියා කරයි. විවිධ උත්සව, රාජ්‍ය හා පෞද්ගලික ආයතන, ලොකු කුඩා සමාගම්, බැංකු, පාසල් ඇතුළු ක්‍ෂේත්‍ර රැසකට සාර්ථක, සේවයක් පිරිනමා ඇති රසල්ස් නොසැළෙන කැපවීමෙන් ඔබගේ නව වසරේ සමාරම්භක උත්සවයට සේවා සැපැයීමට සුදානමින් සිටියි. 2026 ජනවාරි 1 නව වසරේ සමාරම්භය අමතක නොවන උත්සව අවස්ථාවක් බවට පත් කර ගැනීම පිණිස ඔබ ආයතනයට අවශ්‍ය ආහාර පාන සැපැයුම භාර දීම මෙන්ම කැවුම් කිරිබත් ඇතුළු ආහාරවලින් එම මොහොත රස ගැන්වීමට හැකි විශ්වාසය, පළපුරුද්ද හා ගුණාත්මකභාවය එකම ස්ථානයකින් සොයන්නේ නම් නිවරැදිම තේරීම රසල්ස් සමාගම බව රසල්ස් පෞද්ගලික සමාගමේ සභාපති රසල් පෙරේරා මහතා අවධාරණය කරයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව