
යුරෝපිය වෙළෙඳපොල සඳහා ශ්‍රී ලංකාවේ විශාලතම ඇඟලුම් අපනයනකරු සහ තවත් ජාතික සම්මාන ත්‍රිත්වයක්
ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී Omega Line සමාගම පෙර නොවූ විරූ ලෙස ශ්‍රී ලංකාවේ ඉහළම අපනයන ගෞරවයට හිමිකම් කියමින් සහ තවත් ජාතික සම්මාන ත්‍රිත්වයක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශයේ සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කිරීමට සමත් වී තිබේ. Oniverse සතු නිෂ්පාදකයා වසරේ හොඳම අපනයනකරු ලෙස නම් කරන ලද අතර තවත් කාණ්ඩ තුනක් දිනා ගැනීමට සමත් විය එනම්, නිෂ්පාදන විවිධාංගීකරණයේ හොඳම අපනයනකරු, අපනයන සැපයුම් දාමයට කලාපවලින් දැක්වූ දායකත්වය වෙනුවෙන් සහ හොඳම අපනයනකරු – ඇඟලුම් (මුළු කාණ්ඩය) වශයෙනි. ජනාධිපති අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් පිරිනමන මෙම සම්මාන, ජාතියේ ඉහළම කාර්යසාධනයක් සහිත අපනයනකරුවන් හඳුනා ගනී.
“මම මානව විභවය ගැන ගැඹුරින් විශ්වාස කරනවා, Omega Line හි අපගේ සාර්ථකත්වය එම විශ්වාසයට සාක්ෂියක්,” ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්යක්ෂ ෆීලික්ස් ඒ. ප්‍රනාන්දු පැවසීය. වැඩි දුරටත් අදහස් දැක්වූ එම මහතා පවසා සිටියේ, “මෙම ජයග්‍රහණ පිටුපස ඇති ගාමක බලවේගය අපගේ තෘප්තිමත් ශ්‍රම බලකායයි. මෙම පිළිගැනීම අප යටතේ සිටින සේවකයින් 7,500 කට අධික සංඛ්‍යාවකගේ කැපවීමට උපහාරයකි. ඔවුන් Omega Line සමාගම ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයේ සන්ධිස්ථානයක් බවට පත් කර ඇති අතර ලෝක මට්ටමේ නිෂ්පාදනයක් සඳහා අපගේ කැපවීම සහ ගෝලීය වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ස්ථානය ශක්තිමත් කිරීම සඳහා වන අපගේ කාර්යභාරය තහවුරු කරයි.

1999 දී සේවකයින් 30 දෙනෙකුගෙන් යුත් තනි ආයතනයක් ලෙස ආරම්භ කරන ලද Omega Line සමාගම,සිය සඳලංකාවේ සහ වවුනියාවේ මෙහෙයුම් වලින් වාර්ෂිකව ඇඟලුම් මිලියන 100 කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරමින්, යුරෝපය සඳහා ශ්‍රී ලංකාවේ විශාලතම ඇඟලුම් අපනයනකරු බවට පත්ව ඇත. , ඇමරිකානු ඩොලර් මිලියන 500 ක වාර්ෂික අපනයන වටිනාකමක් සහ වාර්ෂික මිලියන 200 ඉක්ම වූ නැව්ගත කිරීම් ඒකක සමඟ Oniverse (පෙර Calzedonia) යටතේ ක්‍රියාත්මක වන සමාගම සහ එහි අනෙකුත් ආයතන වන viz. Sirio, Alpha, Benji ශ්‍රී ලංකාවේ ඇමරිකානු ඩොලර් මිලියන 450 කට වැඩි ආයෝජනයක් සිදුකර ඇත.
සමාගමේ වවුනියා කර්මාන්ත ශාලාව උතුරු පළාතේ පුද්ගලික අංශයේ විශාලතම ආයෝජනය නියෝජනය කරන අතර, එහි පුද්ගලයින් 2,900 ක් සේවයේ නියැලෙයි.තවද කලාපීය කර්මාන්ත සංවර්ධනයට Omega Line හි දායකත්වය ඉන් පෙන්නුම් කරයි.අපනයන සැපයුම් දාමයට කලාපවලින් දැක්වූ දායකත්වය වෙනුවෙන් හිමි වූ සම්මානය, වාණිජ ප්‍රාග්ධනයෙන් ඔබ්බට ගිය මෙම සාධක විශේෂයෙන් හඳුනා ගනී.

Omega Line සමාගම Calzedonia, Intimissimi, Tezenis, සහ Falconeri ඇතුළු ප්රමුඛ යුරෝපීය සන්නාම සඳහා සිය නිෂ්පාදන සිදුකරයි. රටවල් 55 ක පිහිටි එහි වෙළඳසැල් 5,700 ක් හරහා Oniverse විසින් අලෙවි කරන ඇඟලුම් නිෂ්පාදන වලින් 75% කට වඩා වර්තමානයේ ශ්‍රී ලංකාව නිෂ්පාදනය කරන අතර, එමඟින් ශ්‍රී ලාංකික නිෂ්පාදන හැකියාව කෙරෙහි තබා ඇති විශ්වාසය පෙන්නුම් කෙරේ.
මෙහෙයුම් විශිෂ්ටත්වය වනාහි ශ්‍රම බලකායේ සංවර්ධනයෙන් වෙන් කළ නොහැක්කක් බව සමාගම පවසයි. සේවකයින්ගෙන් 90% වඩා කාන්තාවන් වන අතර, Omega Line විසින් පුළුල් පුහුණු වැඩසටහන්, කාර්ය සාධනය මත පදනම් වූ උසස්වීම් අවස්ථා සහ වෛද්‍ය පහසුකම්, ප්‍රවාහනය සහ සහනාධාර ආහාර ඇතුළු සේවක ප්රතිලාභ ස්ථාපිත කර ඇත.

Omega Line සමාගම යනු ශ්‍රී ලංකාවේ යුරෝපයට ඇඟලුම් අපනයනය කරන විශාලතම සමාගම වන අතර දූරදර්ශී ව්‍යවසායකයෙකු වන Dott. Sandro Veronesi විසින් ආරම්භ කරන ලද ඉතාලියේ වෙරෝනා හි පිහිටි Oniverse (පෙර Calzedonia සමූහය) හි පූර්ණ අනුබද්ධිත ආයතනයකි. ගෝලීය වෙළෙඳපොළ තුළ වැඩි ඉල්ලුමක් සහිත යටඇඳුම් සහ වෙරළ ඇඳුම් සඳහා විශේෂිත වූ සඳලංකාව සහ වවුනියාව යන ස්ථානවල ප්‍රධාන නිෂ්පාදන කර්මාන්ත තුනක් සමාගම ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ අනුබද්ධ සමාගම් හරහා 15,000 කට අධික පිරිසක් සඳහා රැකියා අවස්ථා ලබා දී ඇති oniverse සමූහයේ කොටසක් ලෙස, Omega Line, ලංකා වාණිජ මණ්ඩලයේ හොඳම ආයතනික පුරවැසි සම්මානය, CMO ආසියානු සම්මාන, හොඳම කළමනාකරණ පිළිවෙත් සමාගම් සම්මාන සහ Great Place to Work සහතිකය ඇතුළු බහුවිධ පිළිගැනීම් ලබා ඇත. එම සමාගම, සමස්තයක් වශයෙන් සේවය කිරීමට හොඳම සමාගම, දෙමාපියන්ට සේවය කිරීමට හොඳම සමාගම, කාන්තාවන්ට සේවය කිරීමට හොඳම සමාගම සහ නිෂ්පාදන අංශයේ සේවය කිරීමට හොඳම සමාගම යන කාණ්ඩ යටතේ සේවය කිරීමට හොඳම සමාගම් 10 අතරට ශ්‍රේණිගත කරන ලදී.


