2024 පැරිස් ඔලිම්පික් සහ පැරාඔලිම්පික් ක්‍රීඩා සඳහා ගෝලීය රක්ෂණ හවුල්කරු ලෙස අලියාන්ස් කටයුතු කරයි

Allianz Olympic Logo-images-0 (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රක්‍ෂණ සමාගමක් වන  අලියාන්ස්  SE අනුබද්ධිත අලියාන්ස් ලංකා, 2024 පැරිස්  ඔලිම්පික් සහ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ ගෝලීය රක්ෂණ සහකරු ලෙස කටයුතු කරන අලියාන්ස් සමූහය වෙත සහයෝගය දක්වන බව අභිමානයෙන් යුතුව ප්‍රකශ කරයි. මෙම සහයෝගීතාව යටතේ 2024 පැරිස් ඔලිම්පික්  ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මෙන් ම ඔලිම්පික් සහ පැරාලිම්පික් තරඟාවලි හරහා සමාජගත කෙරෙන වටිනාකම් වන විශිෂ්ටත්වය, මිත්‍රත්වය සහ ගෞරවය ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීමට අලියාන්ස් සමූහයේ කැපවීම පිළිබිඹු කරයි. එමෙන් ම ක්‍රීඩාව හරහා ලෝක වාසී ජනතාව තුළ එක්සත් භාවය ගොඩ නංවමින්,  ධනාත්මක වෙනසක් ඇති කිරීම අලියාන්ස්  සමූහයේ අරමුණයි.

 




 

2021 වසරේ සිට ක්‍රියාත්මක වූ මෙම දීර්ඝ කාලීන හවුල්කාරිත්වය තුළින් අලියාන්ස් විසින් පුළුල් පරාසයකින් යුතු රක්ෂණාවාරණයන් සහ විවිධ සේවාවන් ඔලිම්පික් ක්‍රීඩා රාමුව වෙත ලබා දීම සිදු කෙරෙන අතර එමගින් ලොව පුරා සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත සහයෝගය ලබා දීමට හැකියාව ලැබී ඇත. ජූලි මස 26 දින සිට අගෝස්තු මස 11 සහ අගෝස්තු 28 සිට සැප්තැම්බර් 08 දක්වා පවතින 2024 පැරිස් ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ආරක්ෂාව සහ විශිෂ්ටත්වය සහතික කරමින් ක්‍රීඩා උළෙල පැවැත්වීම උදෙසා අලියාන්ස් සිය දායකත්වය ලබා දෙයි.

පැරාඔලිම්පික් සමග අලියාන්ස් හි සහයෝගිතාවය 2006 දක්වා තරම් අතීතයට ගමන් කරන්නකි. ගෝලීය රක්ෂණ හවුල්කරුවා ලෙස ක්‍රීඩා ප්‍රජාවේ අපේක්ෂාවන්, අභියෝගයන් සහ අවශ්‍යතාවයන් වෙනුවෙන් රක්ෂණය තුළින් පමණක් නොව උපදෙස් ලබා දීම , වෘත්තීය අවස්ථාවන් සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු මගින්ද අලියාන්ස් ඔවුන් වෙත සහයෝගය ලබා දීම සිදු කරයි. මෙම හවුල්කාරිත්වය මිලානෝ කොර්ටිනා 2026 සහ ලොස් ඇන්ජලීස් 2028 ඇතුලුව විවිධාකාර ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් ඉසව් සඳහා විස්තීරණය කර ඇත.

විවිධ ප්‍රජා කටයුතු තුළින්, තරුණ තරුණියන් ක්‍රීඩා කටයුතු සඳහා එක් කර ගැනීම වර්ධනය කිරීමේ කර්තව්‍යය ප්‍රවර්ධනය කිරීම උදෙසා අලියාන්ස් විසින් සහයෝගය දක්වනු ලබයි. MoveNow” වැනි වැඩසටහන් තුළින් මීළඟ පරපුර ධෛර්ය්‍යයමත් කිරීම, ආබාධිත තත්ත්වයන් සහිත තරුණ තරුණියන් ක්‍රීඩා සහ වෙනත් ශාරීරි සුවතා ක්‍රියාකාරකම් සඳහා යොමු කරවීම, තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වෘත්තීයමය පුහුණු ලබා දීම, උපදේශකත්වය සහ කුසලතා සංවර්ධනය කිරීම සිදු කරයි. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමග හවුල්කාරිත්වයෙන්, ක්‍රීඩා සඳහා වන බාධක පිළිබඳව ආමන්ත්‍රණය කරමින් ලොව පුරා සිටින තරුණ තරුණියන් හට මලල ක්‍රීඩා තුළින් ලැබෙන ප්‍රතිලාභයන් ඇත විඳිමින් ඔවුන්ගේ සිහින හඹා යාමට අලියාන්ස් විසින් සහයෝගය දක්වනු ලබයි.

මෙම හවුල්කාරිත්වය තුළින් ලැබෙන ගෝලීය පිටු බලය මෙන්ම මව් සමාගම විසින් සිදු කරනු ලබන කර්තව්‍යයන් තුළින් අලියාන්ස් ලංකා වෙත සුවිශේෂී බලපෑමක් ඇති කරයි. 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සිදු කරන ක්‍රියාකාරී සහයෝගිතාවය තුළින් අලියාන්ස් ලංකා විසින් දේශීය ප්‍රජාවන් වෙත සිදු කරන කැපවීම වඩාත් ශක්තිමත් කිරීම, මලල ක්‍රීඩා විශිෂ්ටත්වය වෙනුවෙන් සහයෝගය දැක්වීමට ගෝලීය වශයෙන් සිදු කෙරෙන කර්තව්‍යයන් සහ ලොව පුරා සිටින මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සැහැල්ලු මනසකින් යුතුව කටයුතු කිරීම සහතික කිරීම සිදු කරනු ලබයි.

පොදුවේ අලියාන්ස් ලංකා ලෙස හැඳින්වෙන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් ජර්මනියේ මියුනික් නගරයේ පිහිටා ඇති රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ව්‍යාපාර සඳහා ප්‍රධාන වශයෙන් සේවා සපයන ගෝලීය මූල්‍ය සේවා සපයන්නෙකු වන අලියාන්ස් හි පූර්ණ අනුබද්ධිත සමාගම් වේ. Interbrand සහ Brand Finance විසින් 2023 වසර සඳහා, ලොව අංක 1 රක්ෂණ සන්නාමය ලෙස ද අලියාන්ස් සමූහය නම් කර ඇත.

අලියාන්ස් සමූහයේ ගෝලීය ශක්තිය සහ ශක්තිමත් ප්‍රාග්ධනීකරණය සමග එක් වී ඇති දේශීය විශේෂඥතාව සහ ව්‍යාපාරික දැනුම අලියාන්ස් ලංකාහි සාර්ථකත්වය සඳහා ප්‍රධාන දායකත්වයක් සපයයි. විශිෂ්ටත්වය  සහ නවෝත්පාදනය වෙනුවෙන් නිරන්තරයෙන් කැප වන අලියාන්ස් ලංකා සිය පාරිභෝගික ජනතාවගේ විවිධ අවශ්‍යතා සපුරාලමින්, ඔවුන්ට සුරක්ෂිත සහ සමෘද්ධිමත් අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් කැප වෙයි.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 + 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව