2023 සණස ජාතික සම්මේලනය අභිමානවත් ලෙස පැවැත්වේ

IMAGE-1 (LBN)

 



 

 

සණස නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයක් වන ‘වැය අඩු කරමු – අය වැඩි කරමු’ යන තේමාව යටතේ ක්‍රියාත්මක සණස සමිති 1250ක් සංවර්ධනය කිරීම තුළින් ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනට අදාළ තුන් අවුරුදු ඉදිරි සැළසුම එළි දැක්වීමේ සමාරම්භක වැඩසටහන (සණස ජාතික සම්මේලනය) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි. මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු පිරිසක් සහභාගී වී සිටියහ.

ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා මීට වසර දෙකකට ඉහතදී ඇරඹූ මෙම සණස සමිති 1250ක් සංවර්ධනය කිරීම තුළින් ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහනහි ඉදිරි තුන් අවුරුදු ක්‍රියාකාරී සැළැස්ම මෙහිදි පළාත් 9ක් ආවරණය කරමින් දිස්ත්‍රික්ක 25ක සණස නායකයන් 6000ක් වෙත දුන් අතර මේ තුළින් ගම්මාන 5000ක සංවර්ධන ව්‍යාපෘති 10,000ක් ඇරඹීමටත්, ඒ හරහා දිවයින පුරා ඍජු හා වක්‍ර රැකියා අවස්ථා 50,000ක් නිර්මාණය කිරීම තුළින් පවුල් 300,000කට වැඩි පිරිසකගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් සැළසුම් සකසා තිබිණි. මේ සඳහා දිවයිනේ නන් දෙසින් සණස සමිති නායකයෝ රැසක් සහභාගී වී සිටියහ.

“රට සංවර්ධනය කිරීමට පාර්ශ්ව හතරක් සිටිනවා. එනම් දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික අංශය හා මහජනතාව. මෙම පාර්ශ්ව හතර නිහතමානීව තම තමන්ගේ යුතුකම් ඉටු කළ යුතුයි. සණස ව්‍යාපාරය ගොඩනගන විට ගමක් ගමක් ගාණේ ගිහින් මූලික මුදල හොයා ගෙන බැංකු ආරම්භ කළා. පුංචි මිනිස්සුන්ටත් ඉඩක් දිය යුතුයි. ඔවුන්ගෙන් විශාල දායකත්වයක් රට හදන්න ගන්න පුළුවන්.” කිරිවන්දෙණිය මහතා පැවසීය.

ශ්‍රී ලාංකේය ග්‍රාමීය ජන ජීවිතය නගා සිටුවීමට රටේ තරුණ ජවය ශක්තිමත් ඉලක්කයක් කර ගනිමින් ඔවුන් වෙනුවෙන්ම එකම සන්නාමයක් යටතේ රැකියා තෝතැන්නක් නිර්මාණය කර රටට දායාද කිරීමට සණස ව්‍යාපාරය එදා මෙදා තුර මහත් දායකත්වයක් සපයා ඇත. ඒ අනුව ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා සණස මහා සංගමය, සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් පී.එල්.සී., සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම, සණස කැම්පස්, සණස ග්‍රීන් මාර්ට් සමාගම, සණස මීඩියා නෙට්වර්ක්ස් සමාගම, සණස උත්තමාවී සමාගම, සණස ඉංජිනේරු සහ ඉදිකිරීම් සමාගම, සණස ආරක්ෂක සේවා සමාගම වැනි ආයතන රැසක් රටේ උන්නතිය වෙනුවෙන් දායද කර ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව