2023 CMA සම්මාන උළෙලේ වසරේ හොඳම වාර්ෂික වාර්තාව සඳහා සම්මානයට පාත්‍ර වෙමින් සොෆ්ට්ලොජික් ලයිෆ් ක්ෂේත‍්‍රයේ දැවැන්තයින් අතරට එක් වෙයි

MD Iftikar Ahamed

 



 

 

  • ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටත්වය සඳහා සමස්ත රන් සම්මානය ඇතුළුව සම්මාන පහක් දිනා ගනී

 

වාර්තාකරණය (Reporting) සහ වගවීම (Accountability) පිළිබඳ හොඳම භාවිතයන් සඳහා වන සිය කැපවීම යලිත් සනාථ කරමින් ශ‍්‍රී ලංකාවේ දෙවනියට විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් 2023 CMA ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේ දී ‘Reimagining’ තේමාව රැගත් සිය 2022 වාර්ෂික වාර්තාව සඳහා ගෞරවනීය සම්මාන පහක් දිනා ගැනීමට සමත් විය. ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටත්වය සඳහා වන සමස්ත රන් සම්මානය ද ඇතුළුව මෙම සම්මාන පහෙන් සොෆ්ට්ලොජික් ලයිෆ් හි විනිවිදභාවය, වගවීම, පාලනය සහ තිරසාරභාවය සඳහා වන කැපවීම මනාව පෙන්නුම් කරයි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම  සමාගම් අතරට මේ වන විට එක් වී ඇති සමාගමක් වන සොෆ්ට්ලොජික් ලයිෆ් මෙරට ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ ප‍්‍රබල තරඟකරුවන් අභිබවමින් ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටත්වය සඳහා වන සමස්ත රන් සම්මානය දිනා ගැනීම මෙහිදී විශේෂයෙන් කැපී පෙනේ. මෙම පිළිගැනීමට ලක්වූ ශ‍්‍රී ලංකාවේ ලාබාලතම සමාගම වන්නේ ද සොෆ්ට්ලොජික් ලයිෆ් ය. තවද, මෙම ජයග‍්‍රහණය සමඟින් සොෆ්ට්ලොජික් ලයිෆ් CMA සම්මාන ඉතිහාසයේ මෙම සම්මානයෙන් පිදුම් ලැබූ පළමු සහ එකම ජීවිත රක්ෂණ සමාගම බවට පත් විය. මීට අමතරව, රක්ෂණ කාණ්ඩයේ හොඳම ඒකාබද්ධ වාර්තාව, Best Disclosure on Materiality සම්මානය, ශ‍්‍රී ලංකාවේ හොඳම ඒකාබද්ධ වාර්තා දහය අතරට ශ්‍රේණිගත වීම සඳහා වූ සම්මානය සහ සොෆ්ට්ලොජික් ලයිෆ් හි නුවන් විතානගේ මහතා ශ‍්‍රී ලංකාවේ හොඳම ප‍්‍රධාන මූල්‍ය නිලධාරි ලෙස සම්මානයට පාත‍්‍ර වීම යන සම්මාන හතරද සමාගම විසින් දිනා ගන්නා ලදී.

සොෆ්ට්ලොජික් ලයිෆ් හි ඒකාබද්ධ වාර්ෂික වාර්තාව මගින් ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමිතීන් ඉක්මවා යමින් ශ‍්‍රී ලංකාවේ මූල්‍ය වාර්තාකරණයේ නව මිණුම් සලකුණු සනිටුහන් කිරීමට සමාගමේ ඇති දැඩි කැපවීම මනාව පිළිබිඹු කරයි. සමාගම 2013 වසරේදී සිය ඒකාබද්ධ වාර්තාකරණ ගමන්මග ආරම්භ කළ අතර එතැන් පටන් අඛණ්ඩව වසර දහයක් ඒකාබද්ධ වාර්ෂික වාර්තා ඉදිරිපත් කර තිබේ. මෙම ඒකාබද්ධ වාර්ෂික වාර්තාව හරහා  සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් සිය පාර්ශවකරුවන් සඳහා වටිනාකමක් එකතු කර ඇති ආකාරය පිළිබඳව පරිපූර්ණ වාර්තාවක් සමාගම ඉදිරිපත් කරයි. එමෙන්ම මේ හරහා සමාගම විදිහටල එහි බාහිර සාධක, උපාය මාර්ග, සම්පත් කළමනාකරණය, ව්‍යාපාර ආකෘතිය, කාර්යසාධනය, ආයතනික පාලනය සහ අනාගත අවස්ථාවන් පිළිබඳ සමබර හා සංක්ෂිප්ත විශ්ලේෂණයක් ද මෙම ඒකාබද්ධ වාර්ෂික වාර්තාව මගින් සපයයි.

තාක්ෂණය සහ නවෝත්පාදනයන් භාවිත කිරීමේදී ඉදිරියෙන්ම සිටින සොෆ්ට්ලොජික් ලයිෆ් නිරන්තරයෙන් වෙනස් වන ඩිජිටල් ලෝකයක් සඳහා ඩිජිටල් වාර්තාවල ඇති වැදගත්කම හොඳින් අවබෝධ කරගෙන ඇති සමාගමකි. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට හඳුන්වා දුන් ‘Generate Your Own Report’ නව්‍ය ඩිජිටල් විසඳුම තුළින් පරිශීලකයින්ට සොෆ්ට්ලොජික් ලයිෆ් හි වෙබ් පිටුවට පිවිස සමාගමේ වාර්ෂික වාර්තා තුළින් ඔවුන්ටම ගැලපෙන අනු වාර්තා (sub-reports)  දැන් නිර්මාණය කළ හැකිය.

2020 වසරේදී ඒකාබද්ධ වාර්තාකරණය (integrated reporting) සඳහා වන බාහිර සහතිකය (external assurance) හිමිකර ගත් ආසියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද පළමු සමාගම බවට පත් වූ සොෆ්ට්ලොජික් ලයිෆ් 2022 වසරේදී අඛණ්ඩව තෙවන වසරටත් ඒකාබද්ධ වාර්තාකරණය සඳහා වන බාහිර සහතිකය ලබා ගැනීමට සමත් විය. මීට අමතරව, ඔවුන්ගේ වාර්ෂික වාර්තාව Global Reporting Initiative (GRI) ප්‍රමිතීන්ට අනුකූලව තිරසාර මිනුම් සඳහා බාහිර සහතිකයක් (external assurance) ලබා ගෙන ඇත.

තවද, මෙම වාර්ෂික වාර්තාවෙ හි සොෆ්ට්ලොජික් ලයිෆ් සභාපතිවරයාගේ සහ කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ සමාලෝචනයන් ඇතුලත් වන අතර ප‍්‍රධාන මූල්‍ය ප‍්‍රකාශන ඉංග‍්‍රීසි, සිංහල හා දෙමළ යන භාෂා ත‍්‍රිත්වයෙන්ම ඇතුලත් වේ. SASB (Sustainability Accounting Standard Board) විසින් හඳුන්වා දී ඇති Insurance Sustainability Accounting Standard ක‍්‍රියාවට නංවා ඇති සමාගම ස්වභාවික සම්පත් සංරක්ෂණය හා තිරසාර භාවිතය සම්බන්ධයෙන් ඇති සිය කැපවීම පෙන්නුම් කරමින් Carbon Conscious සහතිකය ලබා ගැනීමට ද සමත්ව ඇත.

CMA සම්මාන උලෙළේදී ලද මෙම පිළිගැනීමල විනිවිදභාවයෙන් සහ ගුණාත්මකභාවයෙන් යුතු වාර්තාකරණය සඳහා සමාගමේ කැපවීම පෙන්නුම් කරන අතරම වත්මන් ආර්ථික අභියෝගයන් මධ්‍යයේ වුවද විනිවිදභාවයෙන් යුතුව සහ නිවැරදිව තොරතුරු වාර්තා කරන බවටද මෙම ජයග්‍රහණය ආයෝජකයින්ට හා පාර්ශවකරුවන්ට සහතිකයකි. තවද මෙම සම්මානනීය වාර්ෂික වාර්තාව, සමාගමේ ස්ථාවරත්වය සහ දුෂ්කර අවස්ථාවන් මධ්‍යයේ සාර්ථකව කටයුතු කිරීමට සමාගමට ඇති හැකියාව පිළිබඳව ආයෝජකයින්ට සහ අනෙකුත් පාර්ශවකරුවන්ට මනාව පිළිඹිබු කරයි.

මෙම සුවිශේෂී ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් ලයිෆ් හි කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා පැවසුවේ ‘‘ 2022 වසරේදී මුහුණ දුන් ආර්ථික හා දේශපාලන අභියෝග සලකා බැලීමේදී අපගේ වාර්ෂික වාර්තාව සඳහා හිමි වුණු මෙම ගෞරවනීය සම්මානය ඉතාමත් සුවිශේෂී අවස්ථාවක් බවයි. ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ඉහළින්ම වැජඹීමට සමාගම සතු ශක්තියට එය කදිම සාක්ෂියක්. මෙම වාර්ෂික වාර්තාව හුදු ලියවිල්ලක් නොවේ. ඒ තුළින් විනිවිදභාවය, අවංකභාවය සහ ඉහළ වාර්තාකරණ ප‍්‍රමිතීන් සඳහා සමාගමේ නොසැලෙන කැපවීම පිළිබිඹු වනවා. වෙනස්වන ආර්ථික පසුබිමක් තුළ අපගේ පාර්ශවකරුවන්ට අප කෙරෙහි තබා ඇති විශ්වාසය අප සතු වටිනාම වත්කමයි. මෙවැනි අවිනිශ්චිත කාලවලදී පරිපූර්ණ වාර්ෂික වාර්තාවක් මගින් සමාගමක ස්ථාවරත්වය හා විශ්වසනීයත්වය සංකේතවත් කරනවා. මෙමගින් විශිෂ්ටත්වය සඳහා අපගේ කැපවීම පෙන්නුම් කරන අතර මෙවැනි අවිනිශ්චිත කාලවලදී ඉදිරියට ගමන් කිරීමට ඇති අපගේ හැකියාව අවධාරණය කරනු ලබනවා. සොෆ්ට්ලොජික් ලයිෆ් සහ එහි පාර්ශවකරුවන් සඳහා ශක්තිය සහ විශ්වාසය එක්ව ගොඩනැගුනු මාවතක් නිර්මාණය කරමින් ඉදිරියට යන විට මෙම උසස් ප‍්‍රමිතීන් එලෙසින්ම පවත්වා ගැනීමට අප කටයුතු කරනවා.’’ යනුවෙනි.

මේ පිළිබඳව අදහස් දක්වමින් නුවන් විතානගේ මහතා සඳහන් කළේ ‘‘විනිවිදභාවය, වගවීම, පාලනය සහ තිරසාරභාවය සඳහා වන අපගේ කැපවීම මැනවින් පෙන්නුම් කරමින් 2022 ඒකාබද්ධ වාර්ෂික වාර්තාව සඳහා සමස්ත විශිෂ්ටතා රන් සම්මානය දිනා ගැනීමට ලැබීම ගැන අපිට සතුටක් වගේම ගෞරවයක්. 2022 දී, මූල්‍ය වාර්තාකරණයේ අපගේ විනිවිදභාවය ඉහළ නැංවීමට අපි විවිධ ක‍්‍රියාමාර්ග ගනු ලැබුවා. එහිදී අප උපායමාර්ගික ප‍්‍රධාන කාර්යසාධන දර්ශක අනාවරණය කිරීම (Disclosure on strategic key performance indicators), බාහිර සහතික කිරීම් හිමි කර ගැනීම සහ GRI සහ SASB වැනි ගෝලීය ප‍්‍රමිතීන්ට අනුකූලව අඛණ්ඩව කටයුතු කරනු ලැබුවා. මෙම ක‍්‍රියාමාර්ග අපගේ සේවාදායකයින් සහ ප‍්‍රජාවන් සඳහා දිගුකාලීන වටිනාකමක් ලබා දීමට අපගේ කැපවීම සනාථ කරන්නක්. තවද CMA සම්මාන උලෙළේදී හොඳම මූල්‍ය නිලධාරී ලෙස සම්මානයට පාත‍්‍ර වීම මගේ වෘත්තීය ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතර, මගේ   වෘත්තීය ගමන්මග පුරාවට සමාගම දක්වනු ලැබූ සහයෝගය මම ඉතා අගය කරනවා.’’ යනුවෙනි.

සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී යනු සොෆ්ට්ලොජික් කැපිටල් පී එල් සී හි අනුබද්ධිත ආයතනයක් වන අතර එය සෞඛ්‍ය, වෙළෙද, තොරතුරු හා සන්නිවේදන, සංචාරක, රථ වාහන හා මූල්‍ය සේවා යන අංශයන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ශ‍්‍රී ලංකාවේ වඩාත් විවිධාංගීකරණය වූ සහ සීඝ‍්‍රයෙන් වර්ධනය වන සමාගමක් ලෙස පිළිගනු ලබයි. සමාගම සතු සැලකිය යුතු පාර්ශවකරුවන් අතර ගෝලීය ආයෝජකයින් වන Leapfrog Investments ද ඇතුළත් වේ.

 


 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව