2023 රයිගම් ටෙලි සම්මාන උළෙලේ විශේෂ අවස්ථා

Image 01 (LBN)

 



 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL අනුග්‍රාහකත්වය සමගින් 19 වැනි රයිගම් ටෙලි සම්මාන උළෙල පසුගියදා කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී  උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ කලාව හා සංස්කෘතිය නගාසිටුවීමට කැප වී සිටින සන්නාමයක් වශයෙන් SLT-MOBITEL අඛණ්ඩව තුන්වන වරටත් ප්‍රධාන සම්මාන උළෙලේ නිල සන්නිවේදන හවුල්කරු ලෙසද, නාමයෝජනා ප්‍රකාශයට පත්කිරීමේ උත්සවයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසද කටයුතු කළේ ය.

‘Let’s revive’ යන තේමාව යටතේ පැවති මෙවර සම්මාන උළෙලට, රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ මහතා සහ SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් පිරිසක්ද එක්වූහ. සම්මාන උළෙලේදී ජනගත සම්මාන ඇතුළුව සම්මාන 60 ක් පිරිනමන ලද අතර, සම්මාන උළෙල අවසානයේදී රංගන ශිල්පීන් හා නිෂ්පාදකවරුන් ඇතුළුව මෙරට රූපවාහිනී ක්ෂේත්‍රයේ සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් ප්‍රිය සම්භාෂණයක්ද පැවැත්විණි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − seven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව