2022 ජාත්‍යන්තර CIPM පර්යේෂණ සම්මන්ත්‍රණයට CDB ආයතනය විසින් පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කරයි

Image 1 (LBN Fill)

 



 

 

 

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB) 2022 ජාත්‍යන්තර CIPM පර්යේෂණ සම්මන්ත්‍රණයේ ‘සිද්ධි අධ්‍යයන’ සැසිය වෙනුවෙන්, COVID-19 වසංගතය සම්බන්ධ අභියෝග ජයගැනීම සඳහා සිය ආයතනය භාවිතා කළ ක්‍රමවේදයන් පිළිබඳව පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. මෙවර සම්මන්ත්‍රණයේ තේමාව වූයේ ‘අභියෝග වලට සාර්ථක ලෙස මුහුණ දීමට හැකි වීම සඳහා ව්‍යාපාරය සතු මානව සම්පත් පරිචයන් දේශීය හා ගෝලීයකරණය කිරීම’ (‘Glocalization of HRM Practices for Business Resilience’) යන්නයි. මෙහිදී දේශීය හා ජාත්‍යන්තර රාජ්‍ය හා පෞද්ගලික ආයතන වල සහ රාජ්‍ය නොවන සංවිධාන වල මානව සම්පත් පරිචයන්ගේ ඵලදායී බව සම්බන්ධයෙන් මූලික වශයෙන් අවධානය යොමු විය

‘අභියෝග මධ්‍යයේ ඔරොත්තු දීමේ හැකියාව’(“Resilience amid challenges”) යන තේමාව යටතේ ඉදිරිපත් කළ මෙම පර්යේෂණ පත්‍රිකාවේදී, CDB ආයතනය COVID-19 අර්බුදයට සාර්ථක ලෙස සූදානම් වීම හා මුහුණ දුන් ආකාරය විශ්ලේෂණය කර තිබේ. තම කාර්ය මණ්ඩලය, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හා ගනුදෙනුකරුවන් යන සියලු පාර්ශව වල ආරක්ෂාව තහවුරු කරමින්, ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට ආයතනය සමත් වූ ආකාරයද එහිදී පෙන්වා දී ඇත. එමෙන්ම අභියෝග වලට ඔරොත්තු දිය හැකි අනාගතයක් නිර්මාණය කිරීම සඳහා පරිසර හිතකාමීත්වයට මුල්තැන දෙමින්, වඩාත් තිරසාර හා විවෘත සමාජයන් හා ආර්ථිකයන් බිහිකිරීමේ මෙහෙවරට CDB ආයතනය මුලපිරූ ආකාරයද මෙහි පැහැදිලි කර තිබේ. තවද මෙම ගෝලීය අභියෝගය හමුවේ, තිරසාර වර්ධනයක් සඳහා තමන් දරන උත්සාහය නැවත වරක් තහවුරු කරමින්, දීර්ඝකාලීන තිරසාර වටිනාකම් නිර්මාණය ඔස්සේ හරිත ආර්ථිකයක් බිහිකිරීම සඳහා CDB ආයතනය දිගින් දිගටම අවධානය යොමුකළ බවද මෙම පත්‍රිකාව මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

 



 

 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව