2022 DSI Supersport පාසල් වොලිබෝල් ශූරතා තරගාවලියට අයදුම්පත් භාරගැනීමේ කාල සීමාව ජූනි 15 දක්වා දීර්ඝ කෙරේ

pexels-cottonbro-10350341

 



 

 

 

රට තුළ පවතින සමාජ ආර්ථික අර්බුදකාරී වාතාවරණය හේතුකොටගෙන ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් (SLVF) 20 වැනි DSI Supersport පාසල් වොලිබෝල් ශූරතා තරගාවලියට අයදුම්පත් භාරගැනීමේ කාල සීමාව 2022 ජූනි මස 15 දක්වා දීර්ඝ කොට ඇත.

ශ්‍රී ලංකාවේ අංක එකේ පාවහන් නිෂ්පාදකයා වන DSI ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් වොලිබෝල් අනුකමිටුව සමග අත්වැල් බැඳගනිමින් 20 වැනි වරටත් සංවිධානය කෙරෙන DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය පිළිබඳ, කොළඹ 02 නිපොන් හෝටලයේදී 2022 පෙබරවාරි මාසයේදී පැවැති මාධ්‍ය හමුවකදී නිවේදනය කෙරිණ.

තරගාවලියේ පළමු වටයේ තරග සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත‍්‍රික්කයත් හා ඌව පළාතේ මොණරාගල දිස්ත‍්‍රික්කයත් ආවරණය කරමින් 2022 ජූනි මස 18 හා 19 දෙදින පැවැත්වීමට නියමිත අතර ඌව පළාතේ බදුල්ල දිස්ත‍්‍රික් තරග ජූනි මස 18, 19 හා 20 වැනිදා පැවැත්වෙනු ඇත.

ඞී සැම්සන් සහ පුත‍්‍රයෝ පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතා 20 වැනි DSI Supersport පාසල් වොලිබෝල් ශූරතා තරගාවලියට අයදුම්පත් භාරගැනීමේ කාල සීමාව දීර්ඝ කිරීම පිළිබඳ අදහස් දක්වමින්  නොසිතූ ආකාරයෙන් උද්ගත වී ඇති ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික වටපිටාවේ අස්ථාවර බව නිසා මුළු මහත් ශ්‍රී ලාංකිකයන් අපහසුතාවයට පත්ව සිටීම ගැන සලකාබලා DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය කල් දමන්නට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් වොලිබෝල් අනුකමිටුව සමග එක්ව අප තීරණය කළා. DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලියට වසර 20 ක් සම්පූර්ණ වෙන සුවිශේෂී සංවත්සර තරගාවලියට සහභාගී වීමට කැමැත්තෙන් සිටින පාසල් සිසුන්ට මෙම දීර්ඝ කරන ලද කාල සීමාව යම් සහනදායී බලාපොරොත්තුවක් වේවි.යැයි පැවසීය.

දිවයින පුරා සියළුම DSI ප‍්‍රදර්ශනාගාරයන්ගේ ප‍්‍රදර්ශනය කර ඇති විශේෂ QR කේතය ස්කෑන් කොට තරගාවලියේ අයදුම්පත් ලබාගත හැකිය. සම්පූර්ණ කළ අයදුම්පත් ලේඛකාධිකාරී, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, අංක 33, නිදහස් චතුරශ‍්‍ර, මාවත, කොළඹ 07 යන ලිපිනයට හෝ info@dsisamson.com ඊමේල් ලිපිනයට 2022 ජූනි මස 15 වැනිදාට පෙර යොමු කළ යුතුය.

මේ වසරේ තරග කාලසටහන

බස්නාහිර පළාත

ගම්පහ                          ජූලි 02, 03

කළුතර                          ජූලි 09, 10

කොළඹ                        ජූලි 16, 17

 

මධ්‍යම පළාත

නුවරඑළිය                     ජූනි 25, 26

මාතලේ                        ජූලි 02, 03

මහනුවර                        ජූලි 09, 10

 

දකුණු පළාත

ගාල්ල                           ජූලි 02, 03

මාතර                            ජූලි 09, 10

හම්බන්තොට                 ජූලි 16, 17

 

සබරගමුව පළාත

කෑගල්ල                        ජූනි 18, 19

රත්නපුර                        ජූනි 25, 26

 

උතුරු මැද පළාත

අනුරාධපුර                     ජූනි 25, 26

පොළොන්නරුව             ජූනි 25, 26

 

වයඹ  පළාත

කුරුණෑගල                    ජූලි 02, 03

පුත්තලම                       ජූලි 09, 10

 

ඌව  පළාත

මොණරාගල                  ජූනි 18, 19

බදුල්ල                          ජූනි18, 19, 20

 

නැගෙනහිර පළාත

ත‍්‍රිකුණාමලය                  ජූනි 25, 26

මඩකලපුව                     ජූනි 25, 26

අම්පාර                          ජූනි 25, 26

 

උතුරු පළාත

යාපනය                         ජූනි 25, 26

මුලතිව්                          ජූනි 25, 26

කිලිනොච්චි                   ජූනි25,26

වව්නියා                         ජූනි 25, 26

මන්නාරම                      ජූනි 25, 26

 

දිවයිනේ විශාලතම හා ප‍්‍රමුඛතම වෙළෙඳසැල් ජාලයක් ලෙස ශ්‍රී ලාංකික ජනතා ගෞරවාදරයට පාත‍්‍ර වූ ඞී සැම්සන් සහ පුත‍්‍රයෝ පුද්ගලික සමාගම U Softo, Ranpa, Samsons, Supersport, Beat, Beach, Petalz, Fun Souls, Tamik, Waves, Jessica, Melissa iy AVI යන දේශීය සන්නාමයන් මෙන්ම කීර්තිමත් ජාත්‍යන්තර සන්නාමයන් වන Clarks, Redtape, Reebok, Puma, Fila, U.S. Polo, Adidas Arrow, W, Modare, Inc.5, Aurelia, Asics සහ Von Well යනාදී දෙස් විදෙස් අනගි පාවහන්

නිෂ්පාදන රැසක් ශ්‍රී ලාංකිකයන් වෙත රැගෙන එයි.

මෙම QR කේතය ස්කෑන් කොට තරගාවලියේ අයදුම්පත් ලබාගත හැකිය.

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven − 8 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව