වෙළෙඳ සේවා ආයතන තුළ ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන අතරතුර දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික තලයට හඳුන්වාදීම අරමුණුකොට 2012 වසරේදී ආරම්භකරන ලද වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලිය දෙවසරක කෙටි නිහැඬියාවකින් පසු 2022 වසර වෙනුවෙන් පැවැත්වෙන බව වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය විසින් ප්‍රකාශයට පත්කොට තිබේ. පසුගිය කාලයේ පැවැති කොරෝනා වසංගතය නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංවිධානය කිරීමට නොහැකිවූ වෙළෙඳ සේවා වොලිබබෝල් තරගාවලිය මෙවර ශ්‍රී ලාංකිකයන් අසීරුතා රැුසකට මුහුණ දී සිටින මොහොතකදී වුවද සංවිධානය කරනු ලබන්නේ වෙළෙඳ සේවා සාමාජිකයන්ටත් වොලිබෝල් ක්‍රීඩා රසිකයන්ටත් යම් මානසික සහනයක් ලබාදීමේ අරමුණ ඇතිව බව වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය පවසයි.
2012 වසරේ කණ්ඩායම් 50 ක සහභාගීත්වයෙන් ඇරඹුණ වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලිය වසරෙන් වසර දියුණුවෙන් දියුණුවට පත්වූයේ ශ්‍රී ලාංකීය වොලිබෝල් ක්‍රීඩා ක්ෂේත්රයේද නව ප්රබෝධයක් ඇතිකරවමිනි. ජාතික වොලිබෝල් නීති රීති රෙගුලාසි වලට අනුකූලව, MAS ක්‍රීඩා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චන්දන බණ්ඩාර මහතාගේ නායකත්වයෙන් යුතු සුප්‍රකට දේශීය සමාගම් රැසක නියෝජිත කණ්ඩායමක සංවිධාන ශක්තියෙන් 2022 වසරේ වෙළෙඳ සේවා වොලිබෝල් ක්‍රීඩා තරගාවලිය සංවිධානය කෙරේ. 2022 වසරේ අගෝස්තු 31 වන දිනට පෙර වෙළෙඳ සේවා ආයතනයන්ගේ සේවා නියුක්තිකයන් මේ වසරේ පැවැත්වෙන වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලිය සඳහා සහභාගීවීමට සුදුසුකම් ලබයි.
මේ වසරේ වෙළෙඳ සේවා වොලිබෝල් මූලිකවටයේ තරග 2022 ඔක්තෝබර් මස 22 හා 23 දෙදින ගාල්ල වොලිබෝල් ක්‍රීඩා සංකීර්ණයේදී සංවිධානය කෙරේ. අවසන් වටයේ තරග නොවැම්බර් 19 හා 20 දෙදින මහරගම ජාතික තරුණ සේවා සභාවේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ප්‍රවීණ හා ආධුනික යන තරග කාණ්ඩ 2 යටතේ, දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව වෙත පිරිනැමෙන රු. 150,000 සහ රු. 100,000 ක මුදල් තෑගි ද තවත් මුදල් තෑගි 16 ක් ද ඇතුළුව රුපියල් මිලියනයකට අධික වටිනාකමකින් යුතු මුදල් තෑගි හා කුසලාන 30කට අධික සංඛ්‍යාවක් සමග 2022 වසරේ වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලිය සංවිධානය කෙරේ.
අදාල ත්‍යාග පහත ආකාරයෙන් පිරිනැමේ.
මුදල් ත්‍යාග
වෙළෙඳ සේවා වොලිබෝල් සංගම් ප්‍රවීණයන් | පිරිමි | කාන්තා |
මුදල් ත්‍යාග | ||
ශූරතාවය | රු. 150″000’00 | රු. 100″000’00 |
දෙවන ස්ථානය | රු. 100″000’00 | රු. 60″000’00 |
තෙවන ස්ථානය | රු. 50″000’00 | රු. 30″000’00 |
දක්ෂතම ක්‍රීඩකයා | රු. 150″000’00 | රු. 100″000’00 |
ආධුනික | පිරිමි | කාන්තා |
මුදල් ත්‍යාග | ||
ශූරතාවය | රු. 50″000’00 | රු. 50″000’00 |
දෙවන ස්ථානය | රු. 30″000’00 | රු. 30″000’00 |
තෙවන ස්ථානය | රු. 20″000’00 | රු. 20″000’00 |
දක්ෂතම ක්‍රීඩකයා | රු. 50″000’00 | රු. 50″000’00 |
කුසලාන |
කාන්තා හා පිරිමි | |
ප්‍රවීණයන් | ආධුනික | |
හොඳම ක්‍රීඩකයා | ||
හොඳම ආරක්ෂකයා | ||
හොඳම ප්‍රහාරක | ||
හොඳම පහර වළක්වන්නා | ||
හොඳම පන්දු ගොඩගන්නා | ||
හොඳම පන්දු පිරිනමන්නා | ||
හොඳම ආරක්ෂකයා |
මෙම වසරේ තරගාවලියේ ප්ලැටිනම් අනුග්‍රාහකයා වශයෙන් මාස් (MAS) හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමත්, බ්‍රැන්ඩික්ස්, ලංකා ටයිල්ස් සහ එක්ස්පෝ ලංකා (EFI) යන සමාගම් රන් අනුග්රාහකයන් ලෙසත්, ශී‍්‍ර ලංකා ටෙලිකොම්, ඔමේගා ලයින්, ඕෂන් ලංකා, මැලිබන් බිස්කට් සහ ලින්ක් නැචුරල් ප්‍රඩට්ස් යන සමාගම් රිදි අනුග්රාහකයන් ලෙසත් කටයුතු කරයි.
එදා මෙදාතුර පැවැති වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතා තරගමාලාවන් නිසා ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායමට තේරී පත්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැුසකි. සම්ප්රදායක ලෙස වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය විසින් වොලිබෝල් ජාතික ක්‍රීඩාවේ උන්නතිය උදෙසා වෙහෙසුණු දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගනිමින් ඔවුන් වෙත පහසුකම් සැලසීම මේ වසරේදීද ක්‍රියාත්මක කරනු ලබයි.
තරගාවලියේ කණ්ඩායම් ලියාපදිංචිය සඳහා අයදුම්පත් භාර ගැනීම 2022 වසරේ ඔක්තෝබර් මස 1 වැනිදාට පෙර සිදු කළ යුතු අතර වැඩි විස්තර 0710 682 682 (චන්දන) හෝ 0765 498 086 (තාරා) අංක වෙතින් හෝ www.mva.lk වෙත පිවිසීමෙන් හෝ mvasrilanka@gmail.com වෙත ඊමේල් පණිවුඩයක් යොමුකිරීමෙන් දැනගත හැකිය.