ෆැෂන් බග් මෙරට ප්‍රමුඛතම සන්නාම අතරට, LMD වාර්ෂික සන්නාම 2025 හී ඇගයීම් රැසක්

Shabier Subian

2025 ජුනි 16 ශ්‍රී ලංකාවේ කොළඹ දීය: ශ්‍රී ලාංකිකයන්ගේ ආදර ගෞරවයට පාත්‍රවන ශ්‍රී ලාංකීය විලාසිතා සන්නාමය වන ෆැෂන් බග්, මෙරට ප්‍රමුඛතම ආයතනික සන්නාම 50 අතරට එක්වී ඇති අතර, LMD හි වාර්ෂික සන්නාම සඟරා වල 2025 වසරේ වඩාත් ප්‍රමුඛතම ඇඟලුම් වෙළඳසැල් සන්නාමය ලෙසට ඇගයීමට ලක් වී තිබේ.

PepperCube Consultants ස්වාධීන ලෙස LMD වෙනුවෙන් පවත්වන ලද සමීක්ෂණයක දත්ත විශ්ලේෂණයකට අනුව, LMD පාඨකයින්ට සමීප වෙළඳ නාම හඳුනා ගැනීම මෙම අධ්‍යයනයේ අරමුණ විය.

 



 

සමීක්ෂණයට සමබර ජනවිකාසයක් ඇතුළත් වූ අතර, මේ සඳහා 52% කාන්තාවන් සහ 48% පිරිමි ප්‍රතිචාර දක්වා තිබේ. එමෙන්ම සහභාගී වූවන් බස්නාහිර, දකුණ, මධ්‍යම, වයඹ, සහ උතුරු පළාත් නියෝජනය වන පරිදි තෝරා ගන්නා ලදී.

“LMD හි වාර්ෂික සන්නාම 2025 හි, ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රමුඛතම ආයතනික සන්නාම 50 අතරට තේරීම මෙන්ම, වඩාත් ප්‍රමුඛතම ඇඟළුම් වෙළඳසැල් සන්නාමයක් ලෙස පිළිගැනීමට ලැබීම ගැන අපි කෘතඥ වෙනවා. මේ ජයග්‍රහණ, පාරිභෝගික විශ්වාසය, පාර්ශවකරුවන්ගේ සහයෝගය, සහ අපගේ සාමූහිකත්වයේ කැපවීම පිළිබිඹු කරනවා,” යනුවෙන් ෆැෂන් බග් අධ්‍යක්ෂ ෂබීර් සුබීයන් මහතා සිය කෘතඥතාව පළ කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විලාසිතා සන්නාමය ලෙස ෆැෂන් බග්, 2024 වසරේදී ද LMD පාරිභෝගික විශිෂ්ටතා සමීක්ෂණයේදී “ඇඳුම් පැළඳුම්” සහ “ඔන්ලයින් ඇඟළුම් අලෙවි සේවා” යන ප්‍රධාන කාණ්ඩ දෙකෙහි ප්‍රමුඛයා ලෙස අඛණ්ඩව දෙවන වරටත් පිළිගැනීමට ලක් විම, මෙහි සුවිශේෂී කරුණක් වෙයි.

සේවකයින් හත් දෙනෙකු ගෙන් යුතු කණ්ඩායමකින් 1994 දී ඇරඹූ ෆැෂන් බග් ආයතනය, මේවන විට අලෙවිසැල් 14 ක් පවත්වා ගෙන යන, දහසකට අධික සංඛ්‍යාවකට රැකියා අවස්ථාද ලබාදී ඇති අතර මෙරට නිෂ්පාදන අලෙවි ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් බවට පත්වී ඇත.

දේශීය ඇඟළුම් මෝස්තර තම පාරිභෝගිකයන්ගේ කැමැත්ත මත පදනම් වෙමින්, ගෝලීය විලාසිතා මෙරටට ගෙන ඒමට හැකිවීම, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විලාසිතා සන්නාමය ලෙස ෆැෂන් බග් කෙරෙහි පාරිභෝගික ආදරය දිනාගැනීමේ මූලික සාධකය බවට පත්වී තිබේ.

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව