ෆැෂන් බග් මහරගම ශාඛාව අලූත් අවුරුද්දට තවත් අලූත් වෙලා

Fashion Bug Maharagama

 




 

 

2021 මාර්තු 20, කොළඹදී:

ළඟ එන අලූත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මහරගම ප‍්‍රදේශවාසී පාරිභෝගිකයන්ට අලූත් අත්දැකීමක් ලබාදීමේ අරමුණෙන් නව අංග රැසක් එක් කරමින් පෙරට වඩා වැඩි ඉඩකඩක් නිර්මාණය කරමින් යුතුව නවීකරණය කරන ලද මහරගම ෆැෂන් බග් ශාඛාව 2021 මාර්තු මස 20 වැනිදා යළි විවෘත කෙරිණ. මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතයා ලෙස පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, විශේෂ ආරාධිත කලාකාරිනියක ලෙස තාරුණ්‍යයේ ජනප‍්‍රිය රංගන ශිල්පිනී ගීත්මා බණ්ඩාර මෙනෙවිය එක්වූ අතර ෆැෂන් බග් ශක්තිමත් කරන අධ්‍යක්ෂ මණ්ඩලය, ඉහළ කළමනාකාරීත්වය, සැපයුම්කරුවන් මෙන්ම හිතවත් පාරිභෝගිකයන් රැසක්ද එක්වූහ.

දීප ව්‍යාප්ත ෆැෂන් බග් ජාලයේ ප‍්‍රධාන ශාඛාවක් ලෙස කැපීපෙනෙන මහරගම හයිලෙවල් පාරේ අංක 126 දරණ ස්ථානයේ ස්ථාපිත ෆැෂන් බග් මහරගම ශාඛාව, මහරගම ආශ‍්‍රිත විලාසිතා ප‍්‍රියකරන පාරිභෝගිකයන්ගේ ආකර්ෂණය දිනාගත් ජනප‍්‍රිය විලාසිතා මන්දිරයකි. කාලයේ තාලයට වෙනස්වන නව ජීවන රටාවනට වඩාත් සරිලන ආකාරයෙන් නවීකරණය වී ෆැෂන් බග් මහරගම ශාඛාව පසුගියදා යළි විවෘත වූයේ මහරගම ප‍්‍රදේශයේ නව විලාසිතා ප‍්‍රිය පාරිභෝගිකයන්ගේ රුචිකත්වය හා මනාව සැසඳෙන ආකාරයෙනි.

පෙරටත් වඩා වැඩි තෝරාගැනීමේ අවස්ථා සලසා දෙමින් පුළුල් වූ ඉඩකඩ පරාසයක, කාන්තා, පිරිමි හා ළමා ඇඳුම්, කාර්යාලීය විලාසිතා, උත්සව ඇඳුම්, ක‍්‍රීඩා ඇඳුම් යනාදී ඇඳුම් පැළඳුම් වර්ග රැසක්, පාවහන්, තෑගිභාණ්ඩ සහ නිවසට අවශ්‍යය කරන භාණ්ඩ වර්ග රැසක් එකම වහලක් යටදී ඔබේ සිතැඟි පරිදි තෝරාගැනීමේ අවස්ථාව දැන් නවීකරණය වූ මහරගම ෆැෂන් බග් ප‍්‍රදර්ශනාගාරය වෙතින් හිමිවේ.              25 වසරකට අධික විලාසිතා ක්ෂේත‍්‍රයේ අත්දැකීම් සමග ශ්‍රී ලාංකීක ජනතාවගේ විශ්වාසය දිනූ විලාසිතා සන්නාමයක් වන ෆැෂන් බග් සතු නොනවතින නව්‍යකරණයේ ජවය, මෙම නවීකරණයත් සමග නව ජවයක් ලැබූ ෆැෂන් බග් මහරගම ශාඛාව වෙතින් වඩාත් ප‍්‍රකට වේ. නැවත පාසැල් ආරම්භ කෙරෙන කාලයක දරුවා පාසැල් යවන්නට අවැසි පාසැල් නිලඇඳුම්, පාසැල් බෑග්, පොත් පත් හා ලිපි ද්‍රව්‍ය යනාදී නිෂ්පාදනයන් රැසක් ඇතුලත් නවතම ඉඩකඩක් නවීකරණය වූ මහරගම ෆැෂන් බග් ශාඛාව තුළ නිර්මාණය වී ඇත.

ෆැෂන් බග් ප‍්‍රධාන විධායක නිලධාරී (වෙළෙඳ සහ අලෙවි) ෂබීර්සුබීයන් මහතා නවීකරණය වූ මහරගම ෆැෂන් බග් ප‍්‍රදර්ශනාගාරය ගැන සිය අදහස් දක්වමින් “පාරිභෝගිකයන් සෑම අවස්ථාවකදීම අලූත් හා වෙනස් අත්දැකීම් ලබන්න කැමතියි. කාලයේ තාලයට ගැලපෙන්නට වෙනස් වෙමින් අලූත් වෙමින් පාරිභෝගිකයන්ට තෘප්තිමත් සේවයක් ලබාදීම ෆැෂන් බග් අපේ ව්‍යාපාරික මෙහෙවර බවට පත්ව තිබෙනවා.  “Something New, Every Day!” තේමාව අනුව පාරිභෝගිකයන් අප වෙත පැමිණෙන සෑම දිනයකදීම අලූත් ආලෝකයක් අලූත් ජවයක් ප‍්‍රබෝධමත් බවක් ඔවුන්ගේ ජීවන රටාවන්ට එක් කිරීම අපේ බලාපොරොත්තුවයි. මහරගම ප‍්‍රදර්ශනාගාරය නවීකරණය කර නැවත විවෘත කළේ අපේ ඒ ව්‍යාපාර දැක්ම ඉටුකරගනිමින් පාරිභෝගික කේන්ද්‍රීය සේවාවක් සැපයීම පිළිබඳ ජනප‍්‍රසාදයක් හිමිකරගත් ෆැෂන් බග් මෙහෙවර තවදුරටත් ශක්තිමත් කිරීමටයි. මහරගම ෆැෂන් බග් ප‍්‍රදර්ශනාගාරයට පැමිණෙන පාරිභෝගිකයන්ට සදා අමතක නොවන තෘප්තිමත් සාප්පු සවාරියක් හිමිකරදීම වෙනුවෙන් සියල්ල සූදානම්ව පවතිනවා.” යැයි පැවසීය.

“Something New, Every Day!” තේමාව පෙරදැරිව කාලයේ තාලයට වෙනස්වන නව ජීවන රටාවනට වඩාත් සරිලන ආකාරයෙන් දිනපතා අලූත් දෑ රැසක් එකමුතු කරමින් තෘප්තිමත් සාප්පු සවාරියක් හිමිකර දෙන ෆැෂන් බග් සමග එක්ව ඔබත් අලූත් වෙන්න!

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව