හේලීස් වැවිලි පුරෝගාමීන් තිරසාර තේ සංචාරක වැඩසටහනක් වන The Pekoe Trail සමඟ අත්වැල් බැඳගනිමින් මෙරට සංචාරක ක්ෂේත‍්‍රයට පණ පොවයි

Image 01 (LBN)

 



 

 

ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ විවිධාංගීකරණය වූ හේලීස් සමූහ ව්‍යාපාරයේ සාමාජිකයෙකු වන හේලීස් වැවිලි සමාගම, රටේ සංචාරක ක්ෂේත‍්‍රය යළි නඟාසිටුවීම අරමුණු කරගත් දුරදර්ශී තිරසාර මුලපිරීමක් වන ‘’The Pekoe Trail’’ සමඟ අත්වැල් බැඳගෙන ඇත.

හේලීස් වැවිලි සමාගමට අයත් ප‍්‍රධාන ප‍්‍රාදේශීය වැවිලි සමාගම් (RPCs) තුනක් වන කැලණිවැලි වැවිලි සමාගම (KVPL), තලවකැලේ වැවිලි සමාගම (TTEL) සහ හොරණ වැවිලි සමාගම (HPL) ශ‍්‍රී ලංකාවේ සමස්ත තේ නිෂ්පාදනයෙන් 4.6%ක් නියෝජනය කරයි. Pekoe Trail ඔවුන්ගේ හොඳම තේ වතු 44න් 6ක් හරහා ගමන් කරන අතර මෙම තේ වතු සුන්දර මධ්‍යම කඳුකරයේ නීල හරිත වටපිටාවක පිහිටා ඇත. මෙම වැඩසටහන Ceylon Tea (සිලෝන් ටී) නාමය ලොවට ගෙනයාමට කදිම මාර්ගයකි.

”අපගේ සහයෝගිතාවයේ අරමුණ වන්නේ සැමට තිරසාර වටිනාකමක් ඇති කරමින් අපගේ ජාතිය යළි නඟාසිටුවීමයි. Ceylon Tea නාමයෙහි අනාගතය රඳා පවතින්නේ පරිසරය ආරක්ෂා කිරීම සහ ඊට සම්බන්ධ සියලූ දෙනාගේ යහපැවැත්ම කෙරෙහි අවධානය යොමු කරන නව සහ තිරසාර වර්ධන අදහස් මත බව අපි තරයේ විශ්වාස කරනවා. මෙම හවුල්කාරිත්වය තිරසාර සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කිරීම වෙනුවෙන් වූ හේලීස් වැවිලි සමාගමෙහි කැපවීම පිළිබඳ සාක්ෂියක්. එමෙන්ම මෙම සංචාරයට සහභාගි වන සංචාරකයින් වෙනුවෙන් අපි විශේෂ සංස්කෘතික අත්දැකීමක් තිළිණ කිරීමට කටයුතු කර තිබෙනවා.” යනුවෙන් හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා පැවසුවේය.

ශ‍්‍රී ලංකාව විශිෂ්ට තේ සඳහා කීර්තිමත් නාමයක් දිනා ඇති අතර, සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියයි. මෙම සංචාරයට සහභාගිවන්නන්ට අපගේ තේ කර්මාන්තය පිළිබඳව ඉගෙනීමට සුවිශේෂී අවස්ථාවක් හිමිවන අතර තිරසාර හා නව්‍ය අත්දැකීමක් ලබා ගැනීමට හොඳ අවස්ථාවක් නිර්මාණය කරයි The Pekoe Trail හි තිරසාරත්වය කේන්ද්‍ර කරගත් සැලසුම හේලීස් වැවිලි සමාගමෙහි “slow tourism” දර්ශනය සමඟ මනාව සමපාත වේ. එයට සංස්කෘතිය සහ තිරසාරත්වය අත්විදීමට හැකි පරිදි විවේකීව ගමන් කිරීම යන සංකල්පය  ඇතුළත් වේ. තේ කොටස් 22 ක් හරහා කිලෝමීටර් 300 ක දුරක් ආවරණය වන පරිදි ඇවිදිමින් සංචාරකයින්ට සුන්දරත්වය උකහාගැනීමට සලස්වනු ලබන අතර එය සෘණාත්මක පාරිසරික බලපෑම අඩු කිරීමට ද උපකාරී වේ.

මෙම ආකර්ෂණීය අත්දැකීම අත්විඳීමට නරඹන්නන්ට අස්වැන්න නෙළන්නන් සමඟ තේ දළු නෙලීම, පළපුරුදු තේ වතුකරුවෙකු විසින් මෙහෙයවන කර්මාන්තශාලාව නැරඹීම සහ නැවුම් තේ රස බැලීමේ අත්දැකීම ඇතුළුව තේ දල්ලේ සිට තේ කෝප්පය දක්වා ක‍්‍රියාවලිය දැක බලා ගැනීමට ඉඩ සලසයි. ප‍්‍රධාන ස්ථානවල තේ මධ්‍යස්ථාන පිහිටුවා ඇති අතර, වෙහෙසට පත්වන්නන්ට නීල හරිත තේ වතු මැද හොඳම ප‍්‍රමිතියේ කෝප්පයක් රස විඳීමට අවස්ථාවක් ලබා දේ. එමෙන්ම මෙම සංචාරය අතරතුරදී සංචාරකයින්ට සුඛෝපභෝගී වතු බංගලාවල සිට සුවපහසු කබානා දක්වා තෝරාගත හැකි පරිදි නවාතැන් පහසුකම් ලබා දෙන අතර ඒවා අති රමණීය ස්ථාන වල පිහිටා ඇත.

”Pekoe Trail හරහා සංචාරකයින් අඩුවෙන් සංචාරය කරන ස්ථාන කරා ගෙන යන අතර ඒ තුළින් ආර්ථික ප‍්‍රතිලාභ අත්කරගන්න පුළුවන්. වතු ආශ‍්‍රිත ප‍්‍රාදේශීය ප‍්‍රජාවන්ට මෙම සංචාරය ඔස්සේ පැන නගින සංචාරක අවස්ථා වලින් ප‍්‍රතිලාභ ලබා ගැනීමට ද හැකි වෙනවා.” යනුවෙන් රාජදුරෙයි මහතා තවදුරටත් පැවසීය.

”The Pekoe Trail සහ හේලීස් වැවිලි සමාගම අතර ඇති මෙම නවතම හවුල්කාරිත්වය තුළින් ඉහළ වටිනාකමක් ඇති සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට මෙන්ම ශ‍්‍රී ලංකාවේ වසර 150ක් පැරණි වැවිලි කර්මාන්තයේ තිරසාර සංවර්ධනයට සහාය වීමට ද අවස්ථාවක් සලසා දෙනවා.” යනුවෙන් යුරෝපා සංගමය (EU) හරහා අරමුදල් ලබාගනිමින් සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයෙන් (USAID) අමතර සහාය ලබාගනිමින් The Pekoe Trail සංචාරක ව්‍යාපෘතියට නායකත්වය දෙන සංචාරක ඔරොත්තු දීමේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ෂෙහාන් රාමනායක මහතා පැවසීය.

 

මෙම ව්‍යාපාරයේ සෑම අංශයකම සදාචාරාත්මක කළමනාකරණයේ විශිෂ්ටත්වය අඛණ්ඩව ප‍්‍රදර්ශනය කරන අතර ජනතාවගේ සහ පාරිසරයේ බැඳීම තවදුරටත් ඉස්මතු වෙයි. එමෙන්ම මෙය හේලීස් වැවිලි සමාගමෙහි වතුකර ප‍්‍රජාවන් තවදුරටත් සංවර්ධනය කිරීම වෙනුවෙන් වූ චක‍්‍රීය ආර්ථිකයකට ද කැපවී ඇත.

කැලණිවැලි වැවිලි සමාගම (KVPL), තලවකැලේ වැවිලි සමාගම (TTEL) සහ හොරණ වැවිලි සමාගම (HPL) යන ඉහළම ශ්‍රේණිගත කලාපීය වැවිලි සමාගම් තුනෙන් සමන්විත හේලීස් වැවිලි අංශයට හෙක්ටයාර් 26,137 ක භූමි ප‍්‍රමාණයක තේ සහ රබර් වතු 60 ක් හිමි අතර ඒවා සුවිශේෂී කෘෂි දේශගුණික කලාප තුනක් පුරා විහිද යයි.

හේලීස් වැවිලි සමාගම මානව හිමිකම්, කම්කරු ප‍්‍රමිතීන්, පරිසර දුෂණ විරෝධී UNGC 10 මූලධර්මවලට අත්සන් කළ වැවිලි කර්මාන්තයේ ප‍්‍රමුඛයා වන අතර එක්සත් ජාතීන්ගේ CEO Water Mandate සමඟ එකඟ වූ ප‍්‍රථමයා වේ. කලාපීය වැවිලි සමාගම් හි විනිවිදභාවය, පාලනය, වගවීම සහ තිරසාරභාවය සඳහා CA ශ‍්‍රී ලංකා විසින් පිරිනමන ලද හොඳම සමාගම් 3 අතරට ද ඇතුළවූ මෙය, දේශගුණය සම්බන්ධ මූල්‍ය හෙළිදරව් කිරීම් පිළිබඳ කාර්යසාධක බලකායේ (Task Force on Climate-related Financial Disclosures-TCFD) කොටසක් ද වේ. සැලකිය යුතු කරුණක් නම්, මෙය විද්‍යාව පදනම් වූ ඉලක්ක මුලපිරීම (Science Based Target initiative- SBTi) සඳහා ද කැපවී සිටීමයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 + 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව