හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සිය සමාජ සත්කාරක වැඩසටහන් අඛණ්ඩව සිදු කිරීමට කැපවී සිටියි

Image - අනුරාධපුරයේ ප්_රාදේශීය ප්_රජාවකට වියළි සලාක පරිත්_යාග කිරීම (LBN Fill)
pexels-anna-shvets-3962285




 

 

වසංගත කාලයකට මුහුණ දුන් ශ්‍රී ලංකාව, 2021 වසර අවසන් වන විට ‘නව සාමාන්‍ය’ තත්වයට අනුවර්තනය විය. කෙසේ නමුත්, වසංගතය සහ සමාජ-ආර්ථික අභියෝගවලට මුහුණ දුන් ප්‍රාදේශීය ප්‍රජාවන්ට ඉන් පසුව ඇති වූ ආර්ථික අභියෝගවලට සහයෝගය දැක්වීමේ අවශ්‍යතාවය අති විශාල විය. මෙම තත්වය අවබෝධ කර ගනිමින්, ශ්‍රී ලංකාවේ FMCG අංශයේ ප්‍රමුඛයා වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්, බහුවිධ සහය මැදිහත්වීම් හරහා පීඩාවට පත් වූ ප්‍රජාවන්ට සහාය වීමට වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්  විසින්  ක්ෂණික සහ ස්ථාවර සහයෝගයක් මෙම ප්‍රජාවන්ට ලබා දුන් අතර, වියළි සලාක, පුද්ගලික සහ ගෘහ ආරක්ෂණ නිෂ්පාදන, ලිපි ද්‍රව්‍ය ඇතුළු තවත් දේ පවුල් සහ අනෙකුත් ප්‍රජාවන්ට පරිත්‍යාග කරන ලදි.  අනුරාධපුර ප්‍රදේශයේ වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමක් සිදු කරන අතරතුර,  ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් වූ පවුල් සඳහා ද උපකාර කිරීමට සමාගම ඉදිරිපත් විය. පසුගිය කාර්තුව තුළ මධ්‍යම, බස්නාහිර, දකුණ, වයඹ සහ ඌව යන ප්‍රදේශවල ප්‍රජාවන්ගෙන් ආසන්න වශයෙන් පුද්ගලයින් 1000ක් වෙත බහුවිධ පරිත්‍යාග ලැබී ඇත.

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි  ව්‍යාපාර සංවර්ධන හා නවෝත්පාදන අධ්‍යක්ෂිකා සබ්‍රිනා යුසුෆාලී මෙසේ අදහස් දැක්වීය. “වසංගතය සහ ව‍ර්තමානයේ පවතින ආර්ථික අර්බුදය දිවයින පුරා සිටින ප්‍රජාවන්ට විශාල පීඩනයක් එල්ල කර තිබෙනවා. ප්‍රජාවන්ගේ යහපැවැත්ම නඟා සිටුවීමට හේමාස් හි අපි ඇප කැපවී සිටිනවා.  අතිශය දුෂ්කරතා සහිත මේ කාලය තුළ, හේමාස් අපගේ බහුවිධ වේදිකා හරහා බලමුලු ගන්වන අතර එමඟින් සමාජයේ වඩාත් අවදානමට ලක්විය හැකි කොටස් සඳහා කඩිනමින් සහය ලබා දීමට අපට හැකි වේ.
ගුණාත්මක සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා සීමිත ප්‍රවේශයක් සහිත තෙල්දෙණියේ පාසලකට පරිත්‍යාග කිරීමට හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් විසින්  කොළඹ විශ්ව විද්‍යාලයේ ලියෝ සමාජයට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දෙන ලදි.  එසේම සමාගම විසින් අතලේ ප්‍රදේශවාසීන්ට ආධාර පිණිස සෞඛ්‍ය කඳවුරකට  සනීපාරක්ෂක තුවා ලබා දීම සඳහා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ සහ විශාඛා විද්‍යාලයේ සමාජ සේවා සංගම් වෙත සහය ලබා දෙන ලදි.
වසර ගණනාවක් පුරා, හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකේය ප්‍රජාවන්ට උපකාර කිරීමට කැපවී සිටින අතර ඉදිරි වසරවලදී ද එය අඛණ්ඩව සිදු කරනු ඇත.




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව