සොෆ්ට්ලොජික් ලයිෆ් සම්මාන රැසකින් පිදුම් ලබයි

Image 02 (1)

■             2020 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේ විශිෂ්ටතම සේවා සන්නාමය හා නව්‍යකරණ සන්නාමය සඳහා රන් සම්මානය

■             අඛණ්ඩව 5 වසරක් ශ්‍රී ලංකාවේ සේවය කිරීමට හොඳම සමාගම් 25 අතරට පත් වෙමින් Hall of Fame හි ද විශිෂ්ටතම සේවා ස්ථාන අතරට

■             2020 වසරේදී MDRT සුදුසුකම් ලැබූවන් 169 ක් සමඟ ඉහළම MDRT කාර්යසාධනය

■             අඛණ්ඩව 6 වන වරටත් ශ්‍රී ලංකාවේ හොඳම ඒකාබද්ධ වාර්තා 10 අතරට

■             2020 SAFA BPA සම්මාන උළෙලේදී සම්මාන 3කින් පිදුම් ලැබූ එකම ශ්‍රී ලාංකේය සමාගම

■             2020 SLIM Digi සම්මාන උළෙලේදී වැඩිම සම්මාන හිමිකරගත් ජීවිත රක්ෂණ සමාගම

■             2020 SMARTIES APAC හිදී රිදී සම්මාන දෙකක් හිමි කරගත් එකම ශ්‍රී ලාංකේය සමාගම

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් 2021 නව වසර ආරම්භ කරනු ලැබුවේ දේශීය හා ජාත්‍යන්තර සම්මාන උළෙල 8කදී හිමි කරගත් සම්මාන 16ක අභිමානයද සමඟිනි. එහිදී සොෆ්ට්ලොජික් ලයිෆ් SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන, ශ්‍රී ලංකාවේ සේවය කිරීමට හොඳම ස්ථානය, ආසියානු තිරසාර වාර්තාකරණ සම්මාන, CMA ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන, SAFA හි හොඳම වාර්ෂික වාර්තාව සඳහා වන (BPA) සම්මාන, ආසියානු රක්ෂණ සම්මානය, SLIM Digi සම්මාන සහ SMARTIES APAC සම්මාන ආදි ලෙස විවිධ අංශයන් ඔස්සේ සිය විශිෂ්ටත්වය විදහා දක්වන්නට සමත් වූයේ මෙරට ජීවිත රක්ෂණයේ ප්‍රමුඛයෙකු බව නැවතවරක් තහවුරු කරමිනි.

අසමසම තාක්ෂණික ප්‍රවේශයන් හා නව්‍යකරණ සේවාවන් පිළිබඳ සොෆ්ට්ලොජික් ලයිෆ් සතු සුවිශේෂී හැකියාවන් සමඟින් සුවහසක් ශ්‍රී ලාංකිකයන් වෙත ඔවුන්ටම ගැලපෙන අති නවීන ජීවිත රක්ෂණ විසඳුම් ගෙන එමින් එක් වසරක් තුළදී මේ ආකාරයේ විශිෂ්ටත්වයක් අත්පත් කරගැනීමට මෙන්ම අසීරු කාල වකවානුවක පවා සිය ශක්තිමත් බව තව තවත් ඉහළ නංවා ගැනීමට සමත් වීම කැපී පෙනෙන කරුණකි. මේ සියලු සම්මාන තුළින් නැවත නැවතත් ගම්‍ය වන්නේ කොවිඩ්-19 හේතුවෙන් උද්ගතව ඇති සමාජ හා ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුවද සිය රක්ෂණ ඔප්පු හිමියන් වෙත අඛණ්ඩ සේවාවක් සලසා දෙමින් පාරිභෝගිකයින් සම්බන්ධයෙන් සොෆ්ට්ලොජික් ලයිෆ් හි කැපවීමයි.

2020 වසරේ පැවති SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදීිවසරේ සේවා සන්නාමය’ (‘Service Brand of the Year’) ලෙසත් වසරේ නවෝත්පාදන සන්නාමය (‘Innovative Brand of the Year’) රන් සම්මානනේ පිදුම් ලබමින් ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ සිය විශිෂ්ටත්වය විදහා දක්වන්නට සොෆ්ට්ලොජික් ලයිෆ් සමත් වියග අඛණ්ඩව දෙවන වරටත් SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේ වසරේ සේවා සන්නාමය තමන් සතු කර ගැනීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමත් වූයේ වසංගතයෙන් පීඩාවට පත්වූ කාලය තුළ පාරිභෝගික ඉල්ලුම සපුරාලීම වෙනුවෙන් සමාගමේ උපායමාර්ගික දැක්ම මෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ යහ පැවැත්ම, සෞඛ්‍ය හා පෝෂණ ප්‍රමිතීන් ඉහළ නැංවීම වෙනුවෙන් සිදු කළ කැපවීම හේතුවෙනි.

සොෆ්ට්ලොජික් ලයිෆ් මෙහිදී වසරේ නවෝත්පාදන සන්නාමය බවට පත් වූයේ වඩා කාර්යක්ෂම සේවාවක් පාරිභෝගිකයා වෙත ලබා දීම වෙනුවෙන් දියත් කරනු ලබන සුවිශේෂී නව්‍යකරණ උපාය මාර්ගයන් හේතුවෙනි. ඩිජිටල්කරණය කළ ජීවිත රක්ෂණ විසඳුම් මෙරට රක්ෂණ ක්ෂේත්‍රයට හඳුන්වා දුන් පළමු සන්නාමය ලෙසද සොෆ්ට්ලොජික් ලයිෆ් සිය අනන්‍යතාව මෙම සම්මානය තුළින් ප්‍රකට කරන ලදී. සියලු ශ්‍රී ලාංකිකයන් වෙත සිය රක්ෂණ සේවාවන් ලබා දෙමින් ආර්ථික පිරමිඩ් සංකල්පයේ පහළම ස්ථර වෙතද ගෙන යාම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම තැපැල් රක්ෂණ සැලසුම හඳුන්වා දීමද මෙම සම්මානය සොෆ්ට්ලොජික් ලයිෆ් වෙත හිමි වීමට තවත් විශේෂ හේතුවක් ලෙස සඳහන් කළ හැකිය.

එසේම අඛණ්ඩව වසර පස්වැනි වරටත් ශ්‍රී ලංකාවේ සේවය කිරීමට හොඳම සමාගම් 25 අතරට සුදුසුකම් ලබමින් Hall of Fame සඳහා ඇතුළත් වීමට ද සුදුසුකම් ලබා සිය අභිමානය තහවුරු කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමත් විය. සිය සේවක මණ්ඩල සාමාජිකයින්ගේ සතුට සහ යහපැවැත්ම අඛණ්ඩව පවත්වාගෙන යමින් ඔවුන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම වෙනුවෙන් කැපවීම මෙන්ම ඒ හරහා සේවකයින්ගේ පූර්ණ හැකියාවන් උපයෝගී කර ගනිමින් පාරිභෝගිකයා වෙත වඩාත් හොඳ සේවාවක් ලබා දීම සඳහා සොෆ්ට්ලොජික් ලයිෆ් නිරන්තරයෙන් උත්සුක වේ. ‘live life to the fullest’ ජීවිතය උපරිමයෙන් විඳින්න යන සමාගමේ දැක්ම හා ආචාරධර්ම තුළින් සියලු සේවක සේවිකාවන්ට හිතකර රාජකාරී පරිසරයක් නිර්මාණය කිරීමේ ඔවුන්ගේ උත්සාහයට අතිමහත් ශක්තියක් ලැබේ.

තම විකුණුම් කණ්ඩායමෙහි සාමාජිකයන් 169 දෙනෙකුට MDRT (Million Dollar Round Table) සාමාජිකත්වය හිමි වූ බව සොෆ්ට්ලොජික් ලයිෆ් පසුගියදා නිවේදනය කරනු ලැබීය. MDRT යනු රක්ෂණ හා මූල්‍ය උපදේශකයන් වෙත පිරි නමනු ලබන ජාත්‍යන්තර පිළිගැනීමයි. එහි විකුණුම් කණ්ඩායමේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ එම ජයග්‍රහණය ශ්‍රී ලාංකේය ආයතනයක් එක් වසරකදී වැඩිම MDRT සාමාජික පිරිසක් බිහිකිරීමේ වාර්තාවද සොෆ්ට්ලොජික් ලයිෆ් වෙත හිමි කර දීමට සමත් විය. සෑම ශ්‍රී ලාංකිකයකු වෙතම අද්විතීය ජීවිත රක්ෂණ විසඳුම් ලබා දීම සඳහා සොෆ්ට්ලොජික් ලයිෆ් වෙතින් ලබා දෙන පුහුණුව හා ඉහළම මට්ටමේ රක්ෂණ උපදේශකයන් බිහිකිරීම සඳහා වන ආයතනයේ කැපවීම මේ තුළින් වඩාත් පිළිබිඹු වේ.

මීට අමතරව CMA ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 6 වැනි වරටත් ‘Ten Best Integrated Reports in Sri Lanka’ සම්මානය හිමි කර ගැනීමත් හොඳම වාර්ෂික වාර්තාව සඳහා වන 24 වන SAFA සම්මාන උළෙලේදී සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබීමත් තවත් සුවිශේෂී අවස්ථාවන් ලෙස සඳහන් කළ හැකිය. මෙම සම්මාන උළෙලේදී සම්මාන 3ක් හිමි කරගත් එකම ශ්‍රී ලාංකික සමාගම බවට පත්වූ සොෆ්ට්ලොජික් ලයිෆ් 2020 ආසියානු තිරසාර වාර්තාකරණ (ASRA) සම්මානය සඳහා වන තෝරාගත් සමාගම් අතරට ද එක් විය.

 




 

 

‘Lionhearted’ යන තේමාව තුළින් සොෆ්ට්ලොජික් ලයිෆ් සිය 2019 වාර්ෂික වාර්තාව එළි දැක්වූ අතර ඒ තුළින් සමාගම හා එහි බාහිර පරිසරය, උපායමාර්ග, සම්පත් බෙදී යාම, ව්‍යාපාර ආකෘතිය, කාර්යසාධනය, ආයතනික පාලනය සහ සොෆ්ට්ලොජික් ලයිෆ්හි අභිලාෂයන් පිළිබඳ දළ හා සංෂිප්ත විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබීය. සොෆ්ට්ලොජික් ලයිෆ් ආසියානු රක්ෂණ සම්මාන උළෙලේදී ‘Credit Insurer Award – Sri Lanka’ සම්මානය දිනා ගැනීමට සමත් වූයේද එකී අභිලාෂයන්  ද සාක්ෂාත් කර ගනිමිනි.

මෙම සම්මානවලට අමතරව සොෆ්ට්ලොජික් ලයිෆ් SLIM Digi හි පළමු සම්මාන උළෙලේදීම එහි “Born to Inspire Positivity ව්‍යාපෘතිය වෙනුවෙන් රක්ෂණ ක්ෂේත්‍රය සඳහා වන රිදී සම්මානය සමඟින් සම්මාන 5ක් තමන් සතු කර ගැනීමටද සමත් විය. එමෙන්ම එහි (“The Little Mutta that Saved Trees”) ව්‍යාපෘතිය වෙනුවෙන් Digital Brand Bravery සඳහා වූ ලෝකඩ සම්මානය සහ ඩිජිටල් ක්‍රියාකාරකම් හා රක්ෂණ අංශයේ හොඳම භාවිතය සඳහා වන අවසන් වටයේ සම්මාන 3ක්ද සොෆ්ට්ලොජික් ලයිෆ් වෙත හිමි විය. එම සම්මාන 5ත් සමඟ සොෆ්ට්ලොජික් ලයිෆ් SLIM Digis 2.0 හි වඩාත් සම්මානයට පාත්‍ර වූ ජීවිත රක්ෂණ සමාගම බවටද නිතැතින්ම පත් විය.

තවද සොෆ්ට්ලොජික් ලයිෆ් SMARTIES APAC සම්මාන උළෙලේදී සිය රිදී සම්මාන දෙකක් හිමි කරගනු ලැබුවේ එම සම්මාන උළෙලේදී සම්මාන දිනූ එකම ශ්‍රී ලාංකේය ආයතනය බවට පත් වෙමිනි. එම රිදී සම්මාන Mobile & Conversions and Lead generation/Direct Response/Conversions කාණ්ඩය යටතේ සොෆ්ට්ලොජික් ලයිෆ් හි නව්‍යකරණ ව්‍යාපෘතියක් වූ  “Scratch and Text to protect your life” විසින් දිනා ගන්නා ලදී. ‘Oscars of Mobile Marketing’ ලෙස සලකනු ලබන SMARTIES APAC විසින් සොෆ්ට්ලොජික් ලයිෆ් පාරිභෝගිකයාට වඩාත් සමීප ජංගම දුරකතනය පාදක කරගනිමින් දියත් කරනු ලැබූ එම වැඩසටහන සොෆ්ට්ලොජික් ලයිෆ් හි නවීන සන්නිවේදන නවෝත්පාදන, නිර්මාණකරණය සහ ජයග්‍රහණ ඇගයීමට ලක් කර තිබුණි.

මෙම දේශීය හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ්හි කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඩ් මහතා ‘’රක්ෂණ ක්ෂේත්‍රය හා සම්බන්ධ ප්‍රධානතම සම්මානවලින් මෙන්ම දේශීය හා ජාත්‍යන්තර සම්මාන උළෙල තුනකදී සොෆ්ට්ලොජික් ලයිෆ් වෙත ඉහළම සම්මාන දිනා ගැනීමට හැකි වීම සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකිය හැකියි. මෙම සියලු සම්මාන සොෆ්ට්ලොජික් ලයිෆ්හි නව්‍යකරණ හඳුන්වාදීම් පිළිබඳ පමණක් නොව අභියෝගාත්මක කාලයේදී සියලු අංශයන්හි විශිෂ්ටත්වය වෙනුවෙන් සමාගමේ කැපවීම පැහැදිලිව නිරූපනය කරනවා” යනුවෙන් පැවසුවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඉෆ්තිකාර් මහතා සඳහන් කර සිටියේ ‘’අප නොබියව ඉදිරිපත් කරනු ලැබූ ප්‍රවේශය තුළින් රක්ෂණ කර්මාන්තයේ සීමා අභිබවා යමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාමයක් බවට පත් වීමට හැකියාව උදා වීම පිළිබඳව ඉතාමත් සතුටුයි. පසුගිය වසර පුරා නවීන තාක්ෂණය යොදා ගනිමින් වැඩි දියුණු කළ සේවාවක් ලබා දීමේ අභියෝගය භාරගනිමින් එය සාක්ෂාත් කර ගැනීමට අප කටයුතු කළා. එසේම ශ්‍රී ලාංකිකයින්ට වඩා යහපත් හා සෞභාග්‍යමත් අනාගතයක් උරුම කර දීම වෙනුවෙන් මෙරට රක්ෂණ කර්මාන්තය පුළුල් වෙනසකට ලක්කරන අතරතුර ඵලදායීල කාර්යක්ෂම පාරිභෝගික විසඳුම් හඳුන්වා දීමටත් අපට හැකියාව උදා වුණා” යනුවෙනි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනතය විසින් නිකුත් කළ වඩා විනිවිදභාවයෙන් යුත් ආයතනික වාර්තා සහිත සමාගම්හි හොඳම ආයතන 50 අතරටද, Brand Finance හි හොඳම ශ්‍රී ලාංකේය සමාගම් 100 අතරටදල LMD හි හොඳම සමාගම් 100 අතරටද පත් වෙමින් සොෆ්ට්ලොජික් ලයිෆ් සිය අභිමානවත් විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු කිරීමට සමත්ව ඇත.

සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී යනු සොෆ්ට්ලොජික් කැපිටල් පී එල් සීහි අනුබද්ධිත ආයතනයක් වන අතර එය සෞඛ්‍ය, වෙළෙඳ, තොරතුරු හා සන්නිවේදන, හෝටල්, රථ වාහන හා මූල්‍ය සේවා යන අංශයන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ශ්‍රී ලංකාවේ වඩාත් විවිධාංගීකරණය වූ සහ සීඝ්‍රයෙන් වර්ධනය වන සමාගමක් ලෙස පිළිගනු ලබයි. සමාගම සතු සැලකිය යුතු පාර්ශවකරුවන් අතර ගෝලීය ආයෝජකයින් වන Leapfrog Investments ද ඇතුළත් වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව