සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි 17’ මැලේසියාවේ නිවාඩුවෙන් අවසන් වෙයි

FS 17 - Malaysia (LBN)

ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ ‘ෆැමිලි සවාරි’ වැඩසටහනේ 17වන වැඩසටහන නිමාවට පත් කරමින් රක්ෂණ ඔප්පු හිමියන් දස දෙනෙකු සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් මැලේසියාවේදී සුඛෝපභෝගී දින හතරක් ගත කළහ.

විනෝදයෙන් පිරුණු ගමනේ දී සංකේතාත්මක පෙට්‍රොනාස් නිවුන් කුළුණු, පෙට්‍රොනාස් කුළුණු සමීපයේ ලේක් සිම්ෆනි සහ ජල දර්ශනය නැරඹූ අතර KLCC මින් මැදුර ද දැක බලා ගන්නා ලදී. කේබල් කාර් සවාරි සමඟින් ජෙන්ටින් ප්‍රදේශයේ සංචාරයක නිරත වී බාටු ගුහා ගවේෂණය කර KL කුරුළු උද්‍යානය ද නරඹන ලදී. පිරිස සඳහා ලබා දෙන ලද රාත්‍රී භෝජන සංග්‍රහයකින් චාරිකාව අවසන් විය.

 



 

මෙම සවාරිය සඳාහා ගුවන් ටිකට්පත්, නවාතැන්, ආහාර, ප්‍රවාහනය සහ චාරිකාවේ අනෙකුත් සියලු වියදම් දරන ලද්දේ සෙලින්කෝ ලයිෆ් සමාගම විසිනි.

මීට අමතරව සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමි පවුල් පහකට මෑතකදී සියලු වියදම් සහිතව දින පහක තුර්කියේ නිවාඩුවක් ලබා දුන් අතර ඔවුන් ‘ෆැමිලි සවාරි 17’ මහා ත්‍යාගලාභී ජයග්‍රාහකයින් වූහ.

විදේශීය නිවාඩුවලට අමතරව සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් 250ක් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ගෙන් සමන්විත 1000කට ආසන්න පිරිසක් බණ්ඩාරගම පර්ල් බේ තේමා උද්‍යානයේ එක් දිනක සංචාරයක් දිනා ගත්හ.

සමස්තයක් ලෙස ‘ෆැමිලි සවාරි 17’ වැඩසටහන තුළින් සෙලින්කෝ ලයිෆ් වෙත දක්වන පක්ෂපාතීත්වය වෙනුවෙන් රක්ෂණ ඔප්පු හිමියන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් 265 දෙනෙකුට මෙම වසරේ දී ත්‍යාග පිරිනමන ලදි. මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ මේ වන විට 35,000කට වැඩි සංඛ්‍යාවකට ත්‍යාග ලබා දී ඇත. මීට පෙර මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ සුපිරි ත්‍යාගය දිනාගත් රක්ෂණ ඔප්පු හිමියන්ට ඕස්ටේ‍්‍රලියාව, ඉතාලිය, එංගලන්තය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ජපානය සහ ප්‍රංශය යන රටවලට සංචාරය කිරීමේ අවස්ථාවත් අනිකුත් ජයග්‍රාහකයින්ට චීනය, ඩුබායි සහ සිංගප්පූරුව යන රටවල සංචාරය කිරීමේ අවස්ථාවත් උදාවිය.

2023 දී අඛණ්ඩව දෙවන වසරටත් ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වූ සෙලින්කෝ ලයිෆ් සමාගම, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) විසින් 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස නම් වූ අතර 2023 බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් ජීවිත සහ සාමාන්‍ය රක්‍ෂණ යන කාණ්ඩ දෙකෙහිම ‘ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කර ඇත.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 36 න් වසර 20 ක්ම මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර, සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ආවරණය කරමින් ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව