සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි 15 මිලියනයේ ජයග‍්‍රාහකයින් 06 දෙනෙකු සහ තවත් ජයග‍්‍රාහකයින් 1050 ක් බිහි කරයි

FS15 - Final draw (LBN Fill)

 



 

 

රුපියල් මිලියනයේ ජයග‍්‍රාහකයින් 06 දෙනෙකු සහ තවත් ජයග‍්‍රාහකයින් 1050 දෙනෙකු බිහිකරමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ 15 වන ෆැමිලි සවාරි වැඩසටහන පසුගියදා අවසන් වූ අතර සමාගම සඳහන් කරන්නේ මෙම වැඩසටහනේ ඊළඟ අදියර තවත් ආකර්ශනීය ත්‍යාග සමගින් ලඟදීම නිවේදනය කරන බවයි.

මෙම දැවැන්ත වාර්ෂික ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ පැවැත්වූ අවසන් දිනුම් ඇදීමේදී කුලියාපිටිය ප‍්‍රදේශයේ රක්ෂණ ඔප්පුහිමියෙකු රුපියල් මිලියනයේ සුපිරි ත්‍යාගය දිනාගත් අතර වව්නියාව සහ බණ්ඩාරවෙල ප‍්‍රදේශවල වාසනාවන්ත රක්ෂණ ඔප්පුහිමියන් දෙදෙනෙකු රුපියල් 250,000 බැගින් දිනාගන්නා ලදී. මීට අමතරව, පදවිය, වෙන්නප්පුව, පැල්මඩුල්ල, අකුරැස්ස ඇතුළු දිවයින පුරා විසිරී සිටින සමාගමේ රක්ෂණ ඔප්පුහිමියන් මෙම දිනුම් ඇදීමේදී ත්‍යාග දිනාගන්නා ලදී. මේ අනුව, අවසන් ෆැමිලි සවාරි 15 දිනුම් ඇදීමේදී සමස්තයක් ලෙස ජයග‍්‍රාහකයින් 176 දෙනෙකු තේරී පත්වූ අතර ඔවුන්ගෙන් 76 දෙනෙකුට මුදල් ත්‍යාගද 100 දෙනෙකුට සුපිරි වෙළඳසැල් ත්‍යාග වවුචරද හිමිවිය.

ෆැමිලි සවාරි 15 වන වැඩසටහන යටතේ මාස දෙකකට වරක් පැවැත්වූ දිනුම් ඇදීම් 06 තුළින් රක්ෂණ ඔප්පුහිමියන් 1056 දෙනෙකුට ප‍්‍රතිලාභ හිමිවූ අතර ඔවුන්ට රුපියල් මිලියන 24 ක මුදල් ත්‍යාග සහ රුපියල් මිලියන 06 ක් වටිනා සුපිරි වෙළෙඳසැල් වවුචර හිමිවිය. මේ අනුව, මෙවර ලබාදුන් සම්පූර්ණ ත්‍යාගවල වටිනාකම රුපියල් මිලියන 30 කි.

15 වන ෆැමිලි සවාරි වැඩසටහනේදී බිහිවූ රුපියල් මිලියනයේ ජයග‍්‍රාහකයින් 06 දෙනාට අමතරව සමාගම විසින් තවත් ජයග‍්‍රාහකයින් 450 දෙනෙකු තෝරාගත් අතර ඔවුන්ට ලබාදුන් මුදල් ත්‍යාගවල වටිනාකම රුපියල් මිලියන 18 කි. මීට අමතරව, එකක් රුපියල් 10,000 ක් වන සුපිරි වෙළෙඳසැල් වවුචර 600 ක්ද සමාගම විසින් සැනසිලි ත්‍යාග ලෙස ලබාදෙන ලදී.

‘ෆැමිලි සවාරි’ ප‍්‍රවර්ධන වැඩසටහනේ දිනුම් ඇදීම් වලට සහභාගීවීමට සුදුසුකම් ලැබීම සඳහා පවතින ජීවිත රක්ෂණ ඔප්පුව අඛණ්ඩව සක‍්‍රීයව පවත්වාගෙන යාම හෝ සමාගමේ විශ‍්‍රාමික සැලසුමේ අවම ශේෂයක් පවත්වාගෙන යාම සිදුකළ යුතුය. මීට අමතරව, සමාගම වෙත සෘජුවම රක්ෂණ වාරික මුදල් ගෙවන ඔප්පුහිමියන්ට අමතර දිනුම් අවස්ථාවන් හිමිවන අතර ඔවුන් සමාගමේ ගනුදෙනුකරුවෙකු වී සිටින කාල සීමාව අනුව එම අමතර දිනුම් අවස්ථාවන්  සංඛ්‍යාව වැඩිවන බව සමාගම සඳහන් කරයි.

ජීවිත රක්ෂණය සම්බන්ධයෙන් උනන්දුවක් ඇතිකිරීමට මෙන්ම රක්ෂණ ඔප්පු හිමියන්ට තම රක්ෂණ ඔප්පු සක‍්‍රීයව තබාගැනීමට දිරිගන්වන මෙම වැඩසටහනින් මේ දක්වා ප‍්‍රතිලාභ ලැබූ සංඛ්‍යාව 27,650 කට වැඩි බව සමාගම සඳහන් කරයි. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ මීට පෙර සුපිරි ත්‍යාගය දිනාගත් රක්ෂණ ඔප්පු හිමියන්ට  ඕස්ටේ‍්‍රලියාව, ඉතාලිය, එංගලන්තය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ජපානය සහ ප‍්‍රංශය යන රටවලට සංචාරය කිරීමේ අවස්ථාවත් අනිකුත් ජයග‍්‍රාහකයින්ට චීනය, ඩුබායි සහ සිංගප්පූරුව යන රටවල සංචාරය කිරීමේ අවස්ථාවත් උදාවිය.

2022 වසරේ දී බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස නම් කර ඇති සෙලින්කෝ ලයිෆ්, 2021 වසරේ අඛණ්ඩව තෙවැනි වරටත් ශී‍්‍ර ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ (Great Workplace) ලෙසද, ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ශ‍්‍රී ලංකාවේ වසරේ සේවා සන්නාමය ලෙසද, SLIM Kantar ජනතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී අඛණ්ඩව වාර්තාගත වසර 16 කට ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසද, නම් වී ඇත. ආරම්භ කර ගෙවුණු වසර 34 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට ද සමත්වී ඇති සෙලින්කෝ ලයිෆ් 2021 වසරේ LMD විසින් ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ‘වඩාත් ජනප‍්‍රිය සේවා සපයන්නා’ ලෙස ද නම් කර ඇති අතර එම වසර සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය ශ්‍රේණිගත කළ ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ 10 න් එකක් බවට ද පත්විය. එමෙන්ම 2022 වසරේ Great Place to Work® විසින් ශ‍්‍රී ලංකාවේ බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ (BFSI) ක්ෂේත‍්‍රයේ හොඳම සේවා ස්ථාන 10 අතරට ද සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්‍රේණිගත කර ඇත.

සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව