සෙලින්කෝ ලයිෆ් සමාගමේ දෙවැනි විශාලතම ශාඛාව ලෙස මීගමුවේ නව හරිත ශාඛා ගොඩනැගිල්ල විවෘත කරයි

Negombo Green Building opening

 




 

 

සෙලින්කෝ ලයිෆ් සමාගම මීගමුව නගරයේ සමාගමට අයත් ඉඩමක ඉදිකළ නවතම පරිසර හිතකාමී ශාඛා ගොඩනැගිල්ල විවෘත කරමින් මීගමුව ප‍්‍රදේශයේ සිය මෙහෙයුම් කටයුතු කැපී පෙනෙන ලෙස පුළුල් කර තිබේ.

මෙම නව ගොඩනැගිල්ල මගින් මීගමුවේ සෙලින්කෝ ලයිෆ් ශාඛාවට වර්ග අඩි 7,950 ක ඉඩකඩක් අළුතින් එක්කිරීමත් සමග සමස්ත වර්ග අඩි ප‍්‍රමාණය 18,859 ක්වී තිබේ. මේ අනුව, මෙය ශ‍්‍රී ලංකාවේ දෙවැනියට විශාලතම සෙලින්කෝ ලයිෆ් ශාඛාව බව සමාගම සඳහන් කරයි. මෙය ගම්පහ දිස්ත‍්‍රික්කයේ සමාගමටම අයත් ඉඩමක ඉදිකළ පස්වන ගොඩනැගිල්ල වන අතර මීට පෙර දිවුලපිටිය, කඩවත, ගම්පහ සහ පවතින මීගමුව ශාඛා ගොඩනැගිලි සමාගම විසින් තමන්ටම අයත් ඉඩම්වල ඉදිකර ඇත.

තිරසර බලශක්තිය වැඩිපුර භාවිතා කරමින් සම්පත් සුරක්ෂිත කිරීමේ සමාගමේ හරිත සංකල්පය අනුව මීගමුව ශාඛාවට ඉදිකළ මෙම තට්ටු පහක ගොඩනැගිල්ල මගින් තවදුරටත් සමාගමේ හරිත න්‍යාය පත‍්‍රය ශක්තිමත් කර තිබේ. මේ අනුව යමින් ජාතික විදුලිබල පද්ධතියෙන් ලබාගන්නා විදුලිය අඩුකරමින් මෙම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම සූර්ය බලශක්තියෙන් ආලෝකකරණය කර තිබෙන අතර ඒ වෙනුවෙන් කිලෝවොට් 57.2 ක සූර්ය විදුලිබල පද්ධතියක් ස්ථාපිත කර තිබේ. මෙම සූර්ය බලශක්ති පද්ධතිය සමාගමේ ගොඩනැගිලි ජාලයේ දෙවැනියට විශාලතම සූර්ය බලශක්ති පද්ධතිය වන අතර ශාඛා ජාලය තුළ ස්ථාපිත කළ විශාලතම සූර්ය බලශක්ති පද්ධතිය වේ. මීට අමතරව, මෙම ගොඩනැගිල්ල සෙලින්කෝ ලයිෆ් විසින් ගොඩනැගූ දෙවැනියට විශාලතම වර්ෂා ජලය රැුස්කිරීමේ පහසුකමකින්, අප ජලය පිරිපහදු කර වැසිකිලි සහ ගෙවත්ත සඳහා නැවත ජලය ලබාගන්නා අති නවීන අප ජලය පිරිපහදු කිරීමේ යන්ත‍්‍රාගාරයකින් සහ බලශක්ති පරිභෝජනය අඩුකරන බලශක්ති කාර්යක්ෂමතාවයෙන් යුක්ත නවතම වායුසමීකරණ යන්ත‍්‍ර වලින් සමන්විත වේ.

ගැනුම්කරුවන්ගේ සහ සේවකයින්ගේ පහසුව සඳහා මෙම ගොඩනැගිල්ලේ විදුලි සෝපානයක්, මෝටර් රථ 20 ක් නතර කළ හැකි මෝටර් රථ අංගනයක්, වසරේ දින 365 හිම පැය 24 පුරා මුදල් තැන්පත් කළ හැකි මුදල් තැන්පත් කිරීමේ යන්ත‍්‍රයක්, ගැනුම්කරුවන්ට වෙන්වූ නව ගිමන් ස්ථානයක් සහ ඔවුන් සමග කතාබහ කිරීමට පුද්ගලික සාකච්ඡුා කාමර ගොඩනගා තිබේ.

මීට අමතරව, මෙම ශාඛාව මගින් මීට පෙර සමාගමේ අලෙවි කළාප අටක් සඳහා පහසුකම් සැලසූ අතර මෙම පුළුල් කිරීමෙන් පසුව තවත් අලෙවි කළාප දහයක් සඳහා පහසුකම් සැපයීම ආරම්භ කර ඇත. එසේම, වරකට සිය දෙනෙකුට එක්වර අසුන්ගත හැකි නව පුහුණු මධ්‍යස්ථානයක් මෙම ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබෙන අතර සමාගම විසින් ප‍්‍රදේශය තුළ සිදුකරන මෙහෙයුම් කටයුතුවල මධ්‍යස්ථානයක් ලෙස මෙම ශාඛාව ක‍්‍රියාත්මක වේ. සමාගම සඳහන් කරන්නේ මෙම ගොඩනැගිල්ලේ සේවකයින්ට ආහාර ගැනීමට නව කාමරයක් සහ කුඩා පුහුණු කාමරයක්ද ගොඩනගා තිබෙන බවයි.

මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා සඳහන් කරන්නේ මෙම නව ගොඩනැගිල්ල සඳහා සමාගම විසින් රුපියල් මිලියන 120 ක මුදලක් ආයෝජනය කළ බවත් මේ තුළින් මීගමුව ප‍්‍රදේශයේ ගනුදෙනුකරුවන්ට ලබාදෙන සේවාවන් පුළුල් කිරීමට හැකිවූ බවයි. ජීවිත රක්ෂණය මගින් ජීවිත සුරක්ෂිත කිරීම සඳහා සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ගම්පහ දිස්ත‍්‍රික්කයේ ආරම්භ කර තිබෙන ශාඛා 19 අතුරින් මීගමුව ශාඛාවද එකක් වේ.

සමාගම විසින් මේ වනවිට අනුරාධපුරය, ත‍්‍රිකුණාමලය, යාපනය, මඩකළපුව, මහනුවර, කළුතර, කුරුණෑගල, ගම්පහ, මාතර, ගාල්ල, තිස්සමහාරාමය, මීගමුව, රත්නපුරය, කොටහේන, ගල්කිස්ස සහ වැල්ලවත්ත යන ස්ථානවල සමාගමට අයත් ශාඛා ගොඩනැගිලි පිහිටුවා තිබෙන අතර මින් බොහෝමයක් සඳහා මේ වනවිට විදුලිය ලබාගන්නේ සූර්ය බලශක්තිය මගිනි. එසේම, නව පරිසර හිතකාමී ආකෘතියට අනුව සමාගම විසින් තමන්ටම අයත් ඉඩම්වල හොරණ, පානදුර, වෙන්නප්පුව, බණ්ඩාරවෙල, හලාවත, කඩවත, යාපනය, මාලඹේ, දිවුලපිටිය සහ මීගමුව ශාඛා ගොඩනැගිලි ඉදිකර ඇත.

මෙරට ජීවිත රක්ෂණ කර්මාන්තයේ වැඩිම ශාඛා ජාලය වන ශාඛා 275 ක් පවත්වාගෙන යන සෙලින්කෝ ලයිෆ් මෙරට දිස්ත‍්‍රික්ක 25 ආවරණය වන පරිදි ගම් සහ නගර 142 ක ශාඛා පවත්වාගෙන යයි.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 33 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබෙන අතර Great Place to Work®  විසින් මෙරට සේවය කිරීමට සුදුසු උසස්ම ස්ථානයක් ලෙසින් සමාගම සහතික කර ඇත. 2020 වසරේදී බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් මෙරට වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් සෙලින්කෝ ලයිෆ් සම්මානයට පාත‍්‍රකළ අතර 2021 වසරේදී ස්ලිම්-නීල්සන් විසින් අඛණ්ඩව 15 වන වසරටත් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින්ද සෙලින්කෝ ලයිෆ් සමාගම තෝරාගන්නා ලදී. එසේම, 2019-20 වසර සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය එකතුව ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ නම් කිරීමේ දී සෙලින්කෝ ලයිෆ් සමාගමට විශේෂ සඳහනක් (Honourable Mention) ලබාදුන් අතර 2019 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් අඛණ්ඩව හත්වන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසත් බිස්නස් ටුඬේ ශ්‍රේණිගත කිරීමේදී සමස්තයක් වශයෙන් මෙරට ප‍්‍රධානතම සමාගම් 30 අතුරින් 06 වන ස්ථානයටත් සමාගම තෝරා ගන්නා ලදී.

සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව