සෙලින්කෝ ලයිෆ් ශ‍්‍රී ලංකාවේ වසරේ සන්නාමය ලෙසින් පිදුම් ලබයි

SLIM Brand of the Year 2022 (LBN)

 



 

 

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සියළු අංශවල සන්නාම වෙනුවෙන් ප‍්‍රදානය කරන ඉහළම සම්මානය වන ‘ශ‍්‍රී ලංකාවේ වසරේ සන්නාමය’ යන සම්මානයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම 2022 දෙසැම්බර් 08 වනදා පිදුම් ලැබීමට සමත්විය.

මීට අමතරව, 2022 ශ‍්‍රී ලංකා අලෙවිකරණ සන්නාම විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා විසින් වසරේ සේවා සන්නාමය ලෙසින් රන් සම්මානය දිනාගත් අතර 2021 වසරේදීද මෙම සම්මානය දිනාගත්තේ සෙලින්කෝ ලයිෆ් සමාගම විසිනි. එසේම, සමාගම විසින් හඳුන්වාදුන් නවතම සැලසුමක් වන ‘සෙලින්කෝ ලයිෆ් පෙන්ෂන් සේවර්’ සඳහා ‘වසරේ වඩාත්ම නව්‍ය වූ සන්නාමය’ වෙනුවෙන් වන රිදී සම්මානය සමාගමට මෙහිදී හිමිවිය.

‘මේ ආකාරයෙන් 2022 වසර අවසන් කිරීම ඉතාමත් උසස් දෙයක් ලෙස සඳහන් කළ හැකියි,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ සභාපති ආර්. රෙන්ගනාදන් මහතා පැවසීය. ‘අභියෝග වලට මුහුණදී ජයග‍්‍රහණය කිරීම තුළින් සමාගමක සැබෑ ශක්තිය පෙනෙනවා. අපි ‘වසරේ සන්නාමය’ යන සම්මානය දිනාගන්නේ ඉතාමත් අභියෝගාත්මක වසරකදීයි. මේ තුළින් පෙන්නුම් කරන්නේ අපගේ සන්නාමයේ තිබෙන ශක්තිය සහ ධෛර්යයි. මේ වෙනුවෙන් කැපවීම් කළ අපගේ සියළුම සාමාජිකයින්ට සහ අපගේ රැකවරණය ලබන ශ‍්‍රී ලාංකිකයින් මිලියනයක් වෙත මේ සම්මානය මා පුද කරනවා.’

මෙරට වෘත්තීය අලෙවිකරණ ක්ෂේත‍්‍රයේ විශාලතම වැඩසටහන වන ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සන්නාම විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානෝත්සවය තුළින් සෑම වසරකදීම ප‍්‍රධාන සම්මාන 05 ක් සහ විශේෂ සම්මාන 10 ක් ලබාදීම තුළින් ප‍්‍රමුඛතම සන්නාම ඇගයීමට ලක් කරනු ලබයි.

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සන්නාම විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් විසින් සම්මාන තුනක් දිනාගත් පිට පිටම දෙවන වසර ලෙසින් මෙය කැපී පෙනේ. 2021 පැවති සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සමාගම විසින් ශ‍්‍රී ලංකාවේ වසරේ සේවා සන්නාමය, සෙලින්කෝ ලයිෆ් ‘පෙන්ෂන් සේවර්’ රක්ෂණ සැලසුම සඳහා වසරේ හොඳම නව ඇතුල්වීමේ සන්නාමය සඳහා රන් සම්මානය සහ වසරේ ආයතනික සමාජ වගකීම් සන්නාමය සඳහා රිදී සම්මානය යන සම්මාන දිනාගන්නා ලදී.

සෙලින්කෝ ලයිෆ් සමාගමේ සම්මානනීය ‘පෙන්ෂන් සේවර්’ සැලසුම විශ‍්‍රාම සහ ජීවිත රක්ෂණ සැලසුමක් වන අතර එමගින් රක්ෂණ වාරික ගෙවීම මගින් ප‍්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාව, ලෝයල්ටි රිවෝඞ්ස් සහ කල්පිරීමෙන් පසුව මාසික විශ‍්‍රාම වැටුපක් ලබාගැනීමේ අවස්ථාව ලබාදෙයි. මෙම සැලසුම අලෙවිකරණය කිරීම මගින් ශ‍්‍රී ලාංකිකයින්ට විශ‍්‍රාම දිවිය සැලසුම් කරගැනීම සඳහා අවශ්‍ය වන ඉතාමත් වැදගත් දැනුවත් කිරීමක් ලබාදෙන අතර එය ඉතාමත් නිරවුල්ව මෙම සැලසුමේ ස්වභාවය සන්නිවේදනය කිරීමේදී සහ සන්නාමය ප‍්‍රවර්ධනය කිරීමේදි ලබාදෙයි.

සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 + 10 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව