සෙලින්කෝ ලයිෆ් ආදර්ශමත් හරිත ශාඛාවක් ජා-ඇල විවෘත කරයි

1

 



 

 

ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ්, තම සමාගමට අයත් ඉඩමක නවතම පරිසර හිතකාමී ශාඛා ගොඩනැගිල්ල ජා-ඇල ප‍්‍රදේශයේදී විවෘත කර ඇත. කාර්යබහුල තදාසන්න ප‍්‍රදේශයක විවෘත කරන ලද මෙම නව හරිත ශාඛාව මගින් පාරිභෝගිකයින්ට වැඩි දියුණු කළ අත්දැකීමක් ලබාදෙන අතරම සමාගමේ තිරසාර ඉලක්කයන් සපුරා ගැනීමද සිදුකරණු ලබයි.

රුපියල් මිලියන 180ක ආයෝජනයකින් යුත් මහල් පහකින් සමන්විත වර්ග අඩි 9,664කින් යුත් මෙම ගොඩනැගිල්ල ජා-ඇල අධිවේගී මාර්ග ප‍්‍රවේශ පාරේ අංක: 26හි පිහිටා ඇති අතර, එය ප‍්‍රදේශයේ සෙලින්කෝ ලයිෆ්හි දෘශ්‍යතාව සැලකිය යුතු ලෙස වැඩි කරයි. එය මේ දක්වා සෙලින්කෝ ලයිෆ් විසින් ඉදිකරන ලද පරිසර හිතකාමී ශාඛාවන්ගෙන් 31වැන්න වන අතර, සමාගමේ තුන්වන විශාලතම ශාඛා ගොඩනැගිල්ලද වෙයි.

සමාගමේ කාබන් පිය සටහන තවදුරටත් අඩු කිරීම සඳහා දායක වෙමින් මෙම නව ශාඛාව, සෙලින්කෝ ලයිෆ් ජාලයේ 07 වැනි විශාලතම සූර්ය පැනල ස්ථාපනය හරහා 33 kw ජාලක සූර්ය බලශක්ති පද්ධතියකින් සහ 05kw ජාලයෙන් පිටත බැටරි උපස්ථතික බල පද්ධතියකින්ද බලගැන්වෙයි. එය ජාතික විදුලිබල පද්ධතියෙන් විදුලිය පරිභෝජනය අවම කරමින් අතිරික්ත විදුලිය ජාලයට සපයයි. වැසි ජලය රැස් කිරීමේ පහසුකමක් මෙන්ම නල ජලය පරිභෝජනය අවම කරන 100%ක අපජල ප‍්‍රතිචක‍්‍රීකරණ පද්ධතියක් සහ මලාපවහන පවිත‍්‍රාගාරයක්ද මෙම ශාඛාවෙහි පිහිටා ඇත.

මෙම ගොඩනැගිල්ල ස්වාභාවික ආලෝකයේ ප‍්‍රශස්ත භාවිතය සඳහාද නිර්මාණය කර ඇති අතර, එහි ප‍්‍රදේශ කිහිපයක් ස්වභාවික වාතාශ‍්‍රයද ලබයි. අනෙකුත් ප‍්‍රදේශ නවීනතම බලශක්ති කාර්යක්‍ෂම ආලෝකකරණ සහ වායු සමීකරණ පද්ධතිවලින් සමන්විත වෙයි. ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සඳහා දැව භාවිත නොකළ අතරම, කිසිදු ගස් කැපීමක්ද සිදු නොවීය. මීට අමතරව, සංකීර්ණයේ අතිරේක ගස් වගා කර ඇති අතර හරිත ප‍්‍රදේශ දර්ශනීය කිරීම සඳහා විශේෂ තණකොල පද්ධතියක් භාවිත කරන ලදී.

පාරිභෝගික සහ සේවක පහසුව සඳහා, නව ගොඩනැගිල්ලේ සෝපානයක් සහ වාහන නැවැත්වීමේ ඉඩකඩද මෙන්ම පාරිභෝගිකයන්ට අසුන් ගෙන සිටිය හැකි ස්ථානයක් ද ඇත. ගනුදෙනුකරුවන් සඳහා පුද්ගලික සාකච්ඡ කාමර සහ අමුත්තන් සහ කාර්ය මණ්ඩලය සඳහා තවත් බොහෝ පහසුකම්ද මෙහි වෙයි. මෙම ගොඩනැගිල්ල ජා-ඇල, කඳාන සහ රාගම සෙලින්කෝ ලයිෆ් ශාඛා සඳහා කාර්යාලයක් ලෙස ක‍්‍රියාත්මක වන අතර, දිවුලපිටිය, කඩවත, ගම්පහ සහ මීගමුව යන ශාඛාවලින් පසුව ගම්පහ දිස්ත‍්‍රික්කයේ සමාගමට අයත් ඉඩමක ඉදිකරන ලද 05වැනි ශාඛා ගොඩනැගිල්ල  වෙයි. වැඩි ඉඩකඩ ප‍්‍රමාණයක් අවශ්‍ය වන බැවින් අනාගත ව්‍යාප්තිය සඳහා ගොඩනැගිල්ල සැලැසුම් කර ඇත.

2022 වසරේ දී ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සෙලින්කෝ ලයිෆ් ‘වසරේ සන්නාමය’ ලෙසත්, ‘වසරේ සේවා සන්නාමය’ ලෙසත් නම් කළ අතර වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් අඛණ්ඩව නව වන වසරටත් ශී‍්‍ර ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සම්මානයට ලක් විය. 2023 SLIM-Kantar ජනතා සම්මාන උළෙලේ දී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස 17 වන වසරටත් සම්මානය දිනූ සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 35 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළඳපල නායකත්වය දරා ඇත. 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් නම් කර ඇති සෙලින්කෝ ලයිෆ් අඛණ්ඩව තුන්වැනි වසරටත් ශ‍්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස ද සම්මාන ලැබීය. සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව