සෙලින්කෝ ලයිෆ් අලෙවි වෘත්තිකයින් SLIM – NASCO සම්මාන පහක් දිනාගනී

Webp.net-resizeimage

 



 

 

 

අලෙවිකරණ අංශයේ විශිෂ්ටත්වය ඇගයීම සඳහා ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන ප‍්‍රමුඛතම වැඩසටහන වන NASCO (National Sales Congress) සම්මාන ප‍්‍රදානයේදී මෙවර සෙලින්කෝ ලයිෆ් සමාගමේ විශිෂ්ටයින් එක් රන් සම්මානයක්, රිදී සම්මාන දෙකක් සහ ලෝකඩ සම්මාන දෙකක් ලෙස සම්මාන පහක් දිනාගත්තේය.

මේ අනුව, ජාතික අලෙවි කළමනාකරු අංශය යටතේ සෙලින්කෝ ලයිෆ් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – ව්‍යාපාරික සංවර්ධන ටී. විජයනාත් මහතා සමස්ත රන් සම්මානය ජයග‍්‍රහණය කළ අතර සියලූම ශ්‍රී ලාංකීය කර්මාන්ත සහ ව්‍යාපාරික අංශ වල වෘත්තිකයින් අභිබවා ලබාගත් මෙම ජයග‍්‍රහණය සෙලින්කෝ ලයිෆ් අලෙවි වෘත්තිකයින් සතුව පවතින ගුණාත්මක හැකියාව පිළිඹිබු කරයි.

එසේම, Territory Manager අංශය යටතේ රිදී සම්මානය සෙලින්කෝ ලයිෆ් ගල්ගමුව ශාඛාවේ සේවය කරන ඞී.එම්.ජී.එස්. දිසානායක මහතා දිනාගත් අතර අලෙවි විධායක අංශය යටතේ රිදී සමමානය වාරියපොළ ශාඛාවේ සේවය කරන එච්.ඒ.ඞී.එස්. ජයරත්න මහත්මිය දිනාගන්නා ලදී. මෙම සම්මාන ජීවිත රක්ෂණ අංශය යටතේ පිරිනැමිනි.

මේ අතර, සෙලින්කෝ ලයිෆ් මහරගම ශාඛාවේ සේවය කරන කේ.එන්.පී. සිල්වා මහතා සහ පන්නල ශාඛාවේ සේවය කරන පී.එච්.සී.එල්. ද සිල්වා මෙනෙවිය පිළිවෙලින් රක්ෂණ ක්ෂේත‍්‍රයේ අලෙවි විධායක සහ ෆ‍්‍රන්ට්ලයිනර් අංශ වලට අදාළ ලෝකඩ සම්මාන ජයග‍්‍රහණය කළහ. මෙම සියළු සම්මාන පෙබරවාරි 08 වනදා මොනාර්ක් ඉම්පීරියල් කන්වෙන්ෂන් සෙන්ටර්හිදී පැවති උත්සවයකදී ප‍්‍රදානය කරන ලදී.

මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා අලෙවිකරණය සම්බන්ධයෙන් දක්වන වෘත්තීයභාවය සඳහා මෙම සම්මාන ඉතාමත් ඉහළ සහතිකකරණයක් වන අතර වසරේ අලෙවිකරණ අංශයේ විශිෂ්ටත්වය අගයමින් ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින්  මෙම සම්මාන පිරිනමන ලදී. මෙම සම්මාන ලබාදීමේදී මෙම ජයග‍්‍රාහකයින්ට ඉදිරියේදී අලෙවිකරණ අංශයේ ප‍්‍රමුඛතම වෘත්තිකයින් වීමට තිබෙන හැකියාව සහ ධාරිතාවයද සැලකිල්ලට ගනී.

සෙලින්කෝ ලයිෆ් සමාගම 2011 වසරේ සිටම NASCO සම්මාන ප‍්‍රදානෝත්සවය සඳහා සහභාගී වූ අතර එහිදී කොළඹ, අම්බලන්තොට, බණ්ඩාරවෙල, ඇඹිලිපිටිය, හොරණ, කළුතර, කුරුණෑගල, මාතර, මොරටුව, මීගමුව, නිට්ටඹුව සහ තෙල්දෙණිය යන ප‍්‍රදේශ වලින් සියළු අංශ නියෝජනය කරමින් ජයග‍්‍රාහකයින් බිහිකිරීමට සමත් විය. එසේම, 2015 සහ 2016 වසර වලදී වසරේ විශිෂ්ටතම කාන්තා අලෙවි නිළධාරී යන සම්මාන දිනාගැනීමටද සෙලින්කෝ ලයිෆ් සමත්වී තිබීම කැපී පෙනේ.

NASCO සම්මාන ලාභීන් සෙලින්කෝ ලයිෆ් සමාගම තුළ ඉහළම ඇගයීමට ලක්වන අතර සමාගමේ වාර්ෂික සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ඔවුන්ට විශේෂ ගෞරවයක් පුද කිරීමට සමාගම කටයුතු කරයි.

මෙරට ජීවිත රක්ෂණ කර්මාන්තයේ වැඩිම ශාඛා ජාලය වන ශාඛා 275 කට වැඩි ගණනක් පවත්වාගෙන යන සෙලින්කෝ ලයිෆ් මෙරට දිස්ත‍්‍රික්ක 25 ආවරණය වන පරිදි ගම් සහ නගර 142 ක ශාඛා පවත්වාගෙන යයි. මෙහි සේවය කරන අලෙවි කණ්ඩායම 4300 කට අධික වේ.

2021 වසරේ ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් නම් කරන ලද සෙලින්කෝ ලයිෆ් 2021 වසරේදී ස්ලිම්-නීල්සන් විසින් අඛණ්ඩව 15 වන වසරටත් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින්ද තෝරාගන්නා ලදී. සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 33 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබෙන අතර Great Place to Work® විසින් මෙරට සේවය කිරීමට සුදුසු උසස්ම ස්ථානයක් ලෙසින් සමාගම සහතික කර ඇත. 2021 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් අඛණ්ඩව අටවන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසත්, 2021 වසර සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය එකතුව ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ 10 අතර සෙලින්කෝ ලයිෆ් සමාගම නම් කරන ලදි.

සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව