සෙලාන් බැංකුව වෙළඳ සේවා අන්තර් සමාගම් බැඩ්මින්ටන් යුගල තරගාවලියේ කුසලාන ශූරතාව දිනයි

image001

 



 

 

 

පසුගියදා පැවති 2022 වෙළඳ සේවා අන්තර් සමාගම් බැඩ්මින්ටන් යුගල තරගාවලියේ කුසලාන අංශයේ ශූරතාව දිනාගැනීමට සෙලාන් බැංකු කණ්ඩායම සමත් විය. තුනට දෙකක් වශයෙන් ඩයලොග් කණ්ඩායම සහ තුනට එකක් වශයෙන් සම්පත් බැංකු කණ්ඩායම පරාජය කරමින් අවසන් තරගයට පිවිසි සෙලාන් බැංකු කණ්ඩායම, අවසන් තරගයේදී තුනට එකක් ලෙස ඩයලොග් කණ්ඩායම පරාජය කරමින් කුසලානය හිමිකර ගත්තේ ය.

මංජුල පෙරේරාගේ නායකත්වයෙන් තරග වැදුණු සෙලාන් බැංකු කණ්ඩායමට රශාංග ප්‍රනාන්දු, තිමීර බෙන්තොටගේ, පමීෂා දිශාන්ති, දමින්ද ද සිල්වා, මධුෂිකා දිල්රුක්ෂි, ලසිඳු නිම්සර, මහින්ද ජයවීර, රවිප්‍රිය රන්තිලක සහ රේණු චන්ද්‍රිකා ද සිල්වා ඇතුළත් වූහ. කොළඹ 07 මලලසේකර මාවතේ පිහිටි වෙළඳ සේවා බැඩ්මින්ටන් සංගමයේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී තරගාවලිය පැවැත්විණි.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව