සෙලාන් ක්‍රෙඩිට් කාඞ් මගින් ඔබ මිලදී ගන්නා ඕනෑම මොබිටෙල් mobile device එකක් සඳහා මාස 36කට 0%පොලියක්

Untitled-1

තම පාරිභෝගිකයා වෙත නිරන්තර අගය එක්කිරීමට කටයුතු කරන මොබිටෙල් සමාගම, සෙලාන් ක්‍රෙඩිට් කාඞ් සමග එක්ව තමන් වෙතින් mobile devices මිලදී ගන්නා පාරිභෝගිකයින් වෙත සුවිශේෂී ප්‍රතිලාභ පිරිනැමීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව ඕනෑම මොබිටෙල් අලෙවි නියෝජිතයෙකු වෙතින් සෙලාන් ක්‍රෙඩිට්කාඞ් මගින් මිලදී ගන්නා ඕනෑම මොබිටෙල් ජංගම දුරකථනයක් හෝ ජංගම උපාංග (accessories) සඳහා මාස 36ක් දක්වා Call and Convert පහසුකම හිමි වේ. 2019 දෙසැම්බර් 31 වැනි දින දක්වා මිලදී ගන්නා මොබිටෙල් ජංගම දුරකථන හෝ ජංගම උපාංග සඳහා මෙම වාරික සැලසුම වලංගු වේ. මෙම සුවිශේෂී දීමනාව සඳහා අවම මිලදී ගැනුම් වටිනාකම රුපියල් 15,000 වන අතර උපරිමය රුපියල් මිලියන 01 කි. 0112008888 අංකයට දුරකථන ඇමතුමක් ලබා දීමෙන් මේ පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට මොබිටෙල් සහ සෙලාන් ක්‍රෙඩිට් කාඞ් පාරිභෝගිකයින්ට අවස්ථාව ලබා දී ඇත. මොබිටෙල් X Station වෙතින් මිලදී ගන්නා ඕනෑම ස්මාර්ට් ජංගම දුරකථන සහ ජංගම උපාංග (accessories) මෙන්ම Smart Living products සඳහා මෙම දීමනාව වලංගු වේ. ජාතික ජංගම දුරකථන සේවා සැපයුම්කරු, මොබිටෙල් විසින් ඉතාමත් සාධාරණ මිල ගණන් යටතේ අලෙවිකරන voice සහ data පැකේජ කිහිපයකටම හිමිකම් කීමේ අවස්ථාවද පාරිභෝගිකයින්ට ලැබී තිබේ.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව