සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සඳහා කොමර්ෂල් බැංකුව අතිසාර්ථක වෙළෙඳ ප්‍රදර්ශනයක් පවත්වයි

SME Trade Fair 2024 (LBN)

මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික අංශයට වැඩි ම ණය දෙන මූල්‍ය ආයතනය වන කොමර්ෂල් බැංකුව ලංකාව පුරා විසිරී සිටින සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් 200 කට ආසන්න සංඛ්‍යාවකට ඔවුන්ගේ නිෂ්පාදන හා සේවාවන් ප්‍රදර්ශනය සහ අලෙවියට මෙන් ම පාරිභෝගිකයන් සමඟ සම්බන්ධ වීමට වටිනා අවස්ථාවක් සලසා දීමට වෙළෙඳ ප්‍රදර්ශනයක් කොළඹ දී පැවැත්වීය.

 



 

ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ දී (SLECC) දින දෙකක් පුරා පැවැත්වූ ප්‍රදර්ශනයට යාපනය, මඩකලපුව, පුත්තලම, අනුරාධපුරය, බදුල්ල, කුරුණෑගල, මහනුවර, රත්නපුර, මාතර, මීගමුව, කළුතර සහ කොළඹ යන ප්‍රදේශවලින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සහභාගී විය. එමෙන් ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට සහ රටේ කෘෂිකර්ම අංශයට සේවා සපයන ආයතන අටක සහභාගීත්වය ද සිදු විය.

ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් ව්‍යපාරවලට ගෝලීය වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීම සඳහා බැංකුව විසින් සකස් කරන ලද වේදිකාවක් වන ComBank LEAP GlobalLinker විසින් ඩිජිටල් නාලිකාවක් හරහා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් අට දෙනෙකුට තම නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට බැංකුව විසින් අවස්ථාව සලසා දෙන ලදි. වෙළෙඳ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවේ දී LEAP වැඩසටහන සඳහා ජංගම යෙදුමක් ද එළිදැක්විණි.

මෙම අවස්ථාවට බැංකුව විසින් ලබා දී ඇති වැදගත්කම සනිටුහන් කරමින්, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායක වෙළෙඳ ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබුවේ කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා, ප්‍රධාන මෙහෙයුම් නිළධාරී එස්. ප්‍රභාගර් මහතා සහ ආයතනික කළමනාකාරීත්වයේ සාමාජිකයන් විසිනි. සම්භාවනීය විශේෂ ආරාධිතයින් ලෙස කොමර්ෂල් බැංකුවේ සභාපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා IFC දේශිය කළමණාකරු ඇලහැන්ඩ්‍රෝ ඇල්වාරෙස් ඩි ලා කැම්පා මහතා, කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය සාරංග අලහප්පෙරුම මහතා සහ සහතික ලත් කළමනාකාරණ ගණකාධිකාරී ආයතනයේ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් වටවල යන මහත්වරුන්ද මේ පිරිසට ඇතුළත් විය.

මෙම වෙළෙඳ ප්‍රදර්ශනයට සහභාගී වීම තුළින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට තම නිෂ්පාදන පුළුල් ප්‍රේකෂක පිරිසකට ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සලසා දුන්නා පමණක් නොව, අනාගත ගැනුම්කරුවන් සොයා ගැනීමටත්, නව සැපයුම්කරුවන් සොයා ගැනීමටත්, වෙළෙඳපොළෙහි ඇති අනෙකුත් සමාන නිෂ්පාදන අධ්‍යයනය කිරීමටත්, පවතින වෙළෙඳපොළ ගතිකත්වයන් අධය්‍යනය කිරීමට සහ ඔවුන්ගේ නිෂ්පාදන අපනයනය කිරීමට සූදානම් අපනයනකරුවන් මුණගැසීමටත් අවස්ථාව නිර්මාණය කර දුන් බව බැංකුව පවසයි.

මීට අමතර ව ප්‍රදර්ශකයින්ට සහ අමුත්තන්ට උපදෙස් ලබා දීම සඳහා බැංකුවේ සහ රාජ්‍ය ආයතනවල නියෝජිතයින් විසින් මෙහෙය වූ කර්මාන්ත උපකාරක කවුන්ටරයක් පිහිටුවා තිබුණි.

එම ස්ථානයේ ස්ථාපිත කරන ලද අපනයන මධ්‍යස්ථානයක් භාවිත කරමින් බැංකුවෙහි ‘දිරිබල’ අපනයනකරුවන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ අපනයන වටිනාකම් දාමයන් ශක්තිමත් කිරීම සඳහා දේශීය නිෂ්පාදකයන් අපනයනකරුවන් සමඟ සම්බන්ධ කිරීම සිදු කරන ලදි.

ගම්පහ යසෝදරා බාලිකා මහා විද්‍යාලයේ පාසල් ව්‍යවසායක්ත්ව සමාජයේ සිසුවියන් 25 දෙනෙකු මෙම වෙළෙඳ ප්‍රදර්ශනයට සහභාගී වූ අතර එහිදී තම නිෂ්පාදන ප්‍රදර්ශනය කර පළපුරුදු සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගෙන් වටිනා අවබෝධයක් ලබා ගනිමින් ප්‍රදර්ශකයින් සමඟ ජාලගත වීමට අවස්ථාව උදා කර ගැනීම මෙම ප්‍රදර්ශනයේ නව අංගයක් විය.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව සහ ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 964 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව