සුවිසල් තිරයක් මත විචිත්‍රත්වය මවන සැම්සුන් Neo QLED 8K විශිෂ්ටත්වය

Unbox_Discover_press-release_main1 (LBN)

සුවිසල් රූපවාහිනී තිරයක් යනු නිවසට අලංකාරත්වය මෙන්ම සතුට රැගෙන එන්නකි. අද වන විට පාරිභෝගිකයින් බොහෝ දෙනෙකු විශාල ප්‍රමාණයේ රූපවාහිනී මිලදී ගැනීමට උනන්දුවක් දක්වන්නේ ඒ තුළින් ප්‍රියතම චිත්‍රපටවල සිට වෙනත් ඕනෑම වැඩසටහනක් රස විඳීමේ හැකියාව ඔවුන් වෙත උදා කර දීම හේතුවෙනි. ඒ සියලු දේට විසඳුම් ගෙන එන සැම්සුන් Neo QLED 8K රූපවාහිනිය සුවිසල් තිරයක රූපවාහිනී අත්දැකීමක් සිය පාරිභෝගිකයින් වෙත ලබා දීමට කටයුතු කර ඇත්තේ නවීන තාක්ෂණයේ විශිෂ්ටත්වය තුළින් ප්‍රමුඛතම විශේෂාංග 3ක්ද ඊට එක් කරමිනි.

 


 

8K සුපැහැදිලි බවක් සමඟින් සුවිසල් රූපවාහිනී තිරයක පරිපූර්ණ අසිරිය

රූපවාහිනියේ තිරය විශාල වන විට එහි සුපැහැදිලි බව පවත්වා ගැනීම දුෂ්කර වුවද 4K රූපවාහිනීවලට සාපේක්ෂව සැම්සුන් Neo QLED 8K රූපවාහිනී නිෂ්පාදනවල සුපැහැදිලි බව පික්සල් 4කින් ඉහළ නැංවීමට කටයුතු කර ඇති බැවින් වඩා සුපැහැදිලි දසුන් රස විඳීමේ අවස්ථාව පරිශීලයින්ට උදා වේ. මනාව යොදන ලද Mini LED තුළින් සුවිසල් තිරය මත වඩා ගුණාත්මක රූප නිර්මාණය කරමින් විචිත්‍ර දර්ශන ලබා ගැනීමේ අවස්ථාව තහවුරු කිරීමට Neo QLED 8K TV කටයුතු කර ඇත.

නිරන්තර නව්‍යකරණ නිෂ්පාදන පාරිභෝගිකයා වෙත ගෙන එන සැම්සුන් Neo QLED 8K රූපවාහිනී නිෂ්පාදනය පාරිභෝගිකයා වෙත හඳුන්වා දෙමින් එය යළි යළිත් යථාර්තයක් බවට පත් කිරීමට සමත්ව සිටියි. Neural Quantum Processor 8K තාක්ෂණය හා Quantum Matrix තාක්ෂණය තුළින් සවිබල ගන්වනු ලබන Neo QLED 8K රූපවාහිනී නිෂ්පාදනය සෑම විටම විශිෂ්ට අත්දැකීමක් පාරිභෝගිකයා වෙත ලබා දීමට කටයුතු කරයි.

සුපැහැදිලි බව, වර්ණවත් බව හා ආකර්ෂණීය රූප ඇස් අබියසට ගෙන එන Neural Quantum Processor 8K තාක්ෂණය

Neo QLED 8K රූපවාහිනියේ ප්‍රධානම සාධකයක් ලෙස Neural Quantum Processor 8K හඳුන්වා දිය හැකිය. විවිධ නාලිකා 64ක් භාවිත කරමින් අදාල කාලය තුළ අන්තර්ගත විශ්ලේෂණය ඉහළ නැංවීමට මෙම ප්‍රොසෙසරය සමත්ව සිටියි. ඒ තුළින් ඔබට ආකර්ෂණීය රූප රටාවන් සහ වර්ණයන් සමඟින් මෙතෙක් අත් නොවිඳි අත්දැකීමක් ලබා ගැනීමට හැකි වනු නොඅනුමානය.

එසේම HDR විශේෂාංගයේ සක්‍රීයත්වයට හේතුවන සැම්සුන්හි විශිෂ්ට ප්‍රොසෙසරය තුළින් සුවිසල් වර්ණ පරාසයක් තිරයට එක් කිරීමට හැකි වන අතර දීප්තිමත් හා අඳුරු තිත් සහිත vivid ඉවත් කරමින්  රූපවාහිනී තිරය දීප්තිමත් ආකාරයෙන් ප්‍රේක්ෂකයාට දැකබලා ගැනීමටද එය හේතුවක් වේ. SDR අන්තර්ගතයන්ට සාපේක්ෂව සුපැහැදිලි HDR වීඩියෝ අන්තර්ගතයන් ලබා දෙන එම ප්‍රොසෙසරය තුළ අන්තර්ගත AI තාක්ෂණයද රූපවල විචිත්‍රත්වය ඉහළ නැංවීමට සමත් වන අතර Quantum Dot තාක්ෂණයද ඊට සුවිසල් පිටුබලයක් සපයනු ලබයි.

Neo QLED 8K හි Neural Quantum Processor තුළින් සවිබල ගැන්වෙන තවත් සුවිශේෂී විශේෂාංගයක් ලෙස Real Depth Enhancer Pro හඳුන්වා දිය හැකිය. එහිදී නරඹන්නා තිරයේ අවධානය යොමු කරන ස්ථානය හඳුනාගනිමින් එය මනාව ග්‍රහණය කර ගැනීමට AI තාක්ෂණය උපයෝගී කර ගැනීම විශේෂත්වයකි. තිරය මත රූප දැනගැනීමේ අත්දැකීම තව දුරටත් ඉහළ නංවන මෙම තාක්ෂණය ත්‍රිමාණ රූප තිරය මතට ගෙන ඒමටද සමත් වේ.

Quantum Mini LEDs සමඟින් ලබා දෙන විචිත්‍රත්වය – Quantum Matrix Technology Pro

සැම්සුන් Neo QLED 8K TV හි තවත් සුවිශේෂී සාධකයක් වන්නේ Quantum Matrix Technology Pro ය. තිරයේ අඳුරු තත්වය වැඩි දියුණු කරමින් මනා පසුතල පාලනයක් වෙනුවෙන් Quantum Mini LEDs භාවිත කරනු ලබයි. සාම්ප්‍රදායික LEDවලට වඩා 1/40ක ප්‍රමාණයෙන් යුත් Mini LED සතු ආකර්ෂණීය වර්ණ හා දීප්තිමත් බව තුළින් පින්තූරයෙහි ගුණාත්මක බව තව තවත් ඉහළ නංවනු ලබයි. එහි ඇති 14-bit HDR ක්‍රියාවලියද ඊට සුවිසල් ශක්ක්තියක් සපයනු ලබන්නේ දීප්ත්මත් හා අඳුරු කොටස්වල අසමසම ක්‍රියාකාරීක්වයක් සහතික කරමිනි.

තවද Quantum Matrix තාක්ෂණයෙන් බල ගැන්වෙන Shape Adaptive Light Control විශේෂාංගය හේතුවෙන් තිරයේ දර්ශනය වන රූපයට ගැලපෙන ආකාරයෙන් පසුබිම් ආලෝකය වෙනස් වන අතර එය රූපයේ පැහැදිලි බව ඉහළ නංවමින් බොඳ වීම අවම කිරීමට සමත් වේ. මින් වඩාත් පැහැදිලි වන්නේ රූපයේ දීප්තිමත් බව දීප්තිමත් බවින්ද, අඳුරු දර්ශනයන් අඳුරු බවින්ද යුතුව සුපැහැදිලි රූපයක් තිරය මත දිස්වන බවයි.

මේ සියලු දේ තුළින් පාරිභෝගකියා වෙත අසමසම අත්දැකීමක් මෙන්ම නිවසට අසමසම සුන්දරත්වයක් එක් කරන සැම්සුන් Neo QLED 8K රූපවාහිනිය නරඹන්නන් හට තමන්ගේ සතුට රිසි සේ විඳ ගැනීමේ අවස්ථාව නිසැකවම උදා කර දෙනු ලබයි.

පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ ක්ෂේත්‍රයේ පුරෝගාමී නව්‍යකරණ නිෂ්පාදකයකු වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් නිරන්තරයෙන් ලොව පුරා පාරිභෝගිකයින්ගේ වෙනස් වන අවශ්‍යතා සපුරාලීම සඳහා නව්‍ය විසඳුම් ගෙන ඒමට කැපවී කටයුතු කරයි. විශේෂඥයින්ගේන් සැදුම් ලත් කණ්ඩායමක් සහ විශිෂ්ටත්වය සඳහා වන කැපවීමක් සමඟින් අඛණ්ඩව සිය තාක්ෂණික විශිෂ්ටත්වය ඉදිරියට ගෙන යාමට සැම්සුන් කටයුතු කරමින් සිටියි.

 


 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight + six =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව