සුවිශේෂී නිවාස ණය පිරිනැමීම සඳහා HNB, Prime Group සමඟ ඇති හවුල්කාරීත්වය නැවත අලූත් කරයි

Image 01

 



 

 

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ආයෝජකයින්ට සුවිශේෂී ගනුදෙනු සහ ප‍්‍රතිලාභ පිරිනැමීම සඳහා මෙරට දේපල වෙළෙදාම් ක්ෂේත‍්‍රයේ පුරෝගාමියා වන Prime Group (ප‍්‍රයිම් සමූහය) සමඟ ඇති සිය දිගුකාලීන හවුල්කාරිත්වය යළිත් අලූත් කර ඇත.

මෙම හවුල්කාරිත්වය මගින් සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන ප‍්‍රවර්ධන කාලසීමාව තුළ විශේෂ පොලී අනුපාත ඇතුළුව පාරිභෝගිකයින්ට ප‍්‍රතිලාභ රැසක් ලබා දෙනු ඇත. වෝඞ් පෙදෙසේ පිහිටි The Grand, උස්වැටකෙයියාව The Beachfront II සහ දෙහිවල Marine Drive හි 43 by the Sea 43 ඉහ එයැ ීැ් වැනි සුවිශේෂී ප‍්‍රයිම් රෙසිඩන්සීස් ව්‍යාපෘති ඇතුළුව ප‍්‍රයිම් සමූහයේ සියලූම දේපළ වෙනුවෙන් මෙම සුවිශේෂී දීමනාව පිරිනමනු ලබයි.

”ශ‍්‍රී ලංකාවේ පවතින වාතාවරණය තුළ ඔබේම නිවසක් තැනීම තරමක් අභියෝගාත්මක විය හැකියි. උද්ධමනය ඉහළ යාමට සමගාමීව ඉදිකිරීම් පිරිවැය ද ඉහළ යාම ඊට හේතුවක්. මොනයම් බාධාවක් මධ්‍යයේ වුවද HNB හි අපි සෑම ශ‍්‍රී ලාංකිකයෙකුටම තමන්ගේම නිවසක් හිමිකර ගැනීමට ඔවුන්ව දිරිමත් කරනවා. එබැවින්, අපගේ ගනුදෙනුකරුවන්ට දැරිය හැකි මූල්‍ය විකල්ප සහ සුවිශේෂී සේවාවන් ලබාදීම සඳහා ප‍්‍රයිම් සමූහය සමඟ නැවත හවුල් වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා.” යනුවෙන් HNB සහකාර සාමාන්‍යාධිකාරී – පුද්ගලික මූල්‍ය සේවා (PFS) කාංචන කරුණාගම මහතා පැවසුවේය.

HNB තම පාරිභෝගිකයන් වෙත ඉහළම වටිනාකම ලබාදෙමින්, ප‍්‍රවර්ධන කාල සීමාව තුළ විශේෂ පොලී අනුපාත පිරිනමයි. අනාගතයේදී තමන්ගේම නිවහනක හිමිකාරිත්වය ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයින්ට අතේ ඇති මුදලට ගැලපෙන පහසු සහ නම්‍යශීලී ආපසු ගෙවීමේ විකල්ප භාවිත කළ හැකි අතර, HNB විසින් සපයනු ලබන නිවෙස් වෙතටම ගොස් ණය ලබා ගැනීම සම්බන්ධයෙන් වන උපදේශන සේවා සමඟින්, ඊට අවශ්‍ය නීතිමය ලියකියවිලි සඳහා සහාය වනු ඇත.

”ප‍්‍රයිම් සමූහය ලෙස අපගේ අරමුණ වන්නේ මෙවැනි අභියෝගාත්මක කාලවලදී ශ‍්‍රී ලාංකිකයින්ට ස්ථාවරත්වය සහ අවස්ථාවන් ලබා දෙමින් නිවාස හිමියන් බවට පත්වීමට උපකාර කිරීමයි. එබැවින්, අපගේ පාරිභෝගිකයින්ට උසස් සේවා සැපයීම සඳහා HNB සමඟ හවුල් වීමට ලැබීම සතුටට කරුණක්.” යනුවෙන් ප‍්‍රයිම් සමූහයේ අධ්‍යක්ෂ – ආයතනික කටයුතු නලින්ද හීනටිගල මහතා පැවසීය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව