සුපර් සීරිස් 2025 තරඟාවලියේ ප්‍රධාන අනුග්‍රාහක ලෙස BETSS.COM ලංකාවේ මෝටර් රථ ක්‍රීඩා ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යෑමට සැරසේ                 

Image 02_Betss

අටවන වරටත් පවත්වන ශ්‍රී ලංකා සුපර් සීරීස් 2025 තරඟාවලියේ ‘ප්‍රධාන අනුග්‍රාහකයා’ ලෙස නම් කොට ඇති අතර හවුල්කාර අනුග්‍රහය සපයනු ලබන්නේ ශ්‍රී ලංකා රේසිං ධාවන රියදුරන් සහ ධාවකයින්ගේ සංගමය (SLARDAR) විසිනි. මෙම සහයෝගිත්වය තුළින් දේශීය දක්ෂතා සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඩිජිටල් නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීමට BETSS.COM සිදු කරන කැපවීම මනාව ඉස්මතු වේ.
 



 

ජාතියේ ප්‍රමුඛතම මෝටර් රථ ධාවන ශූරතාවලිය වන සුපර් සීරීස් තරගාවලිය නුවරඑළිය, මහමේරුව, ගිරිඋල්ල සහ කටුකුරුන්ද ඇතුළු ස්ථානවල ක්‍රියාශීලි ඉසව් මාලාවකින් සමන්විත වේ. සුවිශාල ජනකායක් ආකර්ෂණය කර ගනිමින් සහ ඉහළ පෙළේ රියදුරන් සහ යතුරුපැදිකරුවන් ප්‍රදර්ශනය කරමින්, මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්‍රීඩාවේ නැගී එන ජනප්‍රියතාවය සහ තරඟකාරීත්වය නියෝජනය කරයි.

“2025 සුපර් සීරීස් තරඟාවලියට අප ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන්නේ හුදෙක් හවුල්කාරිත්වයකට නොවේ. ඉන් දේශීය දක්ෂතා ඉස්මතු කිරීමට වගේම ඩිජිටල් ප්‍රගතිය සහ තරඟකාරිත්වය නිර්වචනය කිරීමට අපට අවශ්‍යයි. SLARDAR හි දැක්ම ක්‍රියාත්මක කිරීමට සහාය වීමට වගේම රට පුරා මෝටර් රථ ක්‍රීඩා වල අනාගතය හැඩගැස්වීම සදහා අපටත් යම් කාර්යභාරයක් ඉටු කිරීමට ලැබීම ගැන අපට ඇත්තේ මහත් සතුටක්,” BETSS.COM හි සමූහ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී ධනේෂ් සුබ්‍රමනියම් මහතා පැවසීය.

තරගාවලියට BETSS.COM දක්වන දායකත්වය හුදු වෙළඳ නාමකරණය ඉක්මවයි. ඩිජිටල් ලෙස මෙහෙයවන මුලපිරීම්, කුසලතා සංවර්ධන වැඩසටහන් සහ බිම් මට්ටමේ මෝටර් රථ ක්‍රීඩා සහාය හරහා අර්ථවත් සම්බන්ධතාවයක් ඇති කිරීම එම දායකත්වයෙන් අපේක්ෂිත අරමුණු අතර වේ. තාක්ෂණය සහ තරඟකාරී ක්‍රීඩා අතර BETSS.COM ස්ථානගත වන්නේ වේගය, නිරවද්‍යතාවය සහ කාර්ය සාධනය කෙරෙහි අවධානය යොමු කරමිනි.

“BETSS.COM ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස එක්වීමත් සමඟ, මෙම වසරේ සුපර් සීරීස් තරගාවලිය ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් වන බවට ලකුණු තියෙනවා. මෙම තරගාවලියට ඔවුන් සහභාගි වීමෙන් ක්‍රීඩාවේ ප්‍රවේශය පුළුල් වෙනවා පමණක් නොව, ඉන් තරුණ තරගකරුවන්ට ධෛර්යයක්ද ලැබෙනවා”, SLARDAR හි ලේකම් මේජර් ජෙනරාල් ඉඳුනිල් රණසිංහ (විශ්‍රාමික) පවසා සිටියේ ය.

වගකිවයුතු අන්තර්ජාල විනෝදාස්වාද වේදිකාවක් ලෙස, BETSS.COM ආරක්ෂිත, නීතිමය සහ ආකර්ශනීය ඩිජිටල් අත්දැකීම් ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටී. මෙම හවුල්කාරිත්වය තුලින් BETSS.COM අපේක්ෂා කරන්නේ සිය සන්නාමය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පද්ධතිය තුළ විශ්වාසය සහ දිගුකාලීන බලපෑමක් ඇති කිරීමට සේම ධාවන පථයේත් ඉන් පිටත අභිලාෂය සහ නවෝත්පාදනය පෝෂණය කිරීමටත් ය.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව