සිය වත්කම් විකිණීම පිළිබඳ පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා ටෙලිකොම් කියයි

SLT

 



 

 

 

2022 අප්‍රේල් 20, කොළඹ: ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය සතු වත්කම් විකිණීමට ඇති සූදානමක් පිළිබඳව පළවන විවිධ පුවත් සහ වාර්තා මුළුමනින්ම අසත්‍ය බව SLT-MOBITEL කළමනාකාරීත්වය දැඩිව අවධාරණය කර සිටියි.

මෙසේ පළවන පුවත් සහ වාර්තා, ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් හෝ, සමූහයේ 49.5%ක කොටස් හිමිකාරීත්වයකට හිමිකම් කියන මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ හෝ තහවුරු කිරීමකින් තොරව පළවී ඇති බව ද සමාගම පෙන්වාදෙයි.

එමෙන්ම, තම සමූහයේ වත්කම් අලෙවි කිරීම පිළිබඳ කිසිදු තීරණයක් ගෙන නැති බවත්, සිය ව්‍යාපාර මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යන බවත්, ශ්‍රී ලංකා ටෙලිකොම් සිය කොටස්හිමියන්, පාරිභෝගිකයින් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් වෙත අවධාරණය කරයි.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 − 7 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව