සියැට් හි යුරෝපීය ටයර් පරාසය වෙතින් ශ්‍රී ලංකා ගොල්ෆ් ශූරතාවලියට ජවය

SLGU Championship sponsor 2025 (LBN)

සියැට් ටයර් සන්නාමයේ යුරෝපීය ටයර් පරාසය අනුග්‍රහයෙන් 134 වන ශ්‍රී ලංකා ආධුනික ගොල්ෆ් ශූරතාවලිය සහ ශ්‍රී ලංකා කාන්තා ස්ට්‍රෝක් ප්ලේ ගොල්ෆ් ශූරතාවලිය, සැප්තැම්බර් 23 වන දින ඓතිහාසික රාජකීය කොළඹ ගොල්ෆ් සමාජයෙහි ආරම්භ වනු ඇත.

ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය (SLGU) විසින් සංවිධානය කරන මෙම ශූරතාවලිය සඳහා සියැට් කැලණි හෝලඩිංග්ස්, සියැට් යුරෝපීය ටයර් පරාසය හරහා මෙසේ හවුල් වන්නේ අඛණ්ඩව දෙවන වසරටය.

 



 
සියැට් කැලණි හෝලඩිංග්ස් හි කළමනාකාර අධ්‍යක්ෂක රවී ඩඩ්ලානි මහතා පැවසූයේ මෙම හවුල්කාරීත්වය ස්වභාවිකවම ගැළපෙන බවයි. “ගොල්ෆ් ක්‍රීඩාව යන්න නිරවද්‍යතාවය, සමබරතාවය සහ පාලනය යන ගුණාංග වලින් අර්ථ දක්වන ක්‍රීඩාවකි. එසේ ම සියැට් හි යුරෝපීය ටයර් පරාසයේ නිෂ්පාදන නිර්මාණය කර තිබෙන්නේ එම ගුණාංග සමඟින් උසස් කාර්ය සාධනය සහ මාර්ගයේ සුවපහසුව සඳහා යි,” යැයි ඔහු පැවසීය.

බංග්ලාදේශය, නේපාලය, සහ පකිස්ථානය යන රටවල්වල ජාතික කණ්ඩායම් සහභාගීත්වය තහවුරු කර ඇති අතර පිරිමි සහ කාන්තා කාණ්ඩ දෙකට ම ඉන්දියාවෙන් පුද්ගලික ඇතුලත් වීම් ද සහිත මෙම වසරේ තරඟය තුළින් ශක්තිමත් ජාත්‍යන්තර මානයක් ලබා දීමට හැකියාව ලැබෙනු ඇතැයි බලාපොරාත්තු වේ.

පිරිමි ශූරතාවලියේ දී පාසල් ක්‍රීඩක ජෙවාන් සතාසිවම් තම ආධුනික ශූරතාව ආරක්ෂා කර ගැනීමට මෙවර තරඟයට සහභාගී වන අතර තාරුණ්‍යයේ ආකර්ෂණය දිනාගත් කනිෂ්ඨ ක්‍රීඩිකා කායා දළුවත්ත ශ්‍රී ලංකා ආධුනික සහ ශ්‍රී ලංකා කාන්තා ස්ට්‍රෝක් ප්ලේ ශූරතාවලි දෙකේදී ම ඇයගේ ද්විත්ව සාර්ථකත්වය නැවත ලබා ගැනීමට බලාපොරෙත්තු වේ. තම මංගල ශූරතා සොයා යන රෙෂාන් අල්ගම, ඡේකබ් නෝර්ටන්, චලිත පුෂ්පික සහ උචිත රණසිංහ වැනි නැගී එන තරඟකරුවන්ගේ එල්ල වන ප්‍රබල අභියෝගවලට ද ඔවුන්ට මුහුණ දීමට සිදුවනු ඇත.

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව