සියැට් ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරය දිනාගත් ටයර් සන්නාමය’ ලෙස සම්මාන ලබයි

Most Loved Tyre Brand 2025 (LBN)

මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාව වන LMD වෙතින් 2025 වසරේ ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරය දිනාගත් ටයර් සන්නාමය’ ලෙස සියැට් සමාගම සම්මානයට පාත්‍ර වී ඇත.

LMD සඟරාව වෙනුවෙන් PepperCube ආයතනයෙහි සමීක්ෂණයක සොයාගැනිීම් පදනම් කරගනිමින් මෙම සම්මානය සියැට් සමාගමට පිරිනමා ඇත.

බස්නාහිර, දකුණ, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල LMD පාඨකයින් මෙම සමීක්ෂණයට සහභාගි වූ අතර ඔවුන්ගේ ප්‍රතිචාර මගින් මෙරට වඩාත්ම ජනාදරය දිනාගත් සන්නාමයන් කාණ්ඩ 43 ක් යටතේ ශ්‍රේණිගත කර ඇත.




මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් සියැට් කැලණි හෝල්ඩිංග්ස් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ෂමල් ගුණවර්ධන මහතා මෙසේ අදහස් දැක්වීය. “විශේෂයෙන්ම දේශීය වෙළෙඳපොළ සඳහා ටයර් සංවර්ධනය සහ නිෂ්පාදනය කිරීමේදී මහජන ඇසට නොපෙනෙන වෙහෙස මහන්සියේ ප්‍රතිඵල සඳහා මෙය අගනා උපහාරයක් වන්නේය. සමීක්ෂණය සඳහා සම්මුඛ සාකච්ඡා පවත්වන ලද සෑම අයෙකුම ටයර් භාවිත කරන්නෙකු නොවීම හේතුවෙන්ද මෙම පිළිගැනීම සුවිශේෂී වන්නේය. අපගේ සන්නාමය ගොඩනැගීමේ උත්සහයන් පුළුල් පාරිභෝගික පිරිසකට සමීප වී ඇති බව මෙය පෙන්නුම් කරන අතර, මගීන්ගේ ජීවිත ද ටයර් මත රඳා පවතින නිසා එය එසේ වීම ඉතාමත් උචිතයි.”

ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානලාභී ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි සමාගම 2025 වසරේ දී ශ්‍රී ලංකාවේ හොඳම කළමනාකරණ පරිචයන් සඳහා වන ටයර් නිෂ්පාදන සමාගම ලෙසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM) විසින් ද සම්මානයට පාත්‍ර විය. එසේම ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානය සහ ජාත්‍යන්තර තත්ත්ව පාලන කව පිළිබඳ සම්මේලනය මගින් පිරිනමන බහුවිධ සම්මාන රැසකින් ද සමාගම පිදුම් ලබා ඇත.

සියැට් සමාගමේ ඉහළ මට්ටමේ නෛතික හා මෙහෙයුම් අනුකූලතාව සමඟින් ශක්තිමත් සැපයුම් දාම ආරක්ෂාව අගයමින් ශ්‍රී ලංකා රේගුව විසින් සමාගමට බලයලත් ආ‍ර්ථික ක්‍රියාකරු (AEO) Tier – I තත්ත්වය පිරිනමා ඇත. ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩක් නිෂ්පාදනය කරන සියැට් කැලණි සමාගම සිය නිෂ්පාදනයෙන් සියයට 20 ක් පමණ රටවල් 16 කට අපනයනය කරයි. ආනයනික ටයර් මත යැපීම අඩු කිරීමෙන් විදේශ විනිමය සංරක්ෂණය කිරීමේ ජාතික ආර්ථික ප්‍රයත්නයට සැලකිය යුතු කාර්යභාරයක් ද සියැට් කැලණි සමාගම ඉටු කරනු ලබයි.

සියැට් කැලණි සමාගම දැනට දේශීය වාහන එකලස් කිරීමේ කර්මාන්තයට වාරෂිකව නිෂ්පාදකයා විසින් සපයන (OE) ටයර් 150,000 කට වඩා සපයන අතර මේ තුළින් ශ්‍රී ලංකාවේ එකලස් කරන වාහනවලින් සියයට 90 කටත් වඩා ආවරණය කරයි. දේශීයව නිෂ්පාදනය කරන ලද සියැට් ටයර් දැන් ශ්‍රී ලංකාවේ එකලස් කරන වාහන සන්නාම 11ක නිෂ්පාදකයා විසින් සපයන උපාංග ලෙස භාවිත වේ. ඒ අතරට මාදිලි 30කට අධික SUV වාහන, මෝටර් රථ, බස් රථ, ලොරි, පිකප් ට්‍රක් රථ, යතුරුපැදි සහ ස්කූටර් අයත් වේ.

 

Home  Facebook



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව