සියලූම ක්ෂේත‍්‍ර අතරින් Ransomware සඳහා ඉහළම ගෙවීම් නිෂ්පාදන ක්ෂේත‍්‍රයෙන් සිදු වන බව Sophos සඳහන් කරයි

pexels-sora-shimazaki-5926386

 



 

 

සයිබර් ආරක්ෂණ සේවාවන් නව්‍යකරණය කිරීමේ සහ බෙදා හැරීමේ ගෝලීය ප‍්‍රමුඛයෙකු වන Sophos, අද දින ප‍්‍රකාශයට පත් කරන ලද “The State of Ransomware in Manufacturing and Production නව සමීක්ෂණ වාර්තාවකින් පෙන්වා දී ඇත්තේ Ransomware සඳහා සියලූම ක්ෂේත‍්‍ර ගෙවීම් කරනු ලබන ඩොලර් 812,360 ක මුදල සලකා බැලීමේදී ඒ සියලූ ක්ෂේත‍්‍ර අතරින් නිෂ්පාදන ක්ෂේත‍්‍රය පමණක් ඩොලර් 2,036,189 ක් වැනි ඉහළම ගෙවීමක් සිදු කරන බවයි. මීට අමතරව, සමීක්ෂණයට ලක් කරන ලද නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ සංවිධානවලින් 66% ක සංකීර්ණ සයිබර් ප‍්‍රහාරවල වැඩි වීමක් වාර්තා කර ඇත. පසුගිය වසරේ සමීක්ෂණය හා සැසඳීමේදී සයිබර් ප‍්‍රහාරවල 61%ක වැඩි වීමක් ද එම වාර්තාව මගින් පෙන්වා දී ඇත. තවද මෙම සයිබර් ප‍්‍රහාරවල සංකීර්ණත්වය හා පරිමාව ඉහළ යාම ද cross-sector ට වඩා පිළිවෙලින් 7%කින් හා 4%කින් වැඩි බව ද එමගින් වැඩිදුරටත් පෙන්වා දේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් Sophos හි ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශක ජෝන් ෂයර් මහතා පැවසුවේ ”සැපයුම් දාමය තුළ එයට හිමිව ඇති තත්වය හා පිළිගැනීම හේතුවෙන් නිෂ්පාදන ක්ෂේත‍්‍රය යනු සයිබර් අපරාධකරුවන්ගේ අවධානය යොමු වන ආකර්ෂණීය ක්ෂේත‍්‍රයක් ලෙස පෙන්වා දිය හැකියි. යල් පැන ගිය යටිතල පහසුකම් සහ OT පරිසරය වෙතට ප‍්‍රමුඛතාවක් නොමැති වීම හේතුවෙන් ප‍්‍රහාරකයන්ට පහසුවෙන් ඇතුල් වීමට සහ breached network එකක් තුල සිදු කරන ප‍්‍රහාර සඳහා වේදිකාවක් සපයනු ලබනවා. තොරතුරු තාක්ෂණය සහ OT එකට හමු වීම attack surface (ඕනෑම පද්ධතියකට අනවසරයෙන් ඇතුළු වීම සඳහා ඇති සියලූම පිවිසුම් ස්ථාන ගණන) වැඩි කරන අතර දැනටමත් සංකීර්ණ පරිසරයේ අවදානම තවත් උග‍්‍ර කරනවා. යනුවෙනි.

”විශ්වසනීය backups (මුල් දත්ත හෝ දත්ත ගොනු නැති වී හෝ විනාශ වූ අවස්ථාවක භාවිතා කිරීමට දත්ත හෝ දත්ත ගොනු පිටපත් සෑදීමේ ක‍්‍රියාවලිය) තිබීම නැවත යථා තත්වයට පත් වීමේ වැදගත් අංගයක්. අද තිබෙන ransomware තර්ජනයට මිනිසා මූලික කොටගත් තර්ජන දඩයම් කිරීමේ හැකියාව ඇතුළත් සවිස්තරාත්මක ප‍්‍රතිචාර සැලසුමක් (detailed response plan) අවශ්‍ය වනවා. සංකීර්ණ ප‍්‍රහාර සඳහා විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය වන අතර, බොහෝ සංවිධානවලට, ක‍්‍රියාකාරී ප‍්‍රහාරකයන් සෙවීමට සහ උදාසීන කිරීමට පුහුණු කරන ලද managed detection and response (MDR) කණ්ඩායම් එකතු කිරීම මෙයට ඇතුළත් වනවා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

නිෂ්පාදන ක්ෂේත‍්‍රය Ransomware සඳහා ඉහළම ගෙවීමක් සිදු කළද ඇත්ත වශයෙන් සංවිධාන විසින් Ransomware සඳහා ගෙවූ මූදල පහලම අගයක් ගනී.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen + fifteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව