සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව පුත්තලමේ දැන් විවෘතයි !

DSC_3017 (LBN)

 



 

 

දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් හරහා හෘද්‍යාංගම පාරිභෝගික සේවාවක් සපයමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් මෙරට ප‍්‍රමුඛ පෙළ මූල්‍ය සමාගමක් සහ සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම සාමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී නවතම ශාඛාව පුත්තලම කුරුණෑගල පාරේ ජය මාවතේ අංක 113/1A  දරණ ස්ථානයේ දැන් විවෘතය. සියපත ෆිනෑන්ස් පුත්තලම ශාඛාව, සියපත ෆිනෑන්ස් 18 වැනි සංවත්සරයට සමගාමීව සියපත ෆිනෑන්ස් කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න  මහතා සහ පුත්තලම ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ සහභාගීත්වයෙන්  විවෘත කෙරිණ.

සියපත ෆිනෑන්ස් මූල්‍ය සේවා තවදුරටත් ශ‍්‍රී ලාංකිකයන් වෙත සමීප කරමින් දිවයින පුරා නව ශාඛා මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ කටයුත්තේදී පුත්තලම නගරය තෝරාගැනීම පිළිබඳ සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා සිය අදහස් දක්වමින් “අපේ රටේ ආර්ථික සංවර්ධනයට පුත්තලමෙන් විශාල දායකත්වයක් ලැබෙනවා. අපේ රටේ පාරිභෝගිකයන්ට අත්‍යවශ්‍ය නිෂ්පාදන වන පොල්, මාළු සහ කරවල, ලූණු නිෂ්පාදනය කිරීමට දායකවෙන පුත්තලම ආශ‍්‍රිත ව්‍යවසායක ප‍්‍රජාවගේ මූල්‍ය අවශ්‍යතා සඳහා කඩිනම් නම්‍යශීලී මූල්‍ය සේවා රැසක් හඳුන්වාදීම තමයි අපගේ පුත්තලම ශාඛාවේ ප‍්‍රධාන අරමුණ. පුත්තලම අවට සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබල ගන්වමින් පුත්තලම ආශ‍්‍රිතව වෙසෙන පාරිභෝගික ජනතාවගේ අත්‍යවශ්‍ය මූල්‍ය අවශ්‍යතා කඩිනමින් ඉටුකර දෙන්නට අවශ්‍ය සියළු පහසුකම් මෙම ශාඛාවට අප ඇතුලත් කොට තිබෙනවා.” යැයි පැවසීය.

සියපත ෆිනෑන්ස් ප‍්‍රධාන කාර්යාලය වෙතින් ගනුදෙනුකාරභවතුන් වෙත ලබාදෙන ලීසිං, කුලී සින්නක්කර සේවා, ෆැක්ටරින්, ව්‍යාපාර හා පුද්ගලික ණය, නිවාස ණය රන් ණය, ස්ථාවර තැන්පතු ඇතුළු සියළුම මූල්‍ය සේවාවන් පුත්තලම ශාඛාවේ පළපුරුදු වෘත්තීයවේදී කාර්යමණ්ඩලය වෙතින් ද ලබාගත හැකිය.

මෙරට මූල්‍ය වෙළෙඳපොළ තුළ සියපත ෆිනෑන්ස් පීඑල්සී අරඹා ගතවූ වසර 18ක කාලය ඇතුලත උතුර, නැගෙනහිර ද ඇතුළුව ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී සිටින පාරිභෝගික ජනතාව වෙත නව්‍ය හා සුහදශීලී මූල්‍ය සේවා සම්පාදනය කිරීම හරහා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරලන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් රැසක් ද සවිබල ගන්වමිනි.

තවද  සියපතෙන් මිහිකතට සමාජ සත්කාර ව්‍යාපෘතියේ තවත් එක් පියවරක් ලෙස පුත්තලම ශාඛාව විවෘත කිරීමට සමගාමීව පරිසරයට හිතකාමි ශාක 100ක් රෝපණය කිරීමේ පළමු අදියර පුත්තලම ඇතුන්ගොඩ ඉසිපතන කනිෂ්ඨ විද්‍යාල භූමිය තුළ පැළ 50ක් සිටුවීමෙන් සාර්ථකව ආරම්භ කරන ලදී.

සියපත ෆිනෑන්ස් පීඑල්සී පුත්තලම ශාඛාවේ සේවාවන් පිළිබඳ වැඩි විස්තර 0327 605 625 අමතා හෝ www.siyapatha.lk වෙත පිවිස විමසීම් සිදුකළ හැකිය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty + 8 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව