සිංගර් ශ්‍රී ලංකා “වසරේ ජනතා සන්නාමය” ලෙස 17 වැනි වරටත් SLIM – KANTAR ජනතා සම්මාන උළෙලේදී අභිෂේක ලබයි

Image 2 (LBN)

 



 

 

මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවිකරණයේ ප්‍රමුඛතම සන්නාමයක් වන සිංගර් ශ්‍රී ලංකා අඛණ්ඩව  17 වන වරටත් “වසරේ ජනතා සන්නාමය” වශයෙන් SLIM-KANTAR ජනතා සම්මාන 2023 උළෙලේදී සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. මෙරට සන්නාම හා අලෙවිකරණය සම්බන්ධයෙන් ජනප්‍රියතම සම්මාන උළෙලක් වන මෙය ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. මෙම සම්මානය තුළින් සිංගර් ශ්‍රී ලංකා කල්පවතින පාරිභෝගික භාණ්ඩ වෙළෙඳපොළ තුළ අත්පත් කරගෙන ඇති පරමාධිපත්‍යය හා විශ්වාසනීයත්වය තවදුරටත් තහවුරු වේ.

මෙම අවස්ථාව පිළිබඳව සිංගර් ශ්‍රී ලංකා හි අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා මහතා මෙසේ සිය අදහස් දැක්වීය.”ශ්‍රී ලාංකීය ජනතාව විසින් පිරිනමන ලද මෙම සම්මානය පිළිබඳ අපි නිහතමානීව ආඩම්බර වෙනවා. පාරිභෝගික හදවත්වල අප සන්නාමය කෙරෙහි පවතින විශ්වාසනීයත්වයට මෙම සම්මානය හොඳම උදාහරණයක්. විවිධ කාණ්ඩවලින් භාණ්ඩ හා සේවා සැපයීමෙන් පාරිභෝගික ජිවන රටාව තවදුරටත් උසස් තත්ත්වයට පත්කිරීම අපගේ අරමුණයි.”

“අපගේ පාරිභෝගිකයන් සිංගර් සන්නාමය කෙරෙහි දක්වන ලද විශ්වාසය හා පක්ෂපාතීත්වය මෙම ජයග්‍රහණයේ රහසයි. ඒ වෙනුවෙන් මාගේ හෘදයාංගම ස්තුතියි පළකර සිටිනවා. SLIM-KANTAR සම්මාන උලෙළේ 17 වැනි වරටත් ” වසරේ ජනතාව සන්නාමය” බවට පත්වීම අපට විශාල ගෞරවයක් හා අභිමානයක්. එසේම දිනෙන් දින වර්ධනය වන පාරිභෝගික ඉල්ලුමට සරිලන පරිදි අපගේ සන්නාමය පාරිභෝගිකයන් වෙත රැගෙනයෑමට කටයුතු කරන අපගේ සිංගර් කණ්ඩායමේ කැපවීමට මෙම සම්මානය හොඳම සාක්ෂියයි. ආර්ථිකය යහපත් මෙන්ම අයහපත් කාලවලදී පවා සිංගර් සන්නාමය පාරිභෝගිකයන් සමඟ ඉදිරියටත් නිරතුරුව රැඳිසිටිනවා.” සිංගර් ශ්‍රී ලංකා හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා මෙසේ සිය අදහස් දක්වන ලදී.

එසේම මෙම සම්මාන උළෙලේදී 17 වැනි වරටත් “වසරේ කල්පවතින පාරිභෝගික සන්නාමය” දිනාගැනීමට ද සිංගර් ශ්‍රී ලංකා සමත් වීය.

සිංගර් සන්නාමය වසර ගණනාවක් පුරාවට පාරිභෝගික හදවත් තුළ විශ්වාසය වර්ධනය කරමින් නිරතුරුව නව්‍යත්වයෙන් සිය සේවා සපයනු ලබයි. අතීතයේ අතිවිශිෂ්ට විශ්වාසය සමඟින්  “ඔබේ නිවහන අපේ හදවතයි” සංකල්පය යටතේ වර්තමානයේ සාර්ථකත්වය හා අනාගතයේ වර්ධනය වෙනුවෙන් කැපවීම සිංගර් සන්නාමයේ සාර්ථකත්වයට මුලික පදනමයි. ඒ වෙනුවෙන් සිය පාරිභෝගිකයින්ගේ ජීවන රටාව වැඩිදියුණු කිරීම අරමුණු කරගත් නිෂ්පාදන සහ සේවා පරාසය අඛණ්ඩව පුළුල් කිරිමට සිංගර් ශ්‍රී ලංකා නිරන්තරයෙන්ම ඇපකැපවී සිටීයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව