සිංගර් වෙතින් ගෘහස්ත සුළු පරිමාණ ඇඟලුම් කර්මාන්තවලට සරිලන මහන මැෂින් මාදිලි ගණනාවක්

4

දිවයිනේ පුරෝගාමී පාරිභෝගික භාණ්ඩ අලෙවිකරුවා මෙන්ම, ලොවට මහන මැෂින් හඳුන්වා දීමේ ද පුරෝගාමියා වන සිංගර්, ශ්‍රී ලංකාවේ ගෘහස්ත, සුළු හා මධ්‍ය පරිමාණ මැහුම් කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් යුතුව, නවතම මහන මැෂින් මාදිලි ගණනාවක් පාරිභෝගිකයින් වෙත ඉදිරිපත් කර තිබේ. මහන මැෂින් සම්බන්ධ ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන විශ්වාසවන්ත නාමය ලෙසින්, ලොක්ස්ටිච් මැෂිමේ සිට ඕවර්ලොක් මැෂිම දක්වාම ආයතනික හා ගෘහස්ත, මැහුම් කර්මාන්තයට අදාළ සෑම මාදිලියකම මැෂින් වෙළෙඳපොළට නිකුත් කර ඇත. සිංගර්, මැහුම් කර්මාන්තය දිරිමත් කිරීම මෙන්ම එහි දියුණුවට අතහිත දීම වෙනුවෙන් දීර්ඝ කාලීනව කටයුතු කරයි.

1877 වසරේදී මුල් වරට, ශ්‍රී ලංකාවේ සිංගර් මහන මැෂින් අලෙවිය ඇරඹූ දින සිට මේ දක්වාම වසරින් වසර සාර්ථක ප්‍රගතියක් අත්පත් කර ගනිමින් රටපුරා ප්‍රදර්ශනාගාරවල එකසේ සිංගර් මැෂින් අලෙවි කෙරෙයි. ඒ සිංගර් නාමය දීර්ඝකාලීනව පවත්වාගෙන එන අඛණ්ඩ විශ්වාසය හේතුවෙනි. අද වන විට සිංගර් සිය සන්නාමයේ මහන මැෂින් පමණක් නොව, ලොව ප්‍රචලිත විශාල සන්නාම ගණනාවකින් මහන මැෂින් පාරිභෝගිකයින් වෙත ඉදිරිපත් කරමින් අඛණ්ඩ පාරිභෝගික විශ්වාසය සමගින් දිවයින පුරා ප්‍රදර්ශනාගාර තුළ ඉතා සාධාරණ මිල ගණන්වලින් ලබා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින් හට සලසා දී තිබේ.

මේ වන විට ලොව පුරා ඉහළ අලෙවියක් ඇති ZOJE, ආයතනික මැහුම් කර්මාන්තය ඉලක්ක කර ගනිමින්ම, චීනයේ නිමවන ලද අධිවේගී මහන මැෂින් වර්ගයක් වන අතර, සිංගර් එම මැෂින් මුල් වරට ශ්‍රී ලංකාවේ ගෘහස්ත, සුළු හා මධ්‍ය පරිමාණ මැහුම් කර්මාන්ත ඉලක්ක කර ගනිමින් හඳුන්වා දී ඇත්තේ, අධිවේගී මහන මැෂින් භාවිතයෙන් මැහුම් කර්මාන්තයට ඉතා විශාල වාසි අත්පත් කරගත හැකි වන බැවිනි. සිංගර් ශ්‍රී ලංකා සමාගම, මැහුම් කර්මාන්තය ඉලක්ක කරමින් අලෙවි කළ මැෂින් අතරින් විශාල ප්‍රමාණයක් ZOJE  සතු වන අතර, එහි පුරෝගාමී හවුල්කරුවකු ලෙස MEGASEW කටයුතු කරයි. මහන මැෂින් මාදිලි ගණනාවකින් සංයුක්ත මෙය, ඇඟලුම් කර්මාන්තය ඉලක්ක කර ගනිමින්ම තායිවානයේ නිෂ්පාදනය කරන ලද්දකි. එමෙන්ම දැනට සිංගර් ප්‍රදර්ශනාගාරවල ‘සිංගල් හෙඩ් ̓ හා ‘මල්ටි හෙඩ් ̓ යනුවෙන්, විශේෂිත එම්බ්‍රොයිඩර් තාක්ෂණයෙන් යුත් මැෂින් මාදිලි ගණනාවක්ද වේ. සිංගර් නිෂ්පාදනයක් වන SDY එම්බ්‍රොයිඩර් මැෂින්ද, ගෘහස්ත මැහුම් කර්මාන්තයට සේම, සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කර්මාන්තයන්ටද යොදා ගැනීමෙන් සුවිශාල ආයෝජනයකට උරුමකම් කිව හැකි වේ. පෙර සඳහන් පරිදි එමගින් සිකුවින්ස්, කෝඩින්ග් ආදී එම්බ්‍රොයිඩර් ක්ෂේත්‍රයට අදාළ කාර්යයන් ගණනාවක් පහසුවෙන් ඉටුකර ගත හැකි වේ.

ජීන්ස් හා කමිස මැසීම සඳහාම නිපදවන ලද IMB නම්, ප්‍රචලිත චීන සන්නාමිත නිෂ්පාදනයක් වන අතර, එය ජීන්ස් හා කමිස මැසීම සම්බන්ධ වෙන් වෙන් වශයෙන් සෑම කාර්යයක් සඳහාම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙයි. IMB ඇඟලුම් කර්මාන්තයට යොදා ගැනීමෙන් කිහිප දෙනකු විසින් සිදු කරන කාර්යයන් ගණනාවක් ඉතා පහසුවෙන් එකවර සිදු කර ගැනීමේ හැකියාව පවතී.

සිංගර් ප්‍රදර්ශනාගාරවල අලෙවියට තබා ඇති තවත් සුවිශේෂී මැෂින් වර්ග දෙකක් ලෙසින්, SANSEIKO වර්ගයේ ලේසර් මැෂින් හා ස්ප්‍රෙඩින්ග් යන කාර්යය උපරිම ආකාරයෙන් ඉෂ්ට කර ගත හැකි bullmer මැෂින් වර්ගයද‍ හඳුන්වා දිය හැකිය. තායිවාන නිෂ්පාදනයක් වන SiRUBA ද, ඇඟලුම් කර්මාන්තය අරමුණු කර ගනිමින්ම, නිපදවන ලද්දක් වන අතර, සිංගර් එම සන්නාමයේ ස්වයංක්‍රීය මැෂින් පමණක් සිය ප්‍රදර්ශනාගාරයන්හි අලෙවි කරනු ලබයි.  ඇඟලුම් කර්මාන්තයේ එක් සුවිශේෂි ක්ෂේත්‍රයක් වන ටී-ෂර්ට් knit රෙදිපිළි ආශ්‍රිත කාර්යයන් සඳහා එම මැෂින් යොදා ගැනේ. ප්‍රකට සන්නාමයක් වන KuikE සමගින් සිංගර් ගෙන එන්නේද, එම knit කර්මාන්තය සඳහා යොදා ගන්නා ස්වයංක්‍රීය මැෂින්ය.

මෙම සෑම මාදිලියකම මැෂින් සිංගර් ප්‍රදර්ශනාගාරවලින්ද, ප්‍රධාන ශාකාවන්ගෙන්ද පාරිභෝගිකයින් හට මිලදී ගත හැකි වන අතර,‍් මැහුම් කර්මාන්තයට අදාළ ඉඳිකටු, ෂට්ල්, කතුරු, ට්‍රිමර්, බොබින් ආදී සෑම උපාංගයක්ම, සිංගර් ප්‍රදර්ශනාගාරවලින් මිලදී ගත හැකි අතර, www.singer.lk වෙබ් අඩවිය මගින්ද භාණ්ඩ ඇණවුම් කළ හැකි වේ. ඇණවුම් කරනා සෑම භාණ්ඩයක්ම, උපරිම දින 3-4 ක් ඇතුළත එම ප්‍රදර්ශනාගාර වෙත බෙදා හැරේ.

ස්වකීය අවශ්‍යතාවය පරිදි අඩු ආදායම් ලබන පවුල් සඳහාද, පහසු ගෙවීමේ ක්‍රම මගින් මැෂින් මිලදී ගැනීමට සිංගර් අප විසින් පාරිභෝගික ඔබට පහසුකම්කම් සලසා තිබේ. කොළඹ සිංගර් ප්‍රධාන මධ්‍යස්ථානය මගින් මෙන්ම, රටපුරා සිංගර් ප්‍රදර්ශනාගාර මගින්ද අලෙවි කෙරෙන මැෂින් ඇතුළු සෑම භාණ්ඩයක් සදහාම අලෙවියෙන් පසු සේවාවන්ද ක්‍රියාත්මක කිරීම සඳහා අධි තාක්ෂණික පුහුණුව ලද කාර්මික ක්ෂේත්‍රයේ පිරිසක්ද සිංගර් සතු වෙයි. 011-5400 400 සිංගර් ක්ෂණික ඇමතුම් සේවාව ඇමතීමෙන් මිලදී ගන්නා භාණ්ඩයන්ට අදාළ සියලු පැමිණිලි හා විමිසීම් සඳහා සිංගර් ක්ෂණික ප්‍රතිචාර දක්වයි.

සිංගර් ශ්‍රී ලංකා සමාගම, රට පුරා ගෘහාශ්‍රිත සුළු හා මධ්‍ය පරිමාණ, ඇඟලුම් කර්මාන්ත නඟා සිටුවීම පිණිස, 2007 වසරේ මුල්වරට ZOJE සන්නාමිත මහන මැෂින් වෙළෙඳ පොළට නිකුත් කර ඇති අතර, මේ වන විට රට පුරා සියලු ප්‍රදර්ශනාගාර මගින් විවිධ සන්නාමවලින්, විවිධ මාදිලියේ මැෂින් 400, 000 කට වඩා අලෙවි කර තිබේ.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව