සිංගර් විසින් ලෝ ප්‍රකට ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන HONOR නිෂ්පාදනය මෙරටට හඳුන්වා දෙයි

Image 06 (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ ගෘහාශ්‍රිත ඉලෙක්ට්‍රොනික උපකරණ සහ උපාංග ක්ෂේත්‍රයේ ජනප්‍රියතම නාමයක් වන සිංගර් සමාගම විසින් ලෝක ප්‍රකට Honor සන්නාමය ශ්‍රී ලංකාව වෙත හඳුන්වා දීමට කටයුතු කෙරිණි. Honor සන්නාමය ශ්‍රී ලංකාවට ගෙන්වීමේ හා බෙදා හැරීමේ  බලය ලත් එක ම නියෝජිතයා වන්නේ සිංගර් සමාගමයි. Honor X Series නිෂ්පාදන පෙළ හඳුන්වා දෙන Honor සන්නාමය යටතේ උසස් තත්ත්වයේ ස්මාර්ට් ජංගම දුරකථන සහ උපාංග තරඟකාරී මිල ගණන්වලින් ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාව වෙත ගෙන ඒමට සිංගර් සමාගම කටයුතු කරයි. 

අපගේ පාරිභෝගික ජනතාවට Honor සන්නාමය හඳුන්වා දීමට ලැබීම ගැන අපි ඇත්ත වශයෙන් ම සතුටු වෙනවා” යනුවෙන් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා පැවසීය.  ” දැරිය හැකි මිලට ලබා ගත හැකි, අති නවීන විශේෂාංග සහිත Honor ස්මාර්ට් ජංගම දුරකථන මගින් ශ්‍රී ලාංකේය පාරිභෝගික ජනතාවට අද්විතීය ස්මාර්ට් ජංගම දුරකථන අත්දැකීමක් ලබා ගනීමේ හැකියාව පවතිනවා. Honor නිෂ්පාදනවලට ශ්‍රී ලාංකේය වෙළෙඳපොළ තුළ ඉතා හොඳ අවස්ථා රාශියක් තිබෙනවා. එය සාර්ථක කර ගැනීම සඳහා  සහයෝගය ලබා දීමට හැකි වීම ගැන අපි සතුටු වෙනවා.යනුවෙන් විජේවර්ධන  මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය. 

චීනයේ අංක 1 ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය ලෙස වර්ධනය වන Honor, ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන වෙළෙඳපොළේ පාරිභෝගික ආකර්ෂණය දිනූ, ලොව වේගයෙන් ම වර්ධනය වන ජංගම දුරකථන සන්නාමය ලෙස හඳුන්වා දිය හැකිය. Honor නිෂ්පාදනවල නවෝත්පාදන සහ පාරිභෝගික තෘප්තිමත් භාවය පිළිබඳව දැඩි අවධානය යොමු කරමින් ඒ වෙනුවෙන්  කැප වන නිසා ම එම නිෂ්පාදනවල  කැමරාවේ ගුණාත්මකභාවය, බැටරි ආයු කාලය සහ සමස්ත ක්‍රියාකාරිත්වය ඉතා ඉහළය.  එමෙන් ම ගෝලීය පේටන්ට් බලපත්‍ර 8,500කට වැඩි ප්‍රමාණයක් සහිත Honor, 13,000කට අධික ශ්‍රම බලකායක් සේවයේ යොදවා ඇති අතර, ඔවුන්ගෙන් 60%කට වැඩි පිරිසක් පර්යේෂණ සහ සංවර්ධන  සඳහා කැපවී සිටින බව පැවසිය යුතුමය. 

“සිංගර් ශ්‍රී ලංකා සමඟින් එක් වී ශ්‍රී ලාංකේය වෙළෙඳපොළේ අපගේ සලකුණ තැබීමට හැකි වීම ගැන අපි ඉතා සතුටට පත්වෙනවා. දැරිය හැකි මිලකට නව තාක්ෂණයෙන් සපිරි නිෂ්පාදන ලබා දීමට හැකි වීම ගැන අපි ආඩම්බර වෙනවා. සිංගර් සමඟ ඇති කරගත් මෙම සහයෝගය හරහා ශ්‍රී ලාංකේය පාරිභෝගික ජනතාවට ගුණාත්මක නිෂ්පාදන අත්දැකීමක් ලබා දීමට හැකි වනු  ඇතැයි අපි විශ්වාස කරනවා.” යනුවෙන් Honor හි තායිලන්තය, වියට්නාමය, ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය යන රටවල අධ්‍යක්ෂ ලැන්ග් ගුඕ මහතා පැවසීය. 

Honor සතු සුවිශේෂී විශේෂාංග හරහා ගෙවන මුදලට වැඩි  වටිනාකමක් ලබා දීම තුළින් ඉහළ පාරිභෝගික විශ්වාසයක් ගොඩනඟා ගැනීමට හැකි වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස සිංගර් විසින් Honor’s X-Series නිෂ්පාදන පෙළක්  විවිධ මිල ගණන් යටතේ මෙරට පාරිභෝගිකයින් වෙත ලබා දෙයි. 

වත්මන් ආර්ථික තත්ත්වය අනුව, පාරිභෝගික ජනතාව තරඟකාරී මිල ගණන් යටතේ උසස් තත්ත්වයෙන් යුතු නිෂ්පාදන පිළිබඳව සොයමින් සිටින අතර, Honor සන්නාමය එම අවශ්‍යතා සඳහා නිවැරදි ම විසඳුම් ලබා දෙයි. 

Honor නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ සාර්ථකත්වයට පත් වීම සඳහා සූදානමින් සිටින අතර, මෙම සුවිශේෂී සන්නාමය මෙරට පාරිභෝගික ජනතාව වෙත ගෙන ඒම සඳහා සිංගර් සමාගම සුවිශේෂී සේවාවක් ඉටු කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව