
සිංගප්පූරුව / කොළඹ – නිෂ්පාදන විශිෂ්ටත්වය සහ නිෂ්පාදන විශේෂඥතාව සඳහා පිළිගැනීමට ලක් වු, සිංගප්පූරුව පදනම් කරගත් ඇඟලුම් නිෂ්පාදකයෙකු වන Q Collection Pte. Ltd., ප්රමුඛ පෙළේ ගෝලීය ඇඟලුම් විසඳුම් සැපයුම්කරුවෙකු වන Hela Apparel Holdings PLC (හෙළ ඇපරල් හෝල්ඩින්ග්ස්) සමඟ උපායමාර්ගික හවුල්කාරිත්ව සහාය ඇතිව ශ්‍රී ලංකාවේ නිෂ්පාදන මෙහෙයුම් ස්ථාපිත කිරීම නිවේදනය කර ඇත.
මෙම ක්‍රියාවලියේ කොටසක් ලෙස, Q Collection ආයතනය Hela සමූහයේ අනුබද්ධිත ජිනදාස බෙනට් (පුද්ගලික) සමාගමේ (Jinadasa Bennett (Private) Limited) මෙහෙයුම් පාලනය අත්පත් කර ගෙන බාරගෙන ඇත. මෙම ගනුදෙනුවට මෙම නිෂ්පාදන ස්ථාන පදනම් කරගත් මෙහෙයුම් වත්කම් සහ සේවකයින් මාරු කිරීම ද ඇතුළත් වේ. එම නිෂ්පාදන පහසුකම් ඇති ස්ථානවල සිටින සියලුම සේවකයින්ට ඔවුන්ගේ පවතින කොන්දේසි යටතේ අඛණ්ඩව රැකියාව ඉදිරියට කරගෙන යාමට අවස්ථාව ලබා ඇති අතර, ඔවුනගේ දැනට හිමි ප්රතිලාභ අහිමි නොවී, ශ්‍රම බලකායේ අඛණ්ඩතාව සහ මෙහෙයුම් ස්ථාවරත්වය සහතික කරයි.
“මෙම මුලපිරීම ගෝලීය වශයෙන් කීර්තිමත් ඇඟලුම් සන්නාම සමඟ සහයෝගයෙන් ලෝක මට්ටමේ නිෂ්පාදන විසඳුම් ලබා දීමට Q Collection ව්‍යාපාරික කැපවීම පිළිබිඹු කරයි” යනුවෙන් Q Collection හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී Senthil Selvan (සෙන්දිල් සෙල්වන්) පැවසීය. “සැපයුම් දාමයේ ඔරොත්තු දීමේ හැකියාව සහ ශක්තිමත් බාවය වැඩි දියුණු කිරීමට සහ විවිධ – රටවල් වලට ඇඟලුම් නිෂ්පාදන සපයන්නෙකු බවට පත් වීමට, එනම් අපගේ නිෂ්පාදන ජාලය වැඩි කරමින් අපි අපගේ ක්‍රමවේදයන් පුළුල් කරමින් සිටිමු. විශේෂයෙන් යට ඇඳුම් නිෂ්පාදන කාණ්ඩයේ – ඉහළ මට්ටමේ, සදාචාරාත්මක නිෂ්පාදන හැකියාවන් සහ ශක්තීන් නිසා ශ්‍රී ලංකාව තෝරා ගන්නා ලදී. රට තුළ ශක්තිමත් පදනමක් ස්ථාපිත කිරීමට සහ අපගේ දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට මෙම උපායමාර්ගික පියවරේදී Hela Apparel Holdings PLC (හෙළ ඇපරල් හෝල්ඩින්ග්ස්) සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු.”
මෙම සහයෝගීතාවය සමාගම් දෙකෙහිම උපායමාර්ගික අරමුණු සඳහා සහාය වේ. තමන්ගේම හිමිකාරීත්වය දරන, කළමනාකරණය කරන ලද සහ හවුල්කරුවන් විසින් සක්‍රීය කරන ලද නිෂ්පාදන විසඳුම්වල දෙමුහුන් ආකෘතියක් (hybrid model) බවට Hela (හෙළ) පරිවර්තනය වීම සහ ගෝලීය වෙළඳ නාම සඳහා තිරසාර නිෂ්පාදන පදනමක් ලෙස දකුණු ආසියාව පුරා Q Collection හි අඛණ්ඩ වර්ධනය ද සිදු වේ.
“මෙම මුලපිරීම සමාගම් දෙකටම වැඩි විභවයක් විවෘත කිරීමට අවස්ථා සපයයි. ඒ සමඟම, මෙම වසර සඳහා අපගේ මූල්‍ය ඉලක්ක සපුරා ගැනීමට ද මෙය සහාය වනු ඇත. එනම් එම ඉපයීම් අපගේ වගකීම් වන කෙටි කාලීන ආපසුගෙවීම් ඉටු කිරීමටත්, සමාගමේ මූල්‍ය තත්ත්වය ශක්තිමත් කිරීමටත් භාවිතා කරනු ඇතැයි,” නිෂ්පාදන අංශයේ ප්‍රධාන විධායක නිලධාරී සනත් අමරතුංග පැවසීය. “ශ්‍රී ලංකාව, කෙන්යාව සහ ඊජිප්තුව යන රටවල ඇති අපගේ කර්මාන්තශාලා 6 හරහා අපගේ හැකියාවන් දියුණු කිරීමට Hela (හෙළ) කැපවී සිටී.”
ඇඟලුම් නිෂ්පාදනය සහ නවෝත්පාදන සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත වීමේ ශ්‍රී ලංකාවේ පුළුල් අභිලාෂය සමඟ Q Collection හි මෙහෙයුම් ස්ථාපිත කිරීම සමපාත වේ. තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම, කලාපීය සැපයුම් දාම ශක්තිමත් කිරීම, රැකියා උත්පාදනය කිරීම සහ දිගුකාලීන විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා සහයෝගීතාවයේ විභවය මෙම මුලපිරීම ඉස්මතු කරයි. විශේෂයෙන් වේගවත්, සදාචාරාත්මක සහ පරිමාණය කළ හැකි නිෂ්පාදන විසඳුම් සොයන අයගෙන් වර්ධනය වන ඇඟලුම් අංශයේ ජාත්‍යන්තර කොටස්කරුවන්ගේ ඉහළම ආකර්ෂණයට ශ්‍රී ලංකාව ලක්වේ.