සැම්සුන් හඳුන්වා දුන් නවතම රූපවාහිනී පරිශීලකයන් වෙත තමන්ටම ගැලපෙන ආකාරයේ සුවිශේෂී රස වින්දනයක් ගෙන එන්නේ මෙහෙමයි

DSCF2781.0 (LBN Fill)

 



 

 

නිරන්තරයෙන් නව්‍ය හා පෙරලිකාර නිෂ්පාදනයන් ලෙස අලූත්ම අත්දැකීම් සමඟින් සිය නිෂ්පාදන නිර්මාණය කිරීම වෙනුවෙන් සැම්සුන් ඉලෙක්ට්‍රොන්ක්ස් හි ඉංජිනේරුවන් හා නිෂ්පාදන සැලසුම්කරුවන් එක්ව කටයුතු කරයි. වසරින් වසර සිය නිෂ්පාදනයන්හි තත්වය ඉහළ නංවමින් නව අදහස් හා තාක්ෂණයේ දියුණුව සිය පරිශීලකයන් වෙත ගෙන ඒම වෙනුවෙන් ඔවුන් සිදුකරන මෙහෙවර සුළු පටු නැත.

2017 වසරේදී ප‍්‍රථම වරට ප‍්‍රමුඛතම QLED TV හඳුන්වා දීමේ සිට සැම්සුන්හි නිෂ්පාදන සැලසුම්කරුවන් විසින් පරිශීලකයන්ගේ අවශ්‍යතාවන්ට ගැලපෙන අසමසම අත්දැකීමක් ලබා දීම අරමුණු කර ගනිමින් විවිධ නව්‍යකරණයන්, අදහස් මෙන්ම හවුල්කාරීත්වයන් හඳුන්වා දීමට කටයුතු කරනු ලැබීය.

සිය 16 වන වසර සමරනු ලබන ලොව අංක 1 රූපවාහිනී ප‍්‍රමුඛයා වන සැම්සුන් මෙතෙක් අත් නොදුටු අති නවීන නවෝත්පාදන නිෂ්පාදනයක් ලෙස 2021 Neo QLED රූපවාහිනිය වෙළෙඳපොලට හඳුන්වා දෙනු ලැබූවේ සිය ගමන්මගෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි.

2021 Neo QLED නිෂ්පාදන පෙළ නිර්මාණය කිරීම

පරිශීලකයාගේ අවශ්‍යතාවයට ගැලපෙන නව්‍ය නිෂ්පාදන

පාරිභෝගිකයින් සෑම වසරකම නව හා ආකර්ෂණීය නිෂ්පාදන බලාපොරොත්තු වුවද ඊට ඇත්තේ විශාල තරගකාරීත්වයකි. බොහෝ සන්නාමයන් සතුව සැම්සුන් හා සමාන ප‍්‍රමාණයේ රූපවාහිනී තිබෙන අතරම ඒවායේ ඒ හා සමාන විශේෂාංග හා වෙනස් ආකාරයේ තාක්ෂණයන් ඇති බවද පවසයි. මෙම තරගකාරී බව බිඳ දමමින් වඩා ප‍්‍රශස්ත පරිශීලක අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් සිය නිෂ්පාදන සංවර්ධනය කිරීම Neo QLED නිෂ්පාදන පෙළෙහි එකම අරමුණයි.

මින් අදහස් වන්නේ පාරිභෝගිකයා කේන්ද්‍ර කොට ගනිමින් සැම්සුන් කණ්ඩායම සිය QLED උපාය මාර්ගයන් ක‍්‍රියාත්මක කරන බවයි. මෑත කාලය තුළ පරිශීලකයින්ගේ අවශ්‍යතාවන්හි සුවිසල් වෙනසක් දක්නට ලැබුණු අතර ඔවුන් විවිධ විශේෂාංගවලින් ඉවත් වී තමන්ටම ගැලපෙන නැරඹුම් අත්දැකීම්, නිර්මාණ හා සැබෑ ගුණාත්මක පින්තූර කේන්ද්‍ර කොට ගනිමින් සිය අවශ්‍යතා සපුරා ගැනීමට කැමැත්තක් දක්වන බව මනාව අවබෝධ කර ගත හැකි විය.

රූපවාහිනී නිෂ්පාදනය වෙනුවෙන් නව සාමාන්‍යකරණය හඳුන්වාදීම

වත්මන් ගෝලීය ප‍්‍රවණතාවන් පරිශීලකයින් තමන්ගේ රූපවාහිනිය සමඟ කටයුතු කරන ආකාරය පරිවර්තනයකට ලක් කර ඇති අතරම එය රූපවාහිනී නිෂ්පාදන සැලසුම් කිරීම සිදු කරන ආකාරය කෙරෙහිද බෙහෙවින් බලපා ඇත. CES සහ IFA වැනි විශාල වෙළෙඳ ප‍්‍රදර්ශන කර්මාන්තය සම්බන්ධ ප‍්‍රතිචාරයන් ලබා ගැනීම සඳහා සුවිසල් අවස්ථාවක් වන අතර ඒ තුළින් පුද්ගල විකුණුම් සඳහා ස්ථානීය පාරිභෝගික ප‍්‍රතිචාරය සපයනු ලබයි. පසුගිය වසරේ මුල් භාගයේදී මෙම අවස්ථාවන්ගෙන් බැහැරව යාමට සිදු වූ බැවින් කලාපීය තත්වයන් සම්බන්ධයෙන් විවිධ කලාපීය කාර්යාලයන්ගෙන් ප‍්‍රතිචාර ලබා ගැනීමට හැකි කාලෝචිත හා කාර්යක්ෂම නව අභ්‍යන්තර තොරතුරු එක් රැුස් කිරීමේ ක‍්‍රමයක් නිර්මාණය කිරීමට සැම්සුන් කටයුතු කරන ලදී. වෙළෙන්දන්, හවුල්කරුවන්, සිල්ලර වෙළෙන්දන් සහ ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වන ආකාරයේ ස්ථාන ඇතුළත් කර ඇති මෙම ක‍්‍රමය තුළින් එම ස්ථානයේ සිටින සියලූ දෙනා සමඟ පහසුවෙන් සන්නිවේදනය කිරීමට අවස්ථාව සලසා දී ඇති බැවින් වෙනස්වන පරිසරයට අදාළ ඵලදායී ප‍්‍රතිචාර දැක්වීමකට එය ඉමහත් දායකත්වයක් සපයනු ලබයි.

2017 වසරේ QLED රූපවාහිනී නිෂ්පාදන පෙළ හඳුන්වා දුන් දා සිට අද්විතීය රූපවාහිනී වෙළෙඳපොල මහත් විපර්යාසයකට ලක් ව ඇත. පසුගිය වසරේ විකුණුම් ඒකක මිලියන 7.79කට ආසන්න වූ QLED රූපවාහිනී පෙළ සමස්ත සැම්සුන් රූපවාහිනී අලෙවියෙන් 35.5%ක කොටසක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත. එමෙන්ම සමාගමේ 2021 Neo QLED නිෂ්පාදන පෙළ මාර්තු හා අපේ‍්‍රල් මාසයන්හිදී විවිධ කලාප හරහා පසුගියදා දියත් කරන ලද්දේ සැලසුම් කණ්ඩායමේ වටිනා අවබෝධය මනාව ප‍්‍රදර්ශනය කරමිනි. කොරියාවේ පමණක් නිෂ්පාදන දියත් කිරීමෙන් පසු මාස දෙකක් ඇතුළත් QLED අලෙවිය ඒකක 20,000කට ආසන්න වී තිබීම විශේෂත්වයකි. මෙය වෙළෙඳපොල පර්යේෂණයන්හි වැදගත්කම හා කාලෝචිත පාරිභෝගික ප‍්‍රතිපෝෂණය පිළිබිඹු කරන්නකි.

නව ප‍්‍රවණතාවන්ට අනුවර්තනය වීම සඳහා සාමූහිකව කටයුතු කිරීම

පාරිභෝගිකයන් භාවිත කරනු ලබන ප‍්‍රධාන ධාරාවේ රූපවාහිනී ප‍්‍රමාණයෙන් විශාල වෙමින් පවතී. එමෙන්ම රූපවාහිනී රූප රාමුවල ගුණාත්මකභාවය පිළිබඳ ප‍්‍රමිතීන් අන් කවරදාටත් වඩා ඉහළ මට්ටමක පවතින බවද රහසක් නොවේ. කෙසේ වුවද රුපවාහිනී නිෂ්පාදනයන්හි මෙන්ම පාරිභෝගික හැසිරීම්වල ප‍්‍රවණතාවන් මෑත කාලීනව වෙනස් වීම් හේතුවෙන් සැම්සුන් නිෂ්පාදන සැලසුම්කරුවන් පුද්ගලික පාරිභෝගික ජීවන රටාවන්ට ගැලපෙන වඩා පුද්ගලීකරණය කළ රූපවාහිනී තිරයන් නිර්මාණය කිරීමට කටයුතු කර ඇත.

එසේ වුවද පාරිභෝගික පුරුදුවල වෙනස මෙම කණ්ඩායමේ උපාය මාර්ග සැලසුම් කිරීමේ සම්පූර්ණ පරිවර්තනයට හේතු වී නොමැති බවද මෙහිදී සඳහන් කළ යුතුය. ප‍්‍රථම සැම්සුන් රූපවාහිනී හඳුන්වාදීමේ සිට රූප රාමුවල ගුණාත්මකභාවය සහ සැලසුම සැම්සුන්හි ප‍්‍රමුඛතාව ලෙස යොදා ගත් අතර පාරිභෝගික භාවිත රටාවන් වෙනස් කිරීම, ඒකාකාරී අත්දැකීම් ලබා දීමේ දැඩි අවශ්‍යතාවය ද මෙම QLED නිෂ්පාදන පෙළ බිහි කිරීමට හේතු විය.

Neo QLED අසමසම විනෝදාස්වාද කේන්ද්‍රය බවට පත් කිරීම

2020 ආරම්භයේ සිට දක්නට ලැබුණු තවත් සුවිශේෂී ප‍්‍රවණතාවක් ලෙස ජංගම දුරකතනයෙන්, පරිගණකයෙන් හෝ රූපවාහිනියෙන් බහුලව game ක‍්‍රීඩා කිරීම සඳහන් කළ හැකිය. Entertainment Software Association (ESA) ආයතනය විසින් නිකුත් කළ මෑත කාලීන වාර්තාවකට අනුව එකසත් ජනපදයේ පමණක් ආසන්න වශයෙන් මිලියන 214ක පමණ වීඩියෝ ක‍්‍රීඩා කරන්නන් සිටින අතර පවුල්වලින් 75%කින් අවම වශයෙන් එක් සාමාජිකයකු ක‍්‍රියාකාරීව වීඩියෝ ක‍්‍රීඩාවල නියැලෙයි.

රූප රාමුවල ඉහළ ගුණාත්මකභාවයේ හා පෙනුමෙහි සැම්සුන් අනන්‍යතාවය පවත්වා ගැනීම

පසුගිය වසරේ හඳුන්වාදෙනු ලැබූ නවතම Neo QLED රූපවාහිනී පෙළ නොවන්නට වසර 16ක ඉතිහාසය පුරා  රූපවාහිනී තිර නවෝත්පාදනයක් සිදු නොවනු ඇත. අවසානය්දී QLED හි නවතම විශේෂාංග සහ නිෂ්පාදන විවිධත්වයට ලක් කිරීමේ උපාය මාර්ගය තුළින් රූප රාමුවල ගුණාත්මකභාවය හා නිර්මාණයේ ශක්තිමත් පදනමකින් ඉදිරියට ගෙන යනු ඇත.

සැම්සුන් රූපවාහිනී නිෂ්පාදන සැලසුම් කණ්ඩායම විසින් Neo QLED හි සාර්ථකත්වය මත පදනම්ව 2022 වසර සඳහා තවත් ආකර්ෂණීය හා පෙරලිකාර නිෂ්පාදන පෙළක් නිර්මාණය කරමින් සිටින්නේ සිය ගමන තුළ නව්‍යකරණය වෙනුවෙන් නිරන්තර දායකත්වයක් ලබා දෙන බව පසක් කරමිනි.

මෙම Neo QLED 8k රූපවාහිනී පරාසය පාරිභෝගිකයින්ට සැම්සුන්හි බලයත් හවුල්කරුවන් වන Softlogic, Singer, Singhagiri, Damro සහ Samsung e-Store වෙතින් මිලදී ගත හැකිය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − 7 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව