සැම්සුන් ලොව පුරා වඩාත්ම නවෝත්පාදන තාක්ෂණ සමාගම ලෙස ඇගයීමට ලක් වෙයි

Samsung

 



 

 

 

Capital on Tap වාර්තාවක් මගින් ලොව පුරා වඩාත්ම නවෝත්පාදන තාක්ෂණ සමාගම ලෙස සැම්සුන් මෑතකදී පිළිගැනීමට ලක් කර ඇත. ඇතැම් විට ඔවුන්ගේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ වඩාත් ප‍්‍රසිද්ධියට පත් වීමත් ලොව විශාලතම ජංගම දුරකතන නිෂ්පාදකයෙකු ලෙසත් සැම්සුන් හි තාක්ෂණය සමස්තයක් ලෙස smartphone වෙළඳපොළට තීරණාත්මක සාධකයක් වී තිබේ. දකුණු කොරියාවේ විශාල සමාගම් සමූහයක් වන chaebol 2021 දී පේටන්ට් බලපත‍්‍ර 13,024 ක් සඳහා ඉල්ලූම් කළ අතර එහිදී අනෙක් තරගකරුවන් අභිබවා පළමු ස්ථානයට පත් වීමට ඔවුන්ට හැකි විය.

Samsung Electronics හා Samsung Display ලෙස වෙනම අංශ දෙකක් යටතේ සැම්සුන් විසින් පේටන්ට් අයිතිය ලබා ගෙන ක‍්‍රියාත්මක කරනු ලබයි. මෙහිදී එම අංශ දෙක විසින් ලබා ගනු ලබන පේටන්ට් බලපත‍්‍ර (Samsung Electronics විසින් 9,499ක් හා Samsung Display විසින් 3,524ක් ලෙස) සමාගම විසින් එකට එක් කර අවසන් එකතුව ලබා ගන්නා ලදී.

සැම්සුන් මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණීම පුදුමයකි. සමාගම සෑමවිටම නවෝත්පාදනයන් කෙරෙහි දැඩි උනන්දුවකින් කටයුතු කරන අතර ඔවුන්ගේ foldable phones සමඟින් එය මනාව පිළිබිඹු විය. ඒ අනුව Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G ස්මාර්ට්ෆෝන් වෙළෙඳපොළ නව මානයකට රැගෙන යාම අරුමයක් නොවේ. මෙම devices ද්විත්වයටම ඉහළ ප‍්‍රතිචාර ලැබුණු අතර smartphones වෙළඳපොළ තුළ ඉහළ පිළිගැනීමට ද ලක් විය. සැම්සුන් සිය සම්පූර්ණයෙන් වැඩිදියුණු කළ ecosystem එක සමඟින් ඔවුන්ගේ ආකර්ෂණීය A සහ Monster M කාණ්ඩයේ smartphones සෑම වයස් කාණ්ඩයකටම පහසුකම් ද සපයයි.

මෙවැනි නව සන්ධිස්ථානයන් සමඟින් සැම්සුන් සිය ecosystem තව තවත් ශක්තිමත් කරමින් සිටී. මෙමගින් වඩාත් තිරසාර, තාක්ෂණයෙන් අනූන අනාගතයකට මංපෙත් විවර කරනවා සේම පාරිභෝගිකයින්ට ඵලදායී සහ පහසු තාක්ෂණික අත්දැකීමක් ලබා ගැනීමට ද ඉඩ සලසයි. සැම්සුන් සැමවිටම පාරිභෝගික පුද්ගලිකත්වය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා පුරෝගාමීව කටයුතු කරයි. පාරිභෝගිකයාගේ සියලූ දත්ත encrypt කර ඇති බව සහතික කිරීම සඳහා සැම්සුන් සිය පුද්ගලික නීති රීති මත ක‍්‍රියා කරයි.

ඔබ කොහේ, කොතැන සිටියත් ඔබට අවශ්‍ය සේවය  ඕනෑම වේලාවක ලබා දීමට අප සූදානම්. Samsung Galaxy smartphone එකක් මිලදී ගැනීමට ඔබ තීරණය කර ඇත්නම් එයින් ඔබේ සිතට සැහැල්ලූවක් දැනෙනු ඇත. ගැටළු හඳුනා ගැනීමට හා ප‍්‍රශස්තකරණය සඳහා ඇති අන්තර් ක‍්‍රියාකාරී Samsung Members app එක මගින් ඔබගේ දුරකතනයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පහසු වන අතරම ඔබට අමතර සහායක් අවශ්‍ය වූ විට අපගේ උපකාරක සේවාව ඔබගේ ගැටළු නිරාකරණය කිරීමට සහාය ලබා දෙයි.

Samsung අඛණ්ඩව වසර තුනක් ශ‍්‍රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව