සැම්සුන් නව්‍ය විසඳුම් සමඟින් අඛණ්ඩව වසර 14ක් ඩිජිටල් වෙළෙඳ ප‍්‍රචාරණ පුවරු වෙළෙඳපොලේ පෙරමුණ ගනී

Signage-Op 2 (LBN)

ඩිජිටල් වෙළෙඳ ප‍්‍රචාරණ පුවරු (digital signage) තාක්ෂණයේ පුරෝගාමීයා වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් නවෝත්පාදනයේ ඉදිරියෙන්ම සිටින සමාගමක් ලෙස සිය ස්ථානය එලෙසම පවත්වා ගනිමින් සහ විවිධ ක්ෂේත‍්‍ර හරහා ඩිජිටල් වෙළෙඳ ප‍්‍රචාරණ පුවරු සඳහා වන සිය භූමිකාව පරිවර්තනීය වෙනසකට ලක් කරමින් අඛණ්ඩව වසර 14ක් වෙළෙඳපොළ ප‍්‍රමුඛයා ලෙස පෙරමුණ ගැනීමට සමත්ව සිටී. Fortune Business Insight ට අනුව වසර 2026 වන විට ඩිජිටල් වෙළෙඳ ප‍්‍රචාරණ පුවරු වෙළඳපොල ඩොලර් බිලියන 35 ඉක්මවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බැවින් සැම්සුන් සමාගම නිරන්තරයෙන් වෙනස් වන මෙම කර්මාන්තයේ සීමාවන් අඛණ්ඩව පුළුල් කර ඇත.

 



 

පසුගිය දශකය තුළ ඩිජිටල් වෙළෙඳ ප‍්‍රචාරණ පුවරු හුදු වෙළෙඳ ප‍්‍රචාරණ දැන්වීමක සිට පෞද්ගලික තොරතුරු, අධ්‍යාපනය, ක‍්‍රීඩා, කලාව සහ තවත් බොහෝ දේ ප‍්‍රදර්ශනය කරනු ලබන ප‍්‍රබල වේදිකාවක් දක්වා පරිවර්තනය වී ඇත. වයිට්බෝඞ් සහ ප්‍රොජෙක්ටර් වැනි සාම්ප‍්‍රදායික තාක්ෂණයෙන් ඔබ්බට ගිය නම්‍යශීලී මෙන්ම පුළුල් පරාසයක කාර්යයන් හා හැකියාවන් ලබා දෙමින් සැම්සුන් හි Smart ඩිජිටල් වෙළෙඳ ප‍්‍රචාරණ පුවරු මෙම පරිවර්තනයේදී වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.

2023 දී සැම්සුන් සිය තාක්ෂණය භාවිතා කරන සමාගම් සඳහා පුළුල් අත්දැකීමක් ලබා දෙමින් විවිධ ක්ෂේත‍්‍ර හරහා පෙර නොදුටු ආකාරයේ අත්දැකීම් වැඩිදියුණු කිරීමට අඛණ්ඩව කටයුතු කළේය. වතිකානුවේ ශාන්ත පීතර චතුරශ‍්‍රය වැනි ඓතිහාසික ස්ථානවල සිට ඩුබායි හි Atlantis The Royal වැනි අති සුඛෝපභෝගී හෝටල් සහ නිවාඩු නිකේතන දක්වා සැම්සුන් හි උසස් තාක්ෂණයෙන් යුතු LED ප‍්‍රදර්ශනය කෙරෙන අතර සමාගමේ audio තාක්ෂණය මගින් උත්සවවල ශ‍්‍රව්‍ය අත්දැකීම් ඉහළ නංවමින් ඉතා අකාර්ෂණීය පරිසරයන් නිර්මාණය කරයි.

මේ සඳහා ලබා දිය හැකි කැපී පෙනෙන නිදසුනක් වන්නේ සැම්සුන් විසින් වේල්ස් හි Trinity Saint David විශ්වවිද්‍යාලය සමඟ අත්වැල් බැඳ ගනිමින් එම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම් අත්දැකීමේ විප්ලවීය වෙනසක් ඇති කිරීම සඳහා නිර්මාණය කර ඇති මීටර් 18ක දිගින් යුත් LED තිර සහිත සැම්සුන් හි විශේෂිත කාමරයයි. වේල්ස් හි Trinity Saint David විශ්වවිද්‍යාලයේ ඇති එම සුවිශේෂී කාමරය 2023 AV සම්මාන උළෙලේදී ‘‘වසරේ අධ්‍යාපන ව්‍යාපෘතිය” සඳහා අවසන් වටයේ තරඟකරුවෙකු ලෙස ඇගයීමට ලක් වූ අතර ඒ තුළින් ඩිජිටල් වෙළෙඳ ප‍්‍රචාරණය හරහා අධ්‍යාපනය වැඩිදියුණු කිරීමට සැම්සුන් හි කැපවීම අවධාරණය කරයි.

අධ්‍යාපනය සංවර්ධන කිරීම උදෙසා ඔවුන් ලබා දෙන කැපී පෙනෙන දායකත්වය ටෙක්සාස් ප‍්‍රාන්තයේ ඩලාස් හි Hogg New Tech Center දක්වා විහි දේ. එහි ඇති අන්තර් ක‍්‍රියාකාරී Flip Pro තිරය අන්තර් ක‍්‍රියාකාරී ඉගෙනීම් සහ සහයෝගීතාව ප‍්‍රවර්ධනය කිරීම සඳහා පහසුකම් සපයයි. මේ සඳහා සැම්සුන් 2023 EdTech Breakthrough සම්මාන උළෙලේදී අධ්‍යාපන වෙළඳපොළ සඳහා හොඳම තොරතුරු තාක්ෂණ විසඳුම් සපයන්නා (Best Overall IT Solution Provider for the Education Market) ලෙස පිළිගැනීමට ලක් විය.

සැම්සුන් හි නිෂ්පාදන පෙළට ඇතුළත් වූ නවතම අංගය වන්නේ (The Wall for Virtual Production) වන අතර එමගින් රූපවාහිනිය, චිත‍්‍රපට සහ නිර්මාණාත්මක කර්මාන්තවල නිර්මාණශීලීත්වයට සහාය වීමට සමාගමේ කැපවීම පෙන්නුම් කරයි. එය real-time දෘශ්‍ය ප‍්‍රයෝග තාක්ෂණය සමඟ පරිගණකය ඇසුරින් නිර්මාණය කළ අන්තර්ගතයන් නිර්මාණය කිරීමට, නිෂ්පාදන කාලය සහ පිරිවැය අඩු කිරීමට ඉතා විශාල ප‍්‍රමාණයේ LED බිත්ති භාවිතා කිරීමට නිර්මාණකරුවන්ට ඉඩ සලසයි.

Digital art වේදිකාවක් ලෙස සැම්සුන් හි භූමිකාව චිත‍්‍ර ශිල්පියෙකු වන නැසීගිය Park Seo-Bo සහ ලන්දේසි-ඇමරිකානු ශ‍්‍රව්‍ය දෘශ්‍ය කලාකරුවෙකු වන 0010×0010 වැනි සමකාලීන කලාකරුවන් සමඟ ඇති කරගත් හවුල්කාරීත්වයන් තුළින් මනාව පෙන්නුම් කෙරේ. නිව් යෝර්ක් නුවර Rockefeller Center සහ තායිලන්තයේ බැංකොක් නුවර වැනි කැපී පෙනෙන ස්ථානවල පවත්වන ලද ප‍්‍රදර්ශන තුළින් ද සැම්සුන් හි තාක්ෂණය කලාවට ජීවය ලබා දෙන ආකාරය නිරූපණය කරයිx තවද නවීන කලාවේ සීමාවන් අතික‍්‍රමණය කරමින් ඩිජිටල් සහ භෞතික ක්ෂේත‍්‍රවල එක්වීම ගවේෂණය කරන ආකාරය එමගින් පෙන්නුම් කරයි.

සැම්සුන් හි Smart ඩිජිටල් ප‍්‍රචාරණ පුවරු ලොව පුරා විවිධ අංශ පරිවර්තනීය වෙනසකට ලක් කරමින් ඉදිරියට යාමේදී සැම්සුන් ඉදිරි වසරවල් සඳහා නව්‍ය සහ වැඩිදියුණු කළ තාක්ෂණයන් සහ අත්දැකීම් හඳුන්වා දීමෙන් ඩිජිටල් සන්නිවේදනයේ අනාගතය හැඩගස්වා ගැනීමට ඉහල ප‍්‍රගතියක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙයි.

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් යනු පුද්ගලයින් සහ ව්‍යාපාර සඳහා නව්‍ය විසඳුම් සපයනු ලබන ප‍්‍රමුඛ පෙළේ ගෝලීය තාක්ෂණික සමාගමකි. විශිෂ්ටත්වයට සහ සීමාවන් අතික‍්‍රමණය කිරීමට කැපවී සිටින සැම්සුන් අඛණ්ඩව වසර 14ක් ඩිජිටල් ප‍්‍රචාරණ පුවරු වෙළෙඳපොලේ ප‍්‍රමුඛයා ලෙස පෙරමුණ ගෙන සිටී.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 + 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව