
JAT Holdings PLC සමාගම විසින් දියත් කළ සුවිශේෂී JATPOT 2024 පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් විය. එම වැඩසටහන හරහා ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින ගනුදෙනුකරුවන්ට සහ වෙළඳ නියෝජිතයන්ට රුපියල් මිලියන 17ක ත්‍යාග පිරිනැමීමට කටයුතු කෙරිණි. මෙම ත්‍යාග පිරිනැමීමේ උත්සවය පසුගිය 2025 මැයි 16 වැනි දින JAT Holdings ප්‍රධාන කාර්යාලයේදී උත්සවප්‍රකාරයෙන් පැවැත්වින. නිල වශයෙන් මෙම වැඩසටහනට සුදුසුකම් ලැබූ පිරිස අතුරින් තෝරාගත් ජයග්‍රාහකයන් කණ්ඩායමකට ඔවුන්ගේ ත්‍යාග පෞද්ගලිකව ප්‍රදානය කෙරුණු අතර, එහිදී රුපියල් මිලියන 15 ට අධික මුදල් ත්‍යාගවල කොටසක් පිරිනැමිණි.
JATPOT 2024 වැඩසටහන සැලසුම් කර ඇත්තේ පාරිභෝගිකයන්, පින්තාරුශිල්පීන් සහ වෙළඳ නියෝජිතයන්ට යන සියලුම පාර්ශවවල කැපවීම හඳුනාගෙන ඔවුන්ට ප්‍රතිලාභ ලබාදීම වෙනුවෙනි. Sayerlack, Masters, J-Chem, Borma Waches, White by JAT, Wallz, Harris, සහ Brush Master ඇතුළු තෝරාගත් JAT සන්නාම අතුරින්, සුදුසුකම් ලැබූ බලයලත් අලෙවිකරුවන් වෙතින්, අවම වශයෙන් රු. 10,000ක් වටිනා භාණ්ඩ මිලදීගත් පාරිභෝගිකයන්, සිය මිලදීගැනීම් පිළිබඳ රිසිට්පත ඉදිරිපත් කිරීමෙන් දිනුම් ඇදීමට ඇතුළත් වීමට සුදුසුකම් ලබා තිබිණි.
ජයග්‍රාහකයන් තෝරාගැනීමේ ක්‍රියාවලිය 2024 දෙසැම්බර් මාසයේදී බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ මඟපෙන්වීම සහ දැඩි අධීක්ෂණය යටතේ සිදුකරන ලද අතර, එම ක්‍රියාවලිය පුරාම විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කරන ලදී. අවශ්‍ය සියලුම කරුණු සහතික කරගැනීමෙන් සහ අනෙකුත් තහවුරු කිරීමේ ක්‍රියාපටිපාටි සම්පූර්ණ කිරීමෙන් පසු 2025 මැයි මාසයේ පැවැති උත්සවයේදී ත්‍යාග බෙදාදෙනු ලැබිණි.
මෙම වැඩසටහනට සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන ආකාරයෙන් අතිමහත් ප්‍රතිචාරයක් ලැබුණු අතර, මුදල් ත්‍යාග දිනාගන්නා ජයග්‍රහයකයන් අතරට එක්වීමට දහස් ගණනක් දෙනා සහභාගී වූහ. පළමු ත්‍යාගලාභීන් අතර රුපියල් 1,000,000 බැගින් දිනාගත් ජයග්‍රහයකයන් තිදෙනකු, රුපියල් 500,000 බැගින් දිනාගත් ජයග්‍රහයකයන් දසදෙනකු සහ රුපියල් 100,000 බැගින් දිනාගත් ජයග්‍රහයකයන් විසිදෙනකු විය. ඊට අමතරව, ජයග්‍රහයකයන් 450 දෙනකු රුපියල් 10,000 බැගින් දිනාගත් අතර, ජයග්‍රාහකයන් 1,000 දෙනකුට රුපියල් 500 බැගින් වටිනා රීලෝඩ් හිමිවිය.
ත්‍යාග පිරිනැමීමේ උත්සවයේදී JAT නිෂ්පාදන අලෙවි කරන වෙළඳසැල්වල හිමිකරුවන්ද ගෞරවයට පාත්‍ර වූ අතර, උත්සවය සඳහා සහභාගී වූ නියෝජිතයන් හයදෙනකුට එදින අදාළ ත්‍යාග හිමිවිය. වෙළඳ නියෝජිතයන් 27 දෙනෙකු තම වෙළඳසැලට සම්බන්ධ පාරිභෝගික මිලදී ගැනීමේ කාණ්ඩය අනුව රු.2,000 සිට රු.100,000 දක්වා මුදල් ත්‍යාග දිනාගත්හ.
මෙම ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් JAT Holdings PLCහි අලෙවිකරණ අධ්‍යක්ෂ ඩිල්ෂාන් රොද්‍රිගෝ මහතා මෙසේ පැවැසීය: “JATPOT යනු අලෙවිකරණ ක්‍රියාකාරකමක් පමණක් නෙවෙයි. මෙම වැඩසටහන, JAT අද පවතින තත්ත්වයට පත්කළ අපගේ පාරිභෝගිකයන් සහ වෙළඳ නියෝජිතයන් ඇගයීමක්. මේසා විශාල තරගාවලියක් සංවිධානය කරමින් ක්ෂේත්‍රයට නායකත්වය ලබාදීමට හැකිවීම පිළිබඳ අපි ආඩම්බර වෙන අතරම සෑම දිනකම අපගේ වෙළඳ නාමය විශ්වාස කරමින් කටයුතු කරන අය සමඟ අපගේ සාර්ථකත්වය බෙදාගැනීමට ලැබීම ගැන අපි අතිශය සතුටු වෙනවා”.
JATPOT තරඟය දේශීය තීන්ත සහ ආලේපන අංශයේ තරඟවලිවලින් විශාලතම වැඩසටහනක් වන අතර එය JAT හි පාරිභෝගිකයන් සහ වෙළඳ ප්‍රජාව සමඟ ශක්තිමත් අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීමට ඇති හැකියාව ප්‍රදර්ශනය කර ඇත. එමගින් JAT හි පුළුල් නිෂ්පාදන පෙළෙහි ශක්තිය ප්‍රදර්ශනය කරන අතරම, සන්නාමය ශක්තිමත් ලෙස ජනතාව අතරට ගොස් ඇති ආකාරයද දැකගත හැකිවේ.
පැහැදිලි අරමුණු සහිත ඉදිරි සැලැස්මක් සමගින් JAT Holdings සමාගම වටිනාකම් මත පදනම් වූ ප්‍රවර්ධන හා හවුල්කාරී වැඩසටහන් වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කිරීම මගින්, පාරිභෝගිකයින් සම්බන්ධ කර ගනිමින්, ප්‍රතිලාභ ලබාදෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දැවාලේපන, තීන්ත හා ඒ ආශ්‍රිත විසඳුම් සැපයුම්කරු ලෙස සිය ස්ථානය ශක්තිමත් කරගෙන ඇත.